Showing all 3 results
Price
Translations, සිංහල-Sinhala
ඉසිවරයා | Isiwaraya – The Prophet Kahlil Gibran

Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද බලිල් පිබිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.
ශාපලත් පැපිරසය | A Lost Papyrus

ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්… ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වි තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.
ඇබොට් පැකෝමාස්
“කරුණා කර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.
මාර්ක් වයිල්ඩර්
නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිවියේ වටිනාම හමු වීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.
ඇටායා
කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්ෂකයා, පැකෝමාස්. ඔබට අවවාද කළේ නැති ද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.
පිවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒ සහමුලින්ම නැතිවෙන්නේ නැහැ.”
හොවාඩ් කාටර්
සීමා නැති ආදරේ | Seema Nathi Aadare

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි