Showing all 2 results

Other, දේශපාලන - Political, සත්‍ය සිදුවීම් - True Events, සිංහල-Sinhala

බටලන්දට ගිනි තැබුවෙමු | Batalandata Gini Thabuwemu

රු900.00
or 3 X රු300.00 with

“බටලන්දට ගිනි තැබුවෙමු” ජන මාධ්‍ය කරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. ‘ බටලන්ද කොමිසම ආරම්භ වුයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය ජිවත් වු හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත සීණුව , ගිනි සිළුව ‘රාවය, ‘මව්බිම’, රතු තරුව සහ සතිඅග අරුණ පුවත්පත්වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ’ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 -2001) විය. ඔහු පුරෝගාමී ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරා අරච්චිගේ ස්ත්‍රී දුෂණ නඩුව පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය’ හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන් විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තා කරණයට හා ගවේෂණාත්මක ජන මාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.

හිටපු ලොක්කන්ගේ රස කතා / Hitapu lokkange rasa katha

රු720.00
or 3 X රු240.00 with

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් “ටැප් කිරීම” විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් “ටැප් කිරීම” සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක්‍රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන “ටැප් කිරීම” කතාවේ තිරය පිටුපස චරිත වූහ