Showing 1–24 of 34 results
Price
Spiritual
101 ක් කමටහන්

ඔබේ අඹය ඔබ ම කන්න
එක්තරා ගෝලයෙක් වරක් මැසිවිලි නගමින් මෙහෙම කිව්වා.
* ඔබ අපට කතන්දර කියනවා ඒත් කවදාවත් ඒවායේ අරුත අපිට පහදා දෙන්නේ නෑ.” ගුරුතුමා ඔහුට මෙහෙම කියනවා.
යමෙකු ඔබට අඹයක් දෙන්නේ යයි සිතන්න. ඔබ අතරින් කවුද කැමැති ඒ අඹය ඔබට දෙන්නට කලින්, හපා රස බලා ඔබට දෙනවාට.˝
202 ක් කමටහන්

ඛණිජ සේ නිදන
තුරුලතා සේ සිහින දකින
සත්වයින් සේ ජීවමාන වන විඥානය
මානවයා ව පරිපූර්ණත්වයෙහි සපිරෙයි
-රූමි
Adaraneeya Osho|ආදරණීය ඕෂෝ
රු180.00
බුද්ධ ඉතාමත් ලස්සන ගැහැනු. බොහොම ලස්සන තරුණ ජනතාව දැකලා තිබුණා. ඒත් මෙය සම්පූර්ණ ම වෙනස් පිළිවෙළක සුන්දරත්වයක්, එක භෞතික දෙයක් විතරක් නෙමෙයි. මිනිහෙක්ගේ යම් දීප්තිමත් කිරණ කියනව නම්, ආලෝක තීරණ ඔහු වටා තියෙනවනම්, ඔහු සක්මන් කළ මාර්ගයේ ලාලිත්යක් කියනවා.
බුද්ධ රථාචාරියට කිව්වා, “ඉක්මනට රථය ආපසු හරවන්න, මෙ තවදුරටත් තරුණයෙක් නොවේ. මෙම තුරුණු උත්සවය ආරම්භ කරන්න යන්නේ තැවෙන මෝඩයෙක්ට ඒක කරන්න පුළුවන්, ඔබ මාව ඉක්මනට ආපසු ගෙනියන්න, මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වුණා. අමරණීයභාවය සොයා නොගෙන මාතුළම අනිතං සොයා නොගෙන එක මොහොතක්වත් මට විවේක ගන්න බැරි වේවි.
Bikshuwa saha Darshanikaya|භික්‍ෂුව සහ දාර්ශනිකයා
රු1,450.00
Budun Samaga Sancharayaka 1st book Osho | බුදුන් සමග සංචාරයක. පළමු කොටස

බුදුන් කියන්නේ නැහැ ආධ්යාත්මිකත්වය වටහා ගන්න කියා ඔහු කියන්නේ නොවැදගත් දේ කුමක්දැයි තේරුම් ගන්න කියායි. වෙනස වන්නේ මෙයයි. ඔහුගේ සමීප වීම බුද්ධිමය වශයෙන් කොතරම් තර්කාන්විත ද යත් ඔබව එහි වරදක්, සිදුරක් සොයා ගන්නට ඔහු ඉඩ නොතබයි.
“නොවැදගත් දේ” ඔහු සරලවම පවසයි.
භෞතික විද්යාඥයෙකුගෙන් විමසන්න බුදුන්ගේ භාෂාව ඔහුට වැටහෙයි. ඔහු කියයි. පරමාණුව විශ්ලේෂණය කිරීමෙන් අපි ඉලෙක්ට්රෝන කරා ආවා ඉලෙක්ට්රෝන යනු විදුලිමය අංශු පමණයි. බොහෝදුරට නොවැදගත් දේ. පදාර්ථය අතුරුදන්ව ගොසින්, ඇත්තේ බල ශක්තිය පමණයි. ඔබට එයට පදාර්ථය යැයි කිව නොහැකියි. එසේම ඉලෙක්ට්රෝන විශ්ලේෂණය කිරීමේදීත් ඔවුන් බොහෝ දුරට හිස් බවට – නොවැදගත් හිස් බවට පැමිණ සිටියි.
භෞතික විද්යාඥයා බෞද්ධ ප්රකාශයන්හි වචනාර්ථ තේරුම් ගනියි.
ඔබ කිසිවක් ම සොයාගත නොහැකි වන කෙළවරකට පැමිණි පසු ඔබ පැමිණ ඇත්තේ ඔබගේ ජිවනය වෙතටයි. ඔබගේ ජීවනය ස්තරයක් වගේ නොවෙයි. ජීවිතය යනු සරලවම අවකාශයයි; පිවිතුරු අවකාශයයි; සරලවම හිස් ස්වභාවයයි.
Budun Samaga Sancharayaka Osho 2nd book | ඕෂෝ : බුදුන් සමග සංචාරයක. දෙවන කොටස

Budun Wadala Darmaya. Ven. Walpola Rahula| බුදුන් වදාළ ධර්මය. වල්පොළ රාහුල හිමි
රු650.00
“මේ වනාහි පැරණිම ග්‍රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූල ධර්මයන් හැම දෙනාට තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි” ( පැරිසියේ පෝල් දයවේල් මහාචාර්ය තුමාගේ ප්‍රස්තාවනාවෙන්) ” පොතක් නම් කෙසේ විය යුතු ද යන්නට ආදර්ශයකි…… ප්‍රමාණික හා පැහැදිලි
වූ ද තර්කානුකූල මෙන්ම මධ්‍යස්ථ වූ ද මේ පොත අවශ්‍ය සියලු දේ අන්තර්ගත
වූ අති විශිෂ්ට කෘතියකි.’ (ලන්ඩන්හි පාලි පොත් සමාගමේ සභාපතිනියව විසූ
ආචාර්ය අයි. බී. හෝනර් මැතිනිය ලන්ඩන් බෞද්ධ සමිතියේ The Middle
Way සඟරාවේ පළ කළ නිරීක්ෂණයෙන්)
මේ දක්වා මේ පොත ඉංග්‍රීසි ප්‍රංශ, ජර්මන්, ඉස්පාඤ්ඤ, ඉතාලි, යුගෝස්ලාවි යන්, සිංහල, දෙමළ, චීන, බුරුම, සියම්, වියට්නාම්, කොරියා යන භාෂාවලින් ප්‍රකාශයට පත්ව ඇත.
Me jeewanaye bhashawayi Osho | මේ ජීවනයේ භාෂාවයි

හුස්ම ගන්නේ ඔබ නොවේ.
සමස්ථය ඔබ වෙනුවෙන් සැම විටම ක්රියාත්මකයි. කිසිවක් නොකර සිටින විට සියල්ල ඉටු කර දෙනු ලබයි.
පළමු වැන්නා වීමට තැත් නොකර සිටින විට ඔබ අසම සමයි. තෝරා ගැනීම නොකරන විට ඔබ සියල්ල ආදරයෙන් වැළඳ ගනී. මෘදු බව සියල්ල අභිබවා ජය ගනී.
Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

ගෞතම බුද්ධ ඥාණාවලෝකනයට පත්වුණා.
ඔහු යථාර්ථයේ නියම සාරය අවබෝධ කරගත්තා. ඔහු දැනගත්තා චිතරක් නොවෙයි. ඔහු අත්දැක්කා.
ඔහු දැනගත්තා විතරක් නෙවෙයි……ඔහු ඒ බවට පත්වුණා.
ඉතිං එහි දී චයාගේ චිත්තය තුළ ඇතිවෙච්ච පළවෙනි ප්රශ්නය මේක යි.
“මම කොහොමද මේක පැහැදිලි කරන්නේ ඔහු අවබෝධ කරගත් තත්ත්වය ඕනවටත් වඩා විශාලද? මුළු අහස තරම්…… සමහර විට සීමාව අහසත් නොවේ.
අනික වචන හරී ම කුඩයි.
ඔහු අවබෝධ කරගත් තත්ත්වය හරී ම ගැඹුරුයි. මුහුද පවා එතරම් ගැඹුරු නැහැ. ඉතිං වචන
ඒවාට කිසිම ගැඹුරක් නැහැ. ඔහු අවබෝධ කරගත් තත්ත්වය බහුමානීයයි.
වචන රේඛීය යි. වචන ඒකමානීය යි. මාවතේ අඳුරේ අතපතගාන අයට මේ අමුතු අත්දැකීම ගෙන එන්නේ කොහොමද?
Osho : Chamathkara Deneth | ඕෂෝ : චමත්කාර දෙනෙත්

දරුවාට විශාල පුද්ගලිකත්වයක් අවශ්යයි. දෙමාපියන් පැමිණ සිටින්නේ දරුවාට උදව් කිරීමට පමණයි. බාධාකාරී ව මැදහත් වන්නට නම් නොවේ. දරුවාට දේවල් කරන්නට හෝ නොකර හිඳීමට ඉඩ දිය යුතු යි. දෙමාපියන් සාවධාන විය යුත්තේ, දරුවා තමන්ට හානියක් කර ගන්නවා හෝ වෙන අයෙකුට හානියක් කරනවා නම් පමණ යි. ඒ හොඳට ම ඇති. ඊට වඩා මැදිහත් වීම කැතයි.
දෙමාපියන් දරුවන්ට සත්ය පිළිබඳ ඉගැන්විය යුතු නෑ. ඔවුන් සත්ය පිළිබඳ සෝදිසි පරීක්ෂාවන්නේ කෙසේ දැයි දරුවන්ට ඉගැන්විය යුතුයි. දරුවන්ට ඉගැන්විය යුත්තේ, සෝදිසි පරීක්ෂාවයි. විමර්ශනය යි. වික්රම කාමය යි. දරුවන්ට උදව් කළ යුතුයි. දරුවන් විසින් ප්රශ්න ඇසිය හැකි යි. නමුත්, තමන් ඇත්තට ම දන්නේ නැතිව එම ප්රශ්න වලට උත්තර දීමට නොයා යුතු යි. ඔවුන්, බුදුන් විසින් තම ගෝලයන්ට කියන්නට පුරුදු වී සිටි ලෙසට දේවල් මේ ආකාරයට කියන්නට දැන ගත යුතු යි “මම කියන දේ විශ්වාස කරන්න එපා මේක මගේ අත්දැකීම. ඒත් මම ඒක ඔබට කියන්නට යන මොහොතේ ම එක වැරදි දෙයක් බවට පත් වෙනවා. මොකද එක ඔයා අත්දැකපු දෙයක් නොවන නිසා. මට ඇහුම්කන් දෙන්න. ඒත් විශ්වාස කරන්න එපා. අත්හදා බලන්න විමර්ශනය කරන්න. සොයා යන්න ඔයා ම දැන ගන්නා තුරු මිසක ඔයාගේ දැනුමෙන් කිසි ඵලක් නෑ. ඒ දැනුම භයානකයි. ණයට ගන්නා දැනුම බාධාකාරී අවහිරයකි
Osho : Gahanu Manussaya | ඔෂෝ : ගැහැණු මනුස්සයා

ඕහෝ ට අනුව ගැහැනිය අභිරහසක් මෙම සංවාදයේ දී ඔහු ගැහැනිය ගැන කථා කරන්නේ පිරිමියෙක් ලෙස නොව සර්වඥාණකත්වය හැටියටයි. පිරිමියා අනුකරණය සහමුලින් අත්හැර ගැහැනියගේ විභව හැකියාවන් ඇය තමන් තුළම සොයා ගත යුතු බව ඔහු අවධාරණය කරනවා. පීඩනයට එරෙහිව කැරලි ගසන්න ඔබට විප්ලවකාර් ජීව ගුණයන් නැතිනම් ඔබ සැබෑ අර්ථයෙන් මෙලොව ජීවත් වන්නෙක් නොවේ ය. යී ඕෂෝ කියනවා. පිරිමියාට වඩා වෙනස් ගැහැනියගේ සුවිශේෂ ලිංගිකත්වය මෙන් ම ආදරය, මාතෘත්වය, පවුල, විවාහය, උපත් පාලනය යනාදිය ගැන. ඕෂෝ හෘද්ධයාංගම වෙනවා. විවාහය යන සංකල්පය දැඩි ප්රශ්න කිරීමකට භාජනය කරමින් පිරිමියා සොයාගත් අශෝභන ම ආයතනය ලෙස එය නම් කරනවා. පිරිමියා මෙන්ම ගැහැනියත් අද්විතීය අසම සම කෙනෙකු බව පහදමින් ස්ත්රිත්වයේ ගුණාත්මයන් ගැන උද්ධාමයට පත් වන්නැයි ගැහැනියට යෝජනා කරනවා. ඕෂෝට අනුව මාන වියත්වය පරිපූර්ණ වෙන්ට නම් හදවත (ගැහැනියාත් සිරස (පිරිමියාත් අතර සහ සන්ධානයක ස්වාමිත්වය හදවතට ලබා දෙන්න ඕනේ.
Osho : Handuna nogath Obama Wu Sugandaya | ඕෂෝ : හඳුනා නොගත් ඔබම වූ සුගන්ධය

දිගෙන් දිහම් උසින් වැඩෙන මහ සද්දක් මෙන්, හිමාලයක් මෙන් ශිඝ්රයෙන් වර්ධනය වන මමායනයේ, තෘෂ්ණාවේ සැඩපහර ඔස්සේ ලෝක විනාශයේ මුවදොර කරා ගසාගෙන යමින් සිටින බොහෝ මිනිසුන් අතරේ කිහිප දෙනෙක් පමණක් ඒ ප්රවාහය මැද මඳක් නතර වී උඩුගං බලා පිහිනීමේ උත්සාහයක යෙදී සිටින බවක් පෙනීම සතුටකි. විශ්වය අතැඹුලක් කෙරෙන මා හැඟි ආධ්යාත්මික පාඩම සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ඒ පිරිසේ අතිමහත් බහුතරය ඕෂෝ සංවාද කෙරෙහි සංවේදී වූවන් යැයි මට සිතෙයි.
ඕෂෝ – ප්රඥා පාරමිතා හෘද සූත්රය’ සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ තවමත් මා දැක නැති කුමුදු කුමාරි ය. අහඹු ලෙස මට ලැබුණු ඇගේ මේ අත්පිටපත. (‘හඳුනා නොගත් ඔබිම් වූ සුගන්ධය ) උනන්දුවෙන් කියවීමේ උත්තේජනයක් මා තුළ ජනිත වූයේ පොත මුද්රණයේදී කුමුදු කුමාරි යන කෙටි නම් හැරුණු විට වෙනත් නිලනාම, පදවි නාම ( ඉතා අඩු තරමින් වාසගම හෝ) පොතේ පළ නොවිය යුතුය යන්න ඇගේ අදහස වූ නිසාය. නම වෙනුවෙන්. නම් කෙටූ සම්මානයක් වෙනුවෙන් අවි ගැටෙන හඬ ඇසෙන පරිසරයක ජීවත් වෙමින් එවැනි ඉල්ලීමක් කළ හැකි පුද්ගලයන්, කොතරම් දුර්ලභ ද යන විමතියෙන් යුතුව ය, මා මේ අත්පිටපත කියවීම අරවේ. අත්පිටපතේ අවසානය දක්වාම බලවත් උද්යෝගයකින් හා වින්දහය කළේ තෑගී කඳුළ විගායනයේ ප්රහර්ෂය පිළිබඳ චිත්තාකර්ෂණීය බවයි.
බුදුන් වහන්සේ විසින්, ශාරිපුත්ත තෙරණුවන්ට දේශනා කරන ලද කෙටි සූත්රයක් දීර්ඝ විමර්ශනයකට ලක් කෙරෙන මෙය, පාඨකයා තුළ ද ප්රීති ප්රාමෝද්යයක් ජනිත කරනු ඇතැයි මම සිතමි.
Osho : Marks Saha Budun Athinatha Gena | ඕෂෝ : මාක්ස් සහ බුදුන් අතිනත ගෙන

ශරීරය ගැන පමණක් විශ්වාස කරන
මිහිහෙක් අර්ධයක් පමණයි.
සහ
අධ්යාත්මය ගැන පමණක් විශ්වාස කරන
මිනිසෙකුත් අර්ධයක්.
ම්ම ගෞතම බුද්ධත් අර්ධයක්
කියලා හදුන්වා තිබෙනවා.
මොකද ඔහු කය ප්රතික්ෂෙප කරන හිංසා
ඔහු කය හෙලා දකිනවා.
පිළිකුල් කරනවා.
මම්ම පුර්ණ එකගතාවයකින් නෙවෙයි. ගෞතම බුද්ධ සමඟ – සියට පණහක් පමණයි. සහ ඒකයි මගේ තත්වය කාල් මාක්ස් සමගත් මම සියට පනහක්
පමණයි එකග ඔහු ශරීරය පිළිගැනීම හොඳයි නමුත් ඔහු අධ්යාත්මය ප්රතික්ෂප කිරීම වරදි බුද්ධ සහ මාසේ අතිත ගන්න ඕනේ –
එකයි මගේ විප්ලවය.
බුද්ධ සහ මාක්ස් දෙන්නම අතිගත ගෙන සෝවියට් සංගමයේ නර්තනයේ යෙදෙන්න
Osho : Sorba da Buddha | ඕෂෝ : සෝර්බා ද බුද්ධා

මලකට හැකි මුත් සුපුෂ්පිත වන්නට මිනිසාට තවමත් නොහැකි වෙලා මිනිසා ජිවත් වන්නේ විඳවමින්; අතීතය ඉතා අඳුරුයි; දුක් මුසුයි. යටපත් කිරි මවලින් ගහණයි. හැම යටපත් කිරීමකම හැම තහනමකම ප්රතිඵලය ප්රචණ්ඩකාරියි; බිහිසුණුයි.
මාත වීයත්වයට මෘදුගුණ අහිමි කළේ පූජකයන්, දේශපාලකයන් හා අහංකාර ගුරුවරුන්. (ඇතැම් විට මවුපියන්) කිසිදු බෙදීමකින් තොරව. නිර්මලව පරිපූර්ණව උපන් ළදරුවන් ඛණ්ඩනය කළ. ඒ ස්වාභාවිකත්වය හා නිර්මාණශීලිත්වය අහිමි කළ අතීත සිරකුටි වලින් නිදහස ලබා, ලෞකිකත්වය හා අධ්යාත්මිකත්වය යා කෙරෙන නව ලොවක් නිර්මාණය කිරීමට නම් බටහිර ලෝකයේ විඳවීම්වලට මුල් වූ විද්යාවත්, පෙරදිග ලෝකයේ කලකිරීම් වලට හේතුවූ ආගමත් කලාත්මකව සුසංයෝග කිරීම වැදගත්. ඒ අනුව බිහිවන නව වාතවයා කවියෙක්, විද්යාඥයෙක් වාගේම මුනිවරයෙක්.
මගේ අදහස අනුව නම් නව මිනිසා යනු සෝර්බා ද ග්රීක් මෙන්ම ගෞතම බුදුනුවන් යන දෙදෙනාගේම එකමුතුවක්. එ නිසා නව මානවයා නම් කළ හැකියි ”සෝර්බා ද බුද්ධ ‘ යනුවෙන්, ඔහු ඉන්ද්රිය ගෝචරයි. ආධ්යාත්මිකයි. භෞතිකයි.
ආදරයෙන් පිරුණු මේ නව මාන වීයත්වය පැවැත්මට ගෙන ආවොත් මිහිතලය පැවැතිය යුතු ආකාරයට පවතියි. ලොව පාරාදීසයක් බවට පත්වෙයි.
සියල්ල බුද්ධ බවට රූපාන්තරණය වෙයි
Osho : Sufi Pragngnayo | ඕෂෝ : සුෆී ප්රාඥ්ඥයෝ

හිසට හදවත තේරුම් ගත නොහැක. හදවතට හිස තේරුම් ගත හැකි වන්නේ හදවත හිසට වඩා ගැඹුරෙහි පවතින හෙයිනි. හදවතේ මිහිකට හිසට අයත් මිනිසාව වටහා ගත හැකි අතර ඔහු හිසට අයත් මිහියාට කරුණාව දක්වයි. එහෙත් හිසට අයත් මිනිසාට හදවතේ මිහිසාව තේරුම් ගත නොහැක.
පහතින් ඇති තත්වයට ඉහළින් වන තත්වය වටහා ගත නො හැකි අතර ඉහළින් වන තත්වයට පහත තත්වය වටහා ගත හැක. කන්ද මුදුනේ සිටින්නාට නිර්මනයේ සිටින මිනිසාව තේරුම් ගැනීමට හැකිය. එහෙත් නිම්නයේ සිටින මිනිසාව කඳු මුදුනේ සිටින්නාව තේරුම් ගත නොහැක.
Osho Bududahama Ha Saundarya | ඕෂෝ : බුදු දහම හා සෞන්දර්යය

ඔයා දෙවියන් පිළිබඳ සිතිවිල්ලේ නිමග්න වෙන්න උවමානා නැහැ. ඔයා දෙවියන් මුණගැසී හමුවෙන්න උවමනායි. ඔයා තමන්ගේ අතින් දෙවියන්ගේ අත අල්වාගත යුතුයි. ඔයා දෙවියන් වැළඳගෙන සිප ගත යුතුයි. ඔයා දෙවියන් කියන සංකල්පය නිසා සෑහීමකට සහ තෘප්තියට පැමිණෙන්නේ නැහැ. අනික සංකල්පයකින් වෙන්නේ කුමන නම් උදව්වක් ද?
ඔයාට පිපාසා නම් H,O කියන සූත්රයෙන් තෘප්තිමත් වෙන්නට හෝ සෑහීමකට පත් වෙන්න ඔයාට බැහැනේ. කෙසේ නමුත්, මේ ගෙවෙන මොහොතේ H,O කියන සූත්රය ගැන මගේ සැලකිල්ලක් නැහැ. එක අදාළත් නැහැ. හර වුණත් වැරදි වුණත්, H,O කියන සූත්රයෙන් පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඔයා HO කියන සූත්රය කෙතරම් දැනගෙන ඉන්නවද නැති ද කියන එකෙන් කිසි ම වැඩක් නැහැ. ඔයා කැමති වෙන්නෙ වතුරවලට විතරයි.
HO කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව මිනිස්සු අවුරුදු මිලියන ගාණක් තිස්සේ වතුර බොනවා. අනික එකෙන් මුළුමනින් ම තෘප්තියටත් පැමිණෙනවා. දර්ශනය වතුර ගැන කතා කරනවා. ආගම වතුර බොනවා
Osho Jeewath wenna Asayi | ඕෂෝ : ජීවත් වෙන්න ආසයි

ගියා අහනව ලිංගික මැඩපැවැත්වීම හෝ යටපත් කිරීම සහ ලිංගිකයෙන් නිදහස්වීම අතර තියෙන වෙනස මොකක් ද කියල මේ වෙනස හරිම ලොකු එකක්. ලිංගිකය මැඩ පවත්වාගත්තු මිනිසා තම ලිංගිකත්වය සහ විඳවීම ගැන දිගටම පිටතට සංඥා නිකුත් කරමින් ඉන්නේ. දිගට ම ලිංගිකයට විරුද්ධ දේ කතා කර කර, ලිංගිකය අතපල්ලට දමා, ලිංගිකමයව සිටින වෙනත් කිසි කෙනෙකුට සමාව දෙන්න. බැරි වෙලා යාවි.
දොස්තර මගෙයි ශංකරාචාර්යාගෙයි හමුව ලැහැස්ති කරන්න කාර්යාලයට ගිහිනුයි හිටියේ. දොස්තර ආපහු එනකොට ශංකරාචාරියා හිටියෙ හරිම තරහින්. ඔහු කිව්වේ, “මාව වහාම මෙතනින් වෙන තැනකට අරන් යන්න ”
ඉතිං දොස්තර, මොකක්ද වුණේ කියල ඇහුව.
ඔහු උත්තර දුන්නා, “බලන්න මේ සන්යාසීන් දිහා. ගැහැනුයි පිරිමියි අත් පටලවගෙන මට මෙතන මොහොතක්වත් ඉන්න බැහැ මේක ආගමට විරුද්ධයි, සංස්කෘතියටත් විරුද්ධයි,” එයා හොඳට ම කෝපයෙන් ඇවිස්සිලා. මේක අත් පටලවා ගත් ඔවුන් පිළිබඳ ගැටලුවක් නෙවෙයි.
මැඩපවත්වගෙන හිටපු ලිංගිකත්වය ඇවිස්සුනා, එච්චරයි. ලස්සන ගැහැනියෙක් තවත් කාගෙ හරි අත අල්ලගෙන ඉන්නව දකින එකෙන් එයාගෙ ඉරිසියාව උඩට ආවා. ඒ ඉරිසියාව මැඩපවත්වගන්නට බුබුලු දමමින් උඩට ආවේ ලිංගිකය යි. ඒ වන ලිංගිකය යටපත් කර ගන්නට යමෙකුට ගොඩක් තරහ යෑම අවශ්යයි. ඔයාට ලිංගිකය යටපත් කරගත හැක්කේ තරහ ඔස්සේ විතරයි.
Osho Me Uthkrushta Mohotha | ඕෂෝ : මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි

බුදුන් වහන්සේ සියලු මතවාදයන් (ideologies) බැහැර කළහ. උන්වහන්සේ මතවාදයක් ප්රකාශ නොකරන්නේ, සියලු මතවාදයන් සිත හා සම්බන්ධ වන බැවිනි. සිතට සම්බන්ධ මතවාදයන් වෙතින් සිතෙන් ඔබ්බට යා හැකි පාලමක් තැනිය නොහැකි බැවිනි. සියලු මතවාදයන් බැහැර කළ විට සිත ද බැහැර වේ.
බුදුන් වහන්සේ උත්කෘෂ්ට පරමාදර්ශ (ideals) සැපයුවෙක් ද නොවේ. ඕනෑ ම පරමාදර්ශයක් මිනිසා තුළ ආත්තියක් හා ගැටුමක් ඇති කිරීමට සමත් වේ. ඒවායින් මිනිසා බෙදේ. කේන්තිය ඇස්සේ, ඔබ වෙනස් පුද්ගලයෙකු වන අතර ඔවුනට ඔබ වෙනස් ම පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීමට අවශ්ය වේ. දෙදෙනෙකු ඔබ දෙපසට අදින විට. අත්වන අවාසනාවන්ත ඉරණමට ඔබ ගොදුරු වේ. බොහෝ පරමාදර්ශයන් දුක්ඛිත බව ඇති කරයි. පරමාදර්ශයන් වැඩි වන තරමට මිනිසුන්ගේ උන්මාදයන් හා මානසික විකෘති ස්වභාවය වැඩි වේ.
Osho:Ethulantha Serisara | ඕෂෝ : ඇතුලාන්ත සැරිසර

ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ අජොල් හි. භාවනා කඳවුරකදී (හමුවකදී) තම අනුගාමිකයන්ට හා මිතුරන්ට ඕෂෝ විසින් පවත්වනු ලැබූ දේශනා)
ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළින් පමණක් වන අතර එය පිටතින් ලබාගැනීමට නොහැක. ආදරය ලබාගත හැකි වෙළෙන්දෙක් හෝ වෙළඳ පලක් නොමැත. කිසිම මිලකට ආදරය ලබාගැනීමට නොපිළිවන. ආදරය යනු ඇතුළාන්ත පිබිදීමකි. ඇතුළත වූ නිදි ගත් ශක්තියක් තුළින් එය පැනනගී. එහෙත් අප සියලු දෙනා බාහිරයේ ආදරය සොයයි. ඒවගේම අප සියලු දෙනා, ආදරය කරන්නා තුළ ආදරය සොයයි.
Sansara Mandira 02 Ven Mandawala Pagngnawasa| සංසාර මන්දිර 02. මණ්ඩාවල පඥ්ඥාවාස හිමි
රු500.00
….පුනර්භවය පිළිගන්නා සමහරුන් ‘ඊළඟ භවයේ දී වඩා හොඳින් ජීවිතය ගත කිරීමේ අදහසින් වත්මන් භවය නාස්තිකාර් ලෙස ගතකිරීම මැනවැයි සාධාරණය කිරීමට යොදාගනු ලබන සදාචාර විතර්කය මගේ අවධානයට යොමුවූවකි. පිනා තුළත් පුනර්භව සංකල්පය පිළිගන්නා මා හඳුනන වෙනත් අය තුළත් එවැනි ස්වභාවයක් මම නො දුටුවෙමි. ඕ සැබවින්ම තමා ලියූ සහ දේශනා කළ මෙත්තා කරුණාව සහ එළඹ සිටි සිහිය නම් වන ප්‍රතිපත්තිය තුළ ජීවත් වූ කෘතහස්ත ලේඛිකාවක් සේ ම දක්ෂ දේශිකාවක් ද වූවාය.
ආචාර්ය චාර්ල්ස් තෝමස් කේසි
විධායක අධ්‍යක්‍ෂ
එඩ්ගා කේසි ආයතනය
Thanthra | තන්ත්ර

The Golden Gate Osho| ඇතුළාන්ත කථාව ඕෂෝ

ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න. ඔබ ලෝකය තුළ රැඳී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි.
එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි. ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද, නැත හොත් එහි දණක් ගැඹුරට ද, එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.
අසීමා | Aseema – Boundless

සැප්තැම්බර් 18 වෙනි දින නිකුත් වේ
සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කරගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින්න කැමති නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න
මගේ දේ මගේ – ඔයාගේ දෙයත් මගේ
මගේ දේ ඔයාගේ – ඔයාගේ දේ මගේ
ඔයාගේ දේ ඔයාගේ – මගේ දෙයත් ඔයාගේ
එහෙම බෙදීම් කිසිවක් නැති
විශ්වීය ප්‍රේමයක කිමිදෙන්න