Showing all 5 results

Translations, කෙටි කතා - Short Stories, නවකතා - Novel, Translations

ඛලීල් ජිබ්රාන් මුනිවරයා | Khalil Gibran Muniwaraya

රු360.00
or 3 X රු120.00 with

මව්පියෝ සහ දරුවෝ…?

“නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ.

ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ පුදරුවෝ වන්නාහ

ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ.

ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ.

නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා කරුණාව වීනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය;

මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය.

ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධධ්‍යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය;

ඒ. ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිටසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි.

හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.

දිවිය දිවිය අමතයි | Diwiya Diwiya Amathai – Khalil Gibran

රු135.00
or 3 X රු45.00 with

ආත්මය…

දෙවියන්ගේ දෙවියා ආත්මය මැවීය. හෙතෙම එම ආත්මයෙහි සෞන්දර්යය තවරමින්, අරුණෝදයෙහි ගලායන සමීරයෙහි සෞම්‍යයක්, පුෂ්පයන් කෙරෙන් විහිදී යන සුමුදු සුගන්ධයත්, චන්ද්‍රකාන්තියෙහි මනෝහරත්වයත් ඊට ප්‍රදානය කළේය.

හෙතෙම එම ආත්මයට සොම්නසේ කුසළාන ප්‍රදානය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

* ඔබ අතීතය අමතක කරමින්, අනාගතය අතහැර දමමින් විනා මෙම කුසලානෙන් පානය නො කරන්නෙහිය.

මම මලීකා | Mama Malika

රු765.00
or 3 X රු255.00 with

මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලිකා මැඩිසන්… ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි… ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ… මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.

චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි නියන්න කියලා… මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහන්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.

වැලි සහ පෙණ | Wali saha pena – khalil Gibran

රු225.00
or 3 X රු75.00 with

ජීවිතය වනාහි පෙරහැරක් සම වන්නේය;

හෙමින් ගමන් කරන්නා පෙරහැර ඉක්මන් වැඩියැයි කියමින් ඉන් ඉවතට යන්නේය;

ඉක්මනින් යන්නා පෙරහැර ප්‍රමාද වැඩියැයි කියමින් ඉන් ඉවතට වන්නේය.

Life is a procession. The slow of foot finds it too swift and he steps out;

And the swift of foot finds it too slow and he too steps out.

La vie est une procession. Celui qui marche lentement la trouve trop rapide et en sort:

Et celui qui marche vite la trouve trop lente et en sort lui-aussi.

මෙහි ඉහළ ම ශීලය වෙනත් ලෝකයක දී අවම ශීලය විය හැක්කේය.

The highest virtue here may be the least in another world. La vertu la plus noble ici-bas peut être la plus infime dans l’autre monde.

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada nagaraye kuda niwahana

රු722.50
or 3 X රු240.83 with

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමු වැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් පිවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.