Showing 1–24 of 27 results
Price
Political
71 Karalla Yapanaya | 71 කැරැල්ල යාපනය

71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරවනු වස් විවිධ මුලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.
එනයින් කුතුහලාත්මක පාඨකයා ද ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද
සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.
71 කැරැල්ල පොත් එකතුව

71 කැරැල්ල යාපනය – එච්.බී.ගුණරත්න (පිටු 644) – 15% වට්ටම සමග මිල රු. 1700/=
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු – ගාමිණී මුතුකුමාරණ (පිටු 552) – 10% වට්ටම සමග මිල රු. 1800/=
කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීර ලබා දුන් කට උත්තරය – 20% වට්ටම සමග මිල රු. 360/= යි.
71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
———————————————————————-
අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
———————————————————————–
ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
————————————————————————–
පොත් 3ම වට්ටම් සමග මිල රු. 3860/= කි. (බෙදාහැරීමේ ගාස්තු අය වේ.)
KOKO හරහා පහසු වාරික තුනකින් ගෙවීමේ හැකියාව ඇත.
Athdekeem Kihipayak.Rohana vijeweera|අත්දැකීම් කිහිපයක් රෝහණ විජේවීර
රු100.00
Demala Eelam Aragalayata Wisaduma Kumakda|දෙමළ ඊළාම අරගලයට විසඳුම කුමක්ද රෝහණ විජේවීර
රු500.00
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී.
සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්‍රගතිශීලී බලවේගයන් මතය.
එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.
INTERVENTIONS – Selected Political Writings

Interventions features more than 30 published writings by Dr. Dayan Jayatilleka, one of Sri Lanka’s leading public intellectuals, a political scientist, former activist, academic and ambassador who is recognized for his independent-mindedness and speaking “truth to power” regardless of personal and career consequences. The essays have been carefully selected by the editors from a number of publications, both local and international which they felt would benefit from being assembled into a book for the lessons they impart as original insights and analyses of an enduring nature. It is also a distillation of the author’s life and career, his abiding interests and interventions in political affairs and discussions.
Ambassador Jayatilleka perusing the original Prison Notebooks of Antonio Gramsci, Moscow 2019. It was the second time ever the Notebooks had been exhibited outside Italy.
The editors compiled an exhaustive catalogue in 2023. The final selection reflects the complexities of contemporary crises, both national and international, and are a window into the politics of Sri Lanka and the world. As such it is of lasting relevance to every student of politics, national and global, and political ideas.
Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.
Muthu Wisi Kireema | මුතු විසි කිරීම | Casting Pearls

මුතු විසිකිරීම – ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය හා සම්බන්ද ස්ත්රීන්ගේ ප්රථම අරගලය පිළිබඳ විස්තරයකි. සර්වජන ඡන්දබලය පිළිබඳව උණුසුම් වාද විවාද සිදු වූ මෙන්ම ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් ස්ත්රීන්ට ඡන්ද අයිතිය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමක් හා සමාන යැයි ප්රකාශ කරන ලද 1920 දශකය යනු දේශපාලන ප්රබෝධයක් හා සමාජ විපර්යාසයන් සිදු වූ කාල පරිච්ඡේදයකි. ස්ත්රී ඡන්දබල සංගමයේ පුරෝගාමී ස්ත්රීහු සියලුම ආධානග්රාහින්ට අභියෝග කළ අතර ස්ත්රීහු ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය, මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය සහ ව්යවස්ථාදායකයේ අසුන් ගැනීමේ අයිතිය වැනි ස්ත්රීන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව ඉදිරියට පැමිණියහ. ඩේසි බණ්ඩාරනායක ආර්යාව, වෛද්ය නල්ලම්මා සත්ය වාගීස්වර අයියර්, ෆ්ලොරින්ඩා විජේකෝන්, ඇග්නස් ද සිල්වා, වෛද්ය මේරි රත්නම්, නෙලී ගුණසේකර සහ ලීලාවතී අසරප්පා ඇතුලු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් උද්යෝගිමත් ස්ත්රීහු බොහොමයක් මෙම ව්යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන් මුහුණ දුන් විරෝධය විකාරරූපී බවකින් හා නිස්සාරත්වයෙන් යුක්ත වූ අතර එම විවේචන පාලනය කරගැනීමටත් ඒවාට තියුණු පිළිතුරු දීමටත් ප්රතිසංස්කරණවාදීනියන්ට හොඳින් හැකිවිය. සර්වජන ඡන්ද අයිතිය සහ ස්ත්රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ප්රජාතන්ත්රවාදයේ අත්යවශ්ය අංගයක් යැයි විශ්වාස කළ ලිබරල් හා ප්රගතිශීලී පිරිමින්ගේ සහායද ඔවුන්ට ලැබුණි. 1932 වන විට රාජ්ය මන්ත්රණ සභාවේ ස්ත්රීන් දෙදෙනෙක් විය. ඔවුන් ඇඩලීන් මොලමුරේ සහ තේසුම් සරවනමුත්තු ය. මෙම කෘතිය ශ්රී ලංකාවේ ස්ත්රී ඉතිහාසය ලේඛනගත කිරීමට වැදගත් එකතු කිරීමක් වනු ඇත.
ස්ත්රීවාදී ගැටලු පිළිබඳව බෙහෙවින් ලිපි ලේඛන ලියා ඇති මාලතී ද අල්විස් මානව විද්යාඥවරියකි.
කුමාරි ජයවර්ධන දේශපාලන විද්යාඥවරියකි. කම්කරු ව්යාපාරය, සමාජ පංති, ජනවාර්ගිකත්වය සහ ස්ත්රීවාදය යන ක්ෂේත්රවලට අදාලව ලිපි ලේඛන ප්රකාශයට පත් කර ඇත.
Shreshta Octobar Viplawaya Newatha Kiyaweemak|ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නැවත කියවීමක්
රු350.00
soviet diviyaka mathaka suwada 01|සෝවියට් දිවියක මතක සුවඳ පළමු කොටස
රු400.00
soviet diviyaka mathaka suwada 2nd book|සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස
රු550.00
WickramanwithaAragalayak Thiththa Parajayak|වික්‍රමාන්විත අරගලයක් තිත්ත පරාජයක්
රු350.00
කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැදින්වීමක් | Kal Maksge Pragdanaya Keti Hadinweemak

අවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකු සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වු කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගක් – ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් තිවහොත්, වාණිජ්‍යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන්‍ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වු سعد…
සුමන සිරි ලියනගේ
Karl Marx, Poverty of Philosophy p.12 පරිවර්තනය ධනුෂි පලිහේන