Showing 1–24 of 66 results

Rasakatha Books

5 MINUTES in the morning

රු680.00
or 3 X රු226.67 with

 

Just 5 minutes…

ඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත.

මෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත.

One gentle moment in the morning can echo through your whole day start small, and watch everything change

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 X රු133.33 with

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න

අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න

ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 X රු213.33 with

Chérie Chérie SWEETHEART

මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

Diary Of Oliviya / ඩයරි ඔෆ් ඔලීවියා

රු680.00
or 3 X රු226.67 with

එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.

කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .

කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .

හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 X රු320.00 with

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.

Guru Geethaya | ගුරු ගීතය

රු600.00
or 3 X රු200.00 with

වර්ණ පින්තූර සමඟ ගුරු ගීතය නව ආකාරයෙන් ඔබ වෙත
ඔබ සිතින් පමණක් දැකගත් අල්තීනායි සහ දුයිශේන්,
දැන් ඔබගේ ඇස් ඉදිරියේ ප්‍රථම වරට වර්ණවත් වෙයි.

 

ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
හිම කැට සහිත මහ නපුරු සුළිසුළං හමාවි.
එහෙත් වසන්තය එනවා සත්තයි….

 

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 X රු933.33 with

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

 

කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…

“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”

– සුවහස් මනරු හැඩපත්විල –

*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

Romance, LGBTQIA+, New Adult

Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

රු360.00
or 3 X රු120.00 with

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.

ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.

Lavender – ලැවෙන්ඩර්

රු600.00
or 3 X රු200.00 with

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්… 

හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක… 

මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්.. 

 

Love – Faculty of Sex 03

රු1,080.00
or 3 X රු360.00 with

Intro

හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.

ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.

හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.

මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.

නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.

ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.

Chinthana Dharmadasa

Mother’s Day Offer

රු4,012.50
or 3 X රු1,337.50 with

Motivation Book Collection Offer

රු2,512.50
or 3 X රු837.50 with

My Bully My Love

රු1,800.00
or 3 X රු600.00 with

 

“පපු කැවුතු අස්සට ලෝදිය ගලනකොට, වියරු වැටෙන මේ ඇස්වත් නවත්තගන්න බැරි මට සමාව දීපන් මල. ඒත් හිරෝශිමාවට බෝම්බ නොවැටෙන්න දුන්න පොරොන්දුව අදටත් වලංගුකොට, ඔලියන්ඩර් මල තැලෙනවා බලන් මේ හිත කොහේ ඉවසන්නද..

ඉතින් බලන් ඉන්න අමාරුයි මේ හිතට තව.. නත්තල වෙනකන් කල් දුන්න මේ හිත නපුරුයි කියලා නොදන්නවා නෙවේ මම.. ඒත් කලු පාටට හැරීමක් නෑ තව.. පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මට..”

─────────────

චක්‍රාවාට පොකුරු මිලියන ගණන්! ක්ෂීරපථය එක වැලි තුඩක්!
‘ජීවය නැති බව අනුමානය- ‘
ම්හ්ම් ! ජීවය ඇති කප්පරක් !

ඒ මන්දාකිණියක් හොරාට ඇවිදින් චුට්ටන් ඇස් අස්සක හැංගිලා කාටත් හොරෙන්!
වහ වැටිලනේ ඒ ඇස්වලට සඳවතක්!
කොහොම අමතක කරන්නද අලු ගොඩෙන් පිපුණ ඔලියන්ඩර් මලත්!
ඒත් ඒ හිත..
කෙනෙක්ට මලක්, කෙනෙක්ට හඳක්, කෙනෙක්ට..
යකෙක්..!

─────────────

ඉතින්, හැල්මේ දුවන ලෝකයේ විඩාබර වෙන ඔයාට, හිතුණා නම් වෙනස් කතාවක නැවතිලා හුස්ම ගන්න, මනාප නම් රහස් ගොඩක් අස්සේ හැංගිලා විටින් විට පුදුම වෙන්න, ලෝභ නම් අසීමාන්තික බැඳීම් අස්සේ හිත රිදෙන ගමන් නිවෙන්න, මේ කතාව ඔයාට..

No 14 Hanan Street English Edition

රු1,520.00
or 3 X රු506.67 with

Someone asked me what countryside life really like. It is like sprinkling a bit of salt and pepper over Turkish pide bread, soaking it in an egg wash made with fresh cow’s milk, topping it with sesame seeds, and eating it steaming hot after toasting both sides. It is like the sound of golden pan-fried potato slices seasoned with parsley, crunching perfectly with every bite.

It is like the aroma of hot pasta tossed with sunflower seeds, basil leaves, and olive oil, baked with a generous helping of mozzarella cheese. And it is like the sound of pouring a hot cappuccino, onto a wooden table where a bouquet of lilies smiles from a porcelain jug, surrounded by six old chairs.

“Romana lives in a small village in Australia” these are now my favorite words to hear. Within those words lies everything about me!

Romana
No. 14,
Hannan Street

Peppermint | පෙපර් මින්ට් – Daily Love Dose

රු720.00
or 3 X රු240.00 with

Daily Love Dose

මෙහි ඇති පරිවර්තිත සටහන් ද, මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම් ද යන සියල්ල ජීවිතයේ අඳුරුතම සෘතුවක වෙසෙන, නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා vitamin, pain killers, antibiotic සහ energy boosters අවැසි සියල්ලන් වෙනුවෙනි.

Peppermint – Thought Notes

Rasakatha New Books Collection

රු4,875.00
or 3 X රු1,625.00 with

Romana’s book collection

රු3,937.50
or 3 X රු1,312.50 with

SEX – Faculty Of Sex 01

රු720.00
or 3 X රු240.00 with

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. පිරිමි මේ කතාව එලියට කියන්නෙ නෑ. එහෙම කියනවා මං අහලා නෑ. පිරිමියෙකුට ගෑනියෙක් එක්ක සෙක්ස් කරලා විතරක් කායිකව ගන්න පුළුවන් තෘප්තියක් නෑ. එහෙම තියෙනවා නම් ඒ කෙනා සෑහෙන අසහනයකින් ඉන්න කෙනෙක් වෙන්න ඔ්න. සෙක්ස් කරලා ධාතු පහවෙලා ඉවර වෙද්දි සියදිවි නහගන්න තරමෙ හිස්කමක් එනවා. මේ හිස්කමට මූනදෙන්න අමාරුයි. එතනදි ඔ්න වෙනවා අනිත් මනුස්සයා එක්ක කතා කරලා හුවමාරු කරගන්න දෙයක්. ඒක ජීවිතෙන් කෑල්ලක් වෙන්න ඔ්න. ඒ මනුස්සයා කතා කරන්න දන්න, අපේ හැගීම් එහාට මෙහාට ෂෙයාර් කරගන්න දන්න කෙනෙක් නොවුනොත් සෙක්ස්වල තෘප්තියක් නෑ. ශරීරයක් බෙදාගන්නවා, කෙටි කාලීන අත්දැකීමක් බෙදාගන්නවා කියන කාරණාවට එහා පැවැත්මක් බෙදා ගන්නවා කියන තැනට යන්න පුළුවන් වෙන්නෙ ඔය ක‍්‍රියාවලියෙන්. ගෑනියෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් හරි කසාද ජීවිතේකදි හරි හම්බුවෙන වටිනාම දේ මේක. පේ‍්‍රමයත් එක්ක ෂෙයාර් කරගන්න තියෙන දේවල් අසීමිතයි. ඒ හැමදෙයක්ම සෙක්ස් මත පදනම් වෙන්නෙ නැති වුනාට සෙක්ස් හොඳට කරන මිනිහෙක් තමන්ගෙ පාට්නර් එක්ක හොඳට සුවපහසු වෙන්න දන්නවා.

-චින්තන ධර්මදාස-

Valentine’s Special Book Collection

රු4,237.50
or 3 X රු1,412.50 with

Velvet ප්‍රේමය | Velvet Premaya

රු680.00
or 3 X රු226.67 with

ලියන්න අහිමි වෙන්නම ඕන

මිනිස්සුන්ට ඇස් රිදෙනකල් අඬන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සැනසීමෙන් නින්ද යන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට හදවතින් හිනාවෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට අමුත්තක් ලියන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සනීපෙට ඇහැරෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට නැවුම් දේ හිතන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට කේන්තිය ඉවසන්න, ආදරේ ඕනෙ.

දැනෙන්න ඉඹින්න. නැටුම් බැරුවත් නටන්න. වියරුවෙන් වයන්න ආදරය ඕනෙ. පපුවට දැනෙන්න සින්දු කියන්න ආදරය ඕනෙ මිනිස්සුන්ට ලියන්න ආදරේ අහිමි වෙන්නම ඕන.

දන්නවද?

එහෙම හිතුවම ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ ආදරේ අහිමි වුණු මිනිස්සු. නැත්තං ලෝකෙට කොයින්ද මේ තරම් කවි පොත්?

Women’s Day Book Collection

රු4,687.00
or 3 X රු1,562.33 with

අවපසට ආවඩම්
පෙපර්මින්ට්
ගෑනු දෙන්නෙක්
5 minutes in the morning
සන්තෝෂ තාරකා එළි

Zugzwang | සුග්ස් වැන්ග්

රු1,480.00
or 3 X රු493.33 with

2025 ඔක්තෝබර් මාසයේ මිදුම්බර වැසි රාත්‍රියක, ආර්යන් Silver Stones’ වෙත පියනැගුවේ ඔහුටත් නොදැනී ආ අද්භූත පෙළඹ වීමකිනි.

කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණ ද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි.

පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළ ගැසෙද්දී, බංගලාවේ මධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි.

එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?

‘Zugzwang’ යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැබෑ භීතිය වන්නේ, තැබිය හැකි සැම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි.

‘Silver Stones’ තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

අඩුම තරමේ අපි හමුවුණා | At least we met

රු600.00
or 3 X රු200.00 with

 

උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…

අමාවක හස | Amawaka hasa

රු1,680.00
or 3 X රු560.00 with

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා

මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?

ඒ දෙකම එපා

එහෙනම්?

මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…