Showing all 15 results

Religion

Made in India / මේඩ් ඉන් ඉන්ඩියා

රු441.00
or 3 X රු147.00 with

ඒ විෂ්ණු ගැන අපි මුලින්ම අහන්නෙ හින්දු වේදයේදී, තථ්‍ය ලෝකයේ නැතිර පවත්නා ශක්ති ප්‍රවාහයක් හැටියට. විශ්වයම ප්‍රභාස්වර කළ දෙවියකු හැටියට. මේ විෂ්ණු ගැන අපි අහන්නේ, සිංහල කතා කලාව වෙනස් ඉසව්වකට ඇදගෙන යන චුම්බක ශක්ති ප්‍රවානයක් හැටියට. තමන්ගෙ ජීව්තයේ අඳුරු කලාප වලට විලක්කු අවුලලා එබෙන එක, එසේ මෙසේ පුතෙකුට කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ඒ එබිකම ඒ සා අතිශය පෞද්ගලිකයි. කොදෙව්වේ සංස්කෘතික සීමා, සාහිත්‍ය කිලි තහංචි ගැන. ඒ හැටි වද නොවී සරල, සුගම බස් වහරකින් විෂ්ණු මේ වියමන් කරන්නේ සංචාර ආඛ්‍යායනයක් ම නෙවෙයි. ඔහුම කියන විදියට රස්තියාදු මතක සංචිතයක්. විෂ්ණුගේ විචිත්‍රවත් කතා ගඟුල වරෙක තාණ්ඩව වේශයෙනුත් තවත් වරෙක ලාස්‍යයවත් ගලාගෙන යනවා.
ඒ විෂ්ණු නපුර, අනිෂ්ටය, වියවුල, අනර්ථය එළඹෙන යාමයට දස අවතාරයකට රූපාන්තරණය වෙලා, ලෝකයාට සෙන සලසනවා වගේම මේ විෂ්ණු MADE in INDIA හරහා සිංහල කතා කලාවේ දෝස නිවාරණය කරනවා කියල අපි ලියන්නෙ අතිශයෝක්තියකින් නෙවෙයි. ඒ විෂ්ණු දෙවියෙක් වුණා වගේම, මේ ලියන නිර්භය සෝපහාසී ලතාව නිසාම මේ විෂ්ණු කියන්නෙත් එක්තරා ආකාරයක අවතාරයක් ම වෙන්න ඇති කියලයි අපට හිතෙන්නෙ.

Wishwasayange Yatharthaya | විශ්වාසයන්ගේ යථාරථය

රු360.00
or 3 X රු120.00 with

මිනිසාගේ දැණුම සොයා යාමේ ක්‍රමවේදය ක්‍රි. ව. 16 වන ශත වර්ෂයේ සිට විද්‍යාව වීමත් සමග රැය දවල් ඇතිවීම, විශ්වය, විදුලි කෙටීම මෙන්ම ලෙඩ රෝග ආදි බොහෝ දේ ගැන යථාවබෝධය ලබාගත හැකිවිය. එහෙත් විවාදයට ලක්වන පුනරුත්පත්තිය, හොල්මන් වැනි අධිභෞතික සංසිද්ධි විද්‍යාත්මක විධි මගින් පර්යේෂණයකට ලක් කල නොහැක. එයට මුලිකම හේතුව ඒ සඳහා සාම්පල් හොතිබීමත් තිබෙන සාම්පල වල අධික විචල්‍යත්වයන්ය. එම නිසා සිදුකල හැක්කේ හේතු හා සාක්ෂි මත එම විශ්වාසයන් යතාර්ථවාදීව අධ්‍යනය කිරීමය. මෙම ග්‍රන්ථයෙන් එවැනි විමසුම් ඉදිරිපත් කෙරේ.

ගෞතම බුද්ධ රාජ්‍යය සහ තවත් විවාදාපන්න ලිපි | Gauthama buddha Rajya saha thawath wiwadapanna lipi

රු225.00
or 3 X රු75.00 with

විශේෂණ පදයකින් ඔහු හැඳින්වීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් මෙකී නොකී සියල්ලෙන් පරිබාහිර වූ කිසියම් හෝඩුවාවක් ඔහුගේ නිර්මාණ සරණි තුළින් මට ඉව කළ හැකිව තිබේ. ඒ. ලෝකය මෙන්ම සකලවිධ වූ සමාජ සංස්ථා ප්‍රශ්න කිරීමට ඔහු තුළ වන වුවමනාවයි. ගල් පිළිම මෙන් පෙනී සිටින බොල් පිළීම් හමුවේ චෝදනාපත්‍ර ගොනු කිරීමට ඔහු තුළ වන ශක්තියයි, මේ සියල්ලටම හේතු පාදක වූ ඔහුගේ තුන්වැනි ඇසයි. ඩබ්ලියු. වී. අබේසිංහ යනු තනිකරම ප්‍රශ්න පත්‍රයකියි සිතෙන කරමට විවාදාපන්න ප්‍රශ්න මාලාවක් ඔහුගේ තීරු ලිපි ඔස්සේ වරින් වර එළි දැක තිබේ

අටේ සිංහයන්ගේ අදහස් උදහස් සියල්ල එකට ගොනු කළ කළ පෙනෙන ආකාරයට, එක වචනයකින් අපට ඔහු හැඳින්විය හැකි වන්නේ “විප්ලවවාදියෙක් ලෙසය. එහෙත් මාක්ස්වාදය හැදෑරුවද, කාල් මාක්ස් අනුදත් පුද්ගලයකු වුවද, මාක්ස්වාදියකු වශයෙන් අපට ඔහු පෙනී යන්නේ නැත………බොහෝ අවස්ථාවලදී ඔහු අතිශය හෘදයංගම ලෙස උත්කර්ෂයට නැඟූ චරිතය ” බුද්ධ චරිතය’යි. අපට හැගෙන දැනෙන හැටියට නම්, අබේසිංහයන් අද්විතීය ලෙස – පුජනීය ලෙස සැලකූ මනුෂ්‍යයා බුදුන් වහන්සේය……….මේ අනුව පෙහී යන්නේ විප්ලවවාදියකුට වඩා “මධ්‍යස්ථ මතධායෙකු ලෙස අමේසිංහයන් හැඳින්වීම වඩාත් යුක්ති යුක්ත යයි කියාය. අබේසිංහයෝ අදටත් මේ මධ්‍යස්ථ භාවයේ එළිපත්ත මත රැඳි සිටිති.

කැත්ලින් ජයවර්ධන

බෞද්ධ පැවිදිසි නීතිය | Baudda Pawidisi Nithiya

රු1,260.00
or 3 X රු420.00 with

සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වන නීතිය ගැන වැඩිදුර කථාකෙරෙන පොතකි. භික්ෂූන් වහන්සේලාගේත්, පන්සල්, පිරිවෙන්, විහාර හෝ ආරාම යන බෞද්ධාගමික ස්ථානවලත් අයිතීන්, යුතුකම්, වරප්‍රසාද, සුරක්ෂතා සහ දුබලතා පාලනය කරන නීතිය බෞද්ධ පැවිදිසි නීතියයි. මෙම නීති සමස්තයක් වශයෙන් බෞද්ධාගමික ස්ථානයක කළමනාකරණය සහ නඩත්තුව, හිමිකාරිත්වය සහ නායක හිමි පත්කිරීම. විහාරස්ථානයේ සංවිධානය සහ සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වේ.

 

බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සහ පැවිදි ප්‍රජාවගේ වැඩි වීමත් සමඟ, බෞද්ධාගමික ආයතන තුළට ක්‍රම ක්‍රමයෙන් සාරාත්මක සහ ව්‍යුහාත්මක අංග ඇතුළු විය. අනෙකුත් සියලු ම ප්‍රජාවන්ගේ මෙන් සම්ප්‍රදායන් සහ වතාවත් වර්ධනය කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශාසනික දේපළ පිළිබඳව නීති සම්පාදනය කර හඳුන්වා දෙනු ලැබිණි. එමෙන් ම යම් යම් ආගමික තනතුරුවලට පත් කිරීම ඇතුළු එවැනි දේපළ වලට අදාළ කටයුතු බොහෝමයක්ම නිරාකරණය කර ගැනීමට සිවිල් උසාවි චේත ගෙන එන ලදුව, දැන් පුර්ව ගමනයන් නිර්මාණය වී තිබේ. එලෙස, ඒ සියල්ලෙහි එකතුව අද බෞද්ධ පැවිදිසි නීතිය ලෙස හඳුන්වනු ලැබේ.මෙම ග්‍රන්ථය ඒ සියල්ල ගැන සවිස්තර විස්තර කිරීම් අඩංගු ග්‍රන්ථයකි.

මහ පිරිත | Maha Piritha

රු4,050.00
or 3 X රු1,350.00 with

පිරිත් පේ කිරීම

සතර කමටහන්

සෙත් පිරිත්

දොරකඩ අස්න

අනුශාසනාදිය සහිත උප ග්‍රන්ථයෙන් යුක්ත යි

සද දෙකඩ සඳ

රු1,487.50
or 3 X රු495.83 with

මුහම්මද් තුමාගේ චරිතාපදානය “සද දෙකඩ සඳ”
උත්තර භාරතයේ උපත ලද ලෝකයේ ඉස්ලාම් දහම පිළිබද ලොව ඉහලින්ම පිළිගත් විද්වතෙක් වන ෂෙයික් සෆියුර් රහ්මාන් අතින් ලියවුනු පොත් සිය ගණනක් අතුරින් ඉතා ප්‍රසිද්ධ වූ පොතකි (“When The Moon Split”). එය උර්දු භාෂාවෙන් ලියන ලද වක්තෘවර මුහම්මද් නබි නායක තුමාගේ ජිවිත කතාව අලලා ලියවුනු පොතක්. එම මුල් පොතේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් නැවත සිංහලට පරිවර්තනය කලේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
ආගම පිළිබද වඩා හොද අද්යනයක් ලබා ගැනීමට මෙම පොත ඔබට මහෝපකාරී වේ.

සිද්ධාර්ථ | Siddhartha

රු270.00
or 3 X රු90.00 with

ජීවිතයේ අරුත කුමක්ද?

හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකුම නියමින් හෝ අනියමින් අසන්නේ, ඒ ප්‍රශ්නය නොවේ ද?

ඇත්තටම, ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම්, ඒ කුමක්ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙකු වූ විට, ඔහු අතින් බිහි වන්නේ සුන්දර නවකතාවකි.

හර්මන් හෙස නමැති සුප්‍රකට ලේඛකයා අතින් ” සිද්ධාර්ථ ‘ යන නමින් ලියැවී ඇත්තේද, එවන් එක් සුන්දර නවකතාවකි. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වන සිද්ධාර්ථ, ඉතාම කඩවසම් කාන්තිමත් බ්‍රාහ්මණ තරුණයෙකි. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. සිය මිත්‍ර ගෝවින්ද නමැති තවත් බ්‍රාහ්මණ තරුණයකු සමඟ එකට වැඩෙන සිද්ධාර්ථ, ජීවිතයේ සත්‍ය තත්වය – යථාර්ථය සොයන්නට තීරණය කරයි. ඒ නිසාම, මේ දෙදෙන නගරය අතහැර ගොස්, සන්‍යාසීන් හෙවත් සිවුරු දැරූවන් බවට පත් වෙති.

මේ සියල්ල සිදු වනුයේ, ඉන්දියාවේය; අපේ බුදු හාමුදුරුවන් ජීවමානව සිටින කාලයේදීය. බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනයේ වැඩ වෙසෙති. සිය සත්‍ය ගවේෂණ චාරිකාවේදී සිද්ධාර්ථ සහ ගෝවින්ද සැවැත් නුවරට ගොස්, සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන් හමු වෙති. දෙදෙනාම උන්වහන්සේ ගැන පහදිති. එහෙත්, එහි නවතින්නේ ගෝ වින්ද පමණි. බුද්ධිය – සත්‍යය – විමුක්තිය – සැනසීම – ලබනු සඳහා ගෝවින්ද බුදු හාමුදුරුවන් වෙත නවතින නමුත්, සිද්ධාර්ථ සිතන්නේ වෙනත් ආකාරයකටය

Wewata Namak

රු315.00
or 3 X රු105.00 with