Showing all 14 results

Social Sicence

Bikshuwa saha Darshanikaya|භික්‍ෂුව සහ දාර්ශනිකයා

රු1,450.00
or 3 X රු483.33 with
භික්ෂුව සහ දාර්ශනිකයා – The Monk and the Philosopher කෘතියේ සිංහල පරිවර්තනය මිල රු. 1450/=
ප්රංශ භාෂාවේ මුල කෘතිය ඉංග්රීසියට පරිවර්තනය කොට ඇත්තේ වෛද්යාචාර්ය ජෝන් කැන්ටි විසිනි. ඉංග්රීසි පොත (Monk and the TPhilosopher} සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඩග්ලස් බී රණසිංහ මහතා විසිනි.
ලංකා විශ්වවිද්යාලයේ විද්යෝදය මණ්ඩපයෙන් විදහා උපාදියක් ද, පශ්චාත් උපාධි සංඛත ඩිප්ලෝමාවද ලබාගත් ඒ මහතා ශ්රී ලංකා වරාය අධිකාරියේ අවුරුදු 35ක සේවයෙන් පසු අතිරේක පළමණාකාර අක්ෂවර්ගයුතු වශයෙන් 210092 වසරේ දී වියම ගොස්, ලේඛනු පටයුතුවල නියැලේ පරිසරය හා කුරුල්ලන් පිළිබඳ යුධ කිහිපයක් ඔහු විසින් ලියා ඇත.
මැතිව් ඒකාඩ් (Matthieu Ricard)
ඔහු වර්ෂ 1946 දී ප්රංශයේ උපන් පුංශ ජාතිකයක් Rs * පශ්චාත් උපාධි අත හ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ කිසිවක බුදු දහම් ගැහ අවබෝධයක් තම ගුරුවරයා වූ කයියුම් රත්නව ගෙන් ගන්නා ලදී. වර්ෂ 1972 දී කල ආචාර්ය ලංධිය නිකොට වැඩිදුරටත් බුදු දහම හැදෑරීO හී මතයට ගොස් එහිදී මහළු විය. අවුරු; hs) වංග ක්ෂලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැහට නේපාලයයි වාසය කරයි. බෞද්ධ යුග කිහිපයක්ම (Journey to Enlightment. The Life of Shabkar) cea ඇති තුෂා දලෙයි ලාබා කුමන්ගේ පූශ නවයක ලෙසද කටයුතු කරයි.
ජින් පාන්සිස් පිටෙල් (Jean-Francois Revef) වර්ෂ 1924 දී ප්රංශයේ උපන් මෙසු දර්ශන විද පඩ පිළිබද විශ්ව විද්යාල කතිකාචාර්ය වර්ගයයි. දැනට ලෙබහ කටයුතුවල නිරත වෙයි ඔහු ඉක සඳුන් නොසිටි ප්රිව්යේ පියතුමාණය. ඔහුද යුධ කතුවරයෙකු හි ඔහු ලියූ පොත් කිහිපයක් ලෝක ප්රසිද්ධියට පත් වී ඇත.

Demala Eelam Aragalayata Wisaduma Kumakda|දෙමළ ඊළාම අරගලයට විසඳුම කුමක්ද රෝහණ විජේවීර

රු500.00
or 3 X රු166.67 with

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී.

සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්‍රගතිශීලී බලවේගයන් මතය.

එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.

Eliyakanda Wada Kandawura(K.Point)|එළියකන්ද වධ කඳවුර (කේ.පොයින්ට්)

රු765.00
or 3 X රු255.00 with

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.

Padu Aba | පඩු අබා

රු378.00
or 3 X රු126.00 with

පෙරවදන

ඉතිහාසය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ උරුමය. ඒක අතීත උරුමයක් නෙමෙයි අනාගත උරුමයක්.

නමුත් සනීභූත මේ ඉතිහාසය ලියැවී ඇති තැන්වලින් පෙළින් පෙළ කණින්න වෙනවා. ඒ වගේම නටඹුන්ව ඇති බිම් පෙදෙස් සළකුණු හොයමින් තව තවත් කණින්න වෙනවා. පාවිච්චි වෙන බස ඇතුළෙන් වදනින් වදන කණින්න වෙනවා චර්යා ජනශ්‍රැති ඇතුළෙන් තේරුම් හොයමින් තණින්න වෙනවා. ඉතිහාසය සැබවින් දිගහැරෙන්නේ මේ සියලු මංපෙත් එකට කණින කල පමණයි.

ඒ වගේම ඒ කැණීමේදී අපේ දෘදෘෂ්ඨිවාදයන් ඇතුළෙනුත් කණින්න

සිද්ධ වෙනවා. අපි දරණ මතිමතාන්තර අතර ගැටෙමින් කණින්න

සිද්ධ වෙනවා. අපේ වර්තමානය ඇතුළෙන් ගැඹුරට කණින්න සිද්ධ

වෙනවා.

ඉතිහාසය කියන්නෙ අතීතය නෙමෙයි. අනාගතයෙ ඉඳන් අතීතය කියවන ආකාරයයි.

අවාසනාවට ලංකාවේ අපිට මුණ ගැහෙන්නේ අතීතකාමීව අතීතය මතම වැළලෙන ඉතිහාස කියවීමක්. ඒ වෙනුවට අපි වර්තමානයේ දරණ අදහස්වල ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට මුණගැහෙනවා අනාගතය දක්වා වැටෙන ඉතිහාසයේ මාවතක්.

අපිට කියා දුන් රේඛීය ඉතිහාසයේ බොහෝ මංපෙත් වහලා දාලා තියෙනවා. සමහර විට මහාවංශයේ ලියවුණු තැන් පවා වසන් කරමින් ඉතිහාස කියවීම කරනවා. ඒ හැම වසන් කිරීමක් පිටුපසම දේශපාලනයක් තියෙනවා.

අපි අපේ පැරණි ඉතිහාසය කියවීමේදී ඒ රජවරුන්, බිසෝවරුන්, යක්ෂ, නාග, රාක්ෂ ආදී මිනිසුන් ආලය කළ හැටි, ශෘංගාරය විඳි හැටි, හැගීම් මත මෙහෙයවුණු හැටි අමතක කරනවා. ප්‍රකට ඉතිහාස සියවීමේදී අපිට මුණගැහෙන්නේ සෙ රණය කළ අතීතයක කාඩ්බෝඩ් මිනිස්සු.

නමුත් ශෘංගාර වංශයක කතාවක් වූ අපේ ඉතිහාසයෙන් සෙක්ස් ඉවත් වෙන්නේ අහම්බ මග හැරීමක් නිසා නෙමෙයි. ඒ වික්ටෝරියානු සහ ඉනුත් ඔබ්බට බ්‍රාහ්මණ දෘෂ්ටිවාදයන් කරන බලපෑමේ තරම කිසයි. අපි ඒ අභීත මිනිස්සුන්ගේ ජීවිත අපේ සදාචාරයෙන් කප්පාදු කරනවා.

සුජිත් අක්කරවත්ත එක ඉතිහාසයේ පරිච්ඡේද අතර ඇවිදින්න.

බුද්ධ ඉඩක් ලැබෙන්නෙ චරිත දිසානායක පටන් ගත්ත ව්‍යාපෘතියක්

හින්ද, ඒ ව්‍යාපෘතිය අතරමග නතර වෙනවා. ඒත් සුජිත් ඒ කියපු

ඉතිහාස කථා දිගින් දිගටම මට මතක් වෙනවා, ඒ ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද සුජිත් එයාගෙ පොත්වල ලියනවා,

අපේ ජාන වංශයේ ඉතිහාසය පිළිවෙලින් සටහන් තැබූ ග්‍රන්ථයක් ගැටියෙන් අපිට උරුම වෙලා තියෙන මනා වංශය සුජින්ගේ අපූර්ව ඒක ශාස්ත්‍රීය, සාහිත්‍යමය හෝ විධිමත් එකක් කරනවා වෙනුවට කයිවාරුවක නිදහස ඇතුව, සීමා බැමි නැතුව, දිගින් දිගට කරගෙන යන වීඩියෝ පච්ජේද විදිහට සටහන් තැබීම ආරම්භ වෙන්නේ ඒ ආශාව නිසයි.

මේ පරිච්ඡේද අතර අපිට විවිධ රජවරුන් මුණගැහෙනවා. ද රජවරුන් විසින් කළ සුවිශේෂ දේ ඇසුරින් ඔවුන්ගේ සුවිශේෂ සිතීම මුණගැහෙනවා. ඒ දේවල් වර්තමානයේ අපි අත්විඳින තත්ව සමග අපූර්ව විදිහට සමපාත වෙනවා. මේ නිසා අපි තීරණය කළා මේ රජවරුන්ගේ පරිච්ඡේදයන් වෙන වෙනම් පොත් හැටියෙනුත් පළ කරන්න, වීඩියෝවක් නොබැලෙන අය අතරත් කතාබහ ඇති කරන්න.

මෙහි පළමු වෑයම විදිහට පණ්ඩුකාභය නොහොත් පඬුඅබා සිද්ධ වෙන්නෙ එහෙමයි. පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ අනුරාධපුර රාජ්‍යය අපි නැවත නැවත හැදෑරිය යුතු එකක්. විවිධත්වයට ඒ රාජයේ ඇතුලෙ දුන් ඉඩ විශ්මිතයි. කිසිවෙක් පිටමං නොවන රාජ්‍යයක් සියල්ලන් ඇතුළත් වෙන රාජ්‍යයක් පණ්ඩුකාභයට නිර්මාණය කරත්ත

අවශ්‍ය වෙනවා. එයා කාමයේ හැසිරෙනු පිණිස රාග දොවොලක් තනනවා. එහි විවෘතව එළි මහනේ රති කෙළියේ යෙදෙනවා. ලිංගයන් සහ යෝනි වන්දනාමාන කරනවා.

සියලු තොටමුන හරහා ලෝකයට විවෘත වෙළඳ පොලක් නිර්මාණය කරනවා බටහිර ග්‍රීසියෙන් පවා අපේ නගර සභාවලට නියෝජිතයන් පත් වෙනවා. අනුරාධපුරය ලෝක නගරයක් ලෙස නිර්මාණය කරනවා.

සිංහ. ශාක්‍ය, යක්ෂ සියලු ජාන මුහුව තැනෙන පඬු අබා ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙනවා.

අපි අද අනුරාධපුරය කියලා දකින්නෙ පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ සියලු මිනිසුන්, සංස්කෘතීන් එකට මුහුවුණු. මේ මහා ගෝලීය නගරය නෙමෙයි. ඒ ලොතික නගරය යටපත් කරමින් ඉදිවුණු, ඒ මහා මිනිස් සංස්කෘතිය පූජා නගරයක් දක්වා පටු කළ වියළි නගරයක්. ඉතින් සුජිත් අක්කරවත්ත එක්ක අපි ඇත්තටම් කරන්නේ අනුරාධපුරයේ මේ ලෞකික නගරය යළි කැණීමක්.

චින්තන ධර්මදාස

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

රු1,080.00
or 3 X රු360.00 with

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

Sivil Samajaya | සිවිල් සමාජය

රු315.00
or 3 X රු105.00 with
 සිවිල් සමාජය ‘ යන්න අප රටේ දේශපාලන සාකච්ඡාවේ තිබෙන විවාදාත්මක තේමාවකි. රාජ්‍ය නොවන සංවිධා නවල දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා මේ විවාදය තවත් තියුණු වී තිබේ.
ඒ අතර සිවිල් සමාජ සංවිධාන අප රටේ සමාජ ජීවිතයේ ක්‍රියාකාරි අංශයක්ද වී තිබේ මානව අයිතිවාසිකම්. ස්ත්‍රී අයිතිවාසිකම්, සුළුජන අයිතිවාසිකම්, ග්‍රාමීය සංවර්ධනය, සංවර්ධනයට මහජන සහභාගීත්වය හා සමාජ සුභ සාධනය යනාදී ක්‍ෂේත්‍ර රාශියක සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීව සිටිති.
සිවිල් සමාජය’ දේශපාලන න්‍යායේද වැදගත් සංකල්පයකි එය යුරෝපීය දේශපාලන චින්තනයේ 17 වැනි සියවසේ පටන් වර්ධනය වූවකි.
දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්‍ෂේත්‍රයක් හැටියටද ‘සිවිල් සමාජය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට ආධාර කිරීම මේ පොත් පිංචේ අරමුණයි.