Showing 1–24 of 42 results
Price
Rasakatha Books
1,000 Gift Voucher
රු1,000.00
Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.
මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි
1,500 Gift Voucher
රු1,500.00

2,000 Gift Voucher
රු2,000.00

5 MINUTES in the morning

අගෝස්තු 21 වෙනිදා නිකුත් වේ
Just 5 minutes…
ඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත.
මෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත.
One gentle moment in the morning can echo through your whole day start small, and watch everything change
5,000 Gift Voucher
රු5,000.00
Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.
මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි
500 Gift Voucher
රු500.00

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න
Chérie Chérie – SWEETHEART

Chérie Chérie SWEETHEART
මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා
Guilt – Faculty Of Sex 02

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
Kasthuri Suwada | කස්තුරි සුවඳ

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
Romance, LGBTQIA+, New Adult
Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.
Lavender – ලැවෙන්ඩර්

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
Love – Faculty of Sex 03

Intro
හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.
ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.
හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.
මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.
නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
Chinthana Dharmadasa
SEX – Faculty Of Sex 01

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. පිරිමි මේ කතාව එලියට කියන්නෙ නෑ. එහෙම කියනවා මං අහලා නෑ. පිරිමියෙකුට ගෑනියෙක් එක්ක සෙක්ස් කරලා විතරක් කායිකව ගන්න පුළුවන් තෘප්තියක් නෑ. එහෙම තියෙනවා නම් ඒ කෙනා සෑහෙන අසහනයකින් ඉන්න කෙනෙක් වෙන්න ඔ්න. සෙක්ස් කරලා ධාතු පහවෙලා ඉවර වෙද්දි සියදිවි නහගන්න තරමෙ හිස්කමක් එනවා. මේ හිස්කමට මූනදෙන්න අමාරුයි. එතනදි ඔ්න වෙනවා අනිත් මනුස්සයා එක්ක කතා කරලා හුවමාරු කරගන්න දෙයක්. ඒක ජීවිතෙන් කෑල්ලක් වෙන්න ඔ්න. ඒ මනුස්සයා කතා කරන්න දන්න, අපේ හැගීම් එහාට මෙහාට ෂෙයාර් කරගන්න දන්න කෙනෙක් නොවුනොත් සෙක්ස්වල තෘප්තියක් නෑ. ශරීරයක් බෙදාගන්නවා, කෙටි කාලීන අත්දැකීමක් බෙදාගන්නවා කියන කාරණාවට එහා පැවැත්මක් බෙදා ගන්නවා කියන තැනට යන්න පුළුවන් වෙන්නෙ ඔය ක‍්‍රියාවලියෙන්. ගෑනියෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් හරි කසාද ජීවිතේකදි හරි හම්බුවෙන වටිනාම දේ මේක. පේ‍්‍රමයත් එක්ක ෂෙයාර් කරගන්න තියෙන දේවල් අසීමිතයි. ඒ හැමදෙයක්ම සෙක්ස් මත පදනම් වෙන්නෙ නැති වුනාට සෙක්ස් හොඳට කරන මිනිහෙක් තමන්ගෙ පාට්නර් එක්ක හොඳට සුවපහසු වෙන්න දන්නවා.
-චින්තන ධර්මදාස-
අඩුම තරමේ අපි හමුවුණා | At least we met

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…
අමාවක හස | Amawaka hasa

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…
මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.
ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා
මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?
ඒ දෙකම එපා
එහෙනම්?
මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…
අවපසට ආවඩම් | Awapasata Awadam

ජනවාරි 20 වෙනිදා නිකුත් වේ.
“අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්වාද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරීයට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.”
නිසල් ජයවර්ධන
“ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..”
වාසිත වර්ණකුලසූරීය
සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.
ඉරැස්මා වර්ණකුලසූරිය
අසමජ්ජාති ආදරය | Asamajjathi Aadaraya

අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි. ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.
“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක..
“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙතවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම් ඇතුළට යන්න යන්න ඉන්ටර් නෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, ජේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”
“ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මචං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”
ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”
ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani

වැරද්දක් දැක්කාම බකන් නිලන් ඉන්නෙ නැතිව මකලා නිවැරදි කළා.
අන්තිමට පෑන් පැන්සල් ඉතිරි වුණා..
මකන හැමදාම අතුරුදහන් වුණා…..
ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න
හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

ප්‍රේමයේ ඉරිතැළුම් වලට
සොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වත්කම්
කාලයා විසින් විසඳාවි
රිදුම් දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්
හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”
ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්