Showing all 6 results

Science Fiction

Sherlock Holmes Wikramanwitha Athdakeem | වික්‍රමාන්විත අත්දැකීම්

රු807.50
or 3 X රු269.17 with
“ෂර්ලොක් හෝම්ස්” නවතම කෘතිය 15% ක වට්ටමකින් ලබා ගන්න.. Rs. 810/= (15% discounted price)
ශ්රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ The Adventures of Sherlock Holmes (Vol 1, Book 3)හි ඇතුළත් කෙටිකතා 05 ක සිංහල පරිවර්තනය මෙහි ඇතුළත් ය.
1883 මාර්තු මාසේ එක දවසක පිටරට මුද්දරයක් අලවපු ලියුමක් කර්නල්ගෙ පිගාන ඉස්සරහින් මෙසේ උඩ තියලා තිබුණා. එයාට සාමාන්යයෙන් ලියුම් ලැබුණෙ නැහැ. මොකද බාප්පගෙ බිල් ඔක්කොම අත්පිට මුදලින් ගෙවලා දානවා. එයාට කිසිම යාලුවෙක් හිටියෙත් නැහැ. ‘ඉන්දියාවෙත් ඒක් අතට ගන්න ගමන් බාප්පා කිව්වා. “පෙන්ඩිච්චේරි තැපැල් මුද්රාව, මේක මොකක් වෙන්න පුළුවන්ද?” ඔහොම කියලා කලබලෙන් කවරය ගලවද්දී වෙළිච් පුංච් දොඩම් ඇට පහක් එළියට පැනලා එයාගෙ පිගාන උඩට පට පට ගාල වැටුණා. මේක දැකලා මම හයියෙන් ගිහා වෙන්න පටන් ගත්තා. ඒත් බාප්පගෙ මුණ දැක්කම මගෙ සිහාව එක පාරටම නැවතුණා, එයාගෙ යටි තොල එල්ලා වැටීලා තිබුණා. ඇස් දෙක ඉලිප්පිලා තිබුණා. හමත් හුණු බදාම වගේ සුදු වෙලා, වෙව්ලන අතේ තවමත් තියාගෙන හිටපු ලියුම් කවරෙ දිහා බලාගෙන ඉඳලා K.K.K. කියලා බාප්පා හිටි ගමන් යටි ගිරියෙන් කෑ ගැහුවා. ඊට පස්සේ “අනේ දෙව්යනේ මගෙ පව් මාව හොයාගෙන ඇවිල්ලා” කියලා මොර දුන්නා.
“මොකද බාප්පෙ?” මම බයෙන් කෑ ගැහුවා, “මාරයා” එයා එහෙම කියලා මෙසේ ළගින් නැගිටල බයේ ගැහි ගැහි හිටපු මාවත් එතන තනි කරල කාමරේට ගියා. මම ලියුම් කවරෙ අරන් ඇතුළ බැලූවම කවරය ගම් තීරුව ළගින්ම වාගේ ‘K’ අකුර තුන් පාරක් රතු තීන්තෙන් කටු ගාල තියෙනවා දැක්කා. ලොඩම් ඇට පහ ඇරෙන්න ඇතුළෙ වෙත මොනවත් තිබුණේ නැහැ.
(දෙඩම් ඇට පහේ භීෂණ)

රාවණා මෙහෙයුම 2 | Ravana Meheuma 2

රු945.00
or 3 X රු315.00 with

බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

Kalawakashaye Sirakaruwa

රු1,080.00
or 3 X රු360.00 with

Wismitha Sihina Dhakinna

රු900.00
or 3 X රු300.00 with