Showing 1–24 of 30 results
Price
Russian Translations
Diknaka asala govipalaka sandhyawan – ඩිකන්කා අසල ගොවිපළක සන්ධ්‍යාවන්

Kids Promotional Book Pack

Kunatuwen Upatha Laddo | කුණාටුවෙන් උපත ලද්දෝ

Peralu Nawum Pasa I – පෙරළූ නැවුම් පස I

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”
”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.
”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”
”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”
”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”
”සහෝදරයා කසාද බැඳලද?”
”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”
” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.
අඳ වාදකයා / ada wadakaya

ව්ලදිමීර් කරලෙන්න්කොගේ ‘අඳ වාදකයා නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස් කව්හි ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්තහිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියෝය.
රුසියානු හා සෝවියට සාහිත්‍ය කෘතින් සමම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ලියෝ කොල්ස්ටෝයි’ සම්මානය පුදනු ලැබීය.