Showing all 2 results

Translations, Translations

මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 1 / Malory Towers / Malory Towers Balika Viduhala 1/ First Term

රු675.00
or 3 X රු225.00 with

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. “කතාන්තර කීමේ රැජින ‘ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.

ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනා ගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි. ” මැලෝරි ටවර්ස් බාලිකා විදුහල “. නේවාසිකාගාර සතරකින් සමන්විතමෙම උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය චන්ද්‍ර අනගිරත්න අතින් නිම වී ඇත.

මුනිවර දේශනා හෙවත් සෞන්දර්යේ ගීතය | Muniwara Deshana Hewath Saundarye Geethaya

රු630.00
or 3 X රු210.00 with

ඛලීල් ජිබ්රාන් නම් වූ අපුරු චින්තකයා, සොදුරු සිත්තරා, විශිෂ්ට සවියා මධුර ස්වරයෙන් ගායනා කරන මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය සියුම් හා තියුණු ආලෝක ධාරාවක් වැල්ල කරන්නේ ‘ පවතයේ සංකේත තේරුම් ගැනීමට යැයි මම සිතමි.

හුදෙකලා කුටියේ තමා හා ගතකරන්නට, මධු බඳුන් පුරවාලන්නට පැමිණි සොඳුරු ආදරවන්තිය යනු පෙරදා තමා විසින් දකිනු ලැබූ සිහිනයයැයි ඔහු වරෙක කියයි. එතැන් පටන් මේ සුරූපිණිය විප්‍රවාසයේ නිර්මනය හා විස්මෘතියේ නිම්නය බලා පිටව ගිය බව ද පවසයි.

සිය යහන අසලින් ඇගේ රුව වල්ලා තැබුව ද, ඇය එවු පෙම්හසුන් මරකත මාණික්‍යයෙන් කළ මංජුසාවක තැන්පත් කළ ද, තදනන්තරව පැමිණි වා රැළි විසින් ඒවා පලවා හනු ලැබුණේ විස්තෘතියේ පෙදෙස් කරා යැයි ද කියා සිටී.

මේ ආදර වන්තියට, ඔහු නමක් දෙන්නේ පසුව ය.

මගේ ආදර වන්තියගේ නම් ජිවිතයයි.

මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් සිංහල බසට පෙරලු මේ වදන් පෙඳු පිරාන් නම් වූ මහා කවියාගේ කාව්‍යමය සංකල්පනාවන්හි ප්‍රයමානයයි. සෞන්දර්යයේ ගීතය හා සුසංයෝගීව පසු බිමින් වශයන වස්දඬුරාවයක් මෙ මට පෙනී යන්නේ. මේ පොත දෑසින් අසන්නටත් දෙසවනින් නරඹන්නටත් පුළුවන.