Showing all 6 results
Price
War
Adhishtanaya | අධිෂ්ඨානය

අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ 2005 සැප්තැම්බර් 1 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස පත්විය. LTTE ත්‍රස්තවාදය මුළුතින්ම පරාජය කළ හතර වන ඊළාම් යුද්ධයේදී ඔහු නාවික හමුදාවට නායකත්වය ලබාදුන්නේය. මහුගේ ධූර කාලය තුළදී නාවික හමුදාව සතු සීමිත සම්පත් උපරිම ලෙස යොදා සතුරු නෞකාවන් තමන් වෙත පැමිණෙන තෙක් නොසිට ශ්‍රී ලංකාවේ සිට කි.මී. 3000 කට වඩා දුර ජාත්‍යන්තර මුහුදේ ඉන්දුනීසියාවට සහ ඕස්ට්‍රේලියාවට ආසන්න වන තෙක් හඹා ගොස්, LTTE මුහුදු සැපයුම් ජාලයට අයත් “අවි ගබඩා නෞකා “ විනාශ කර, ත්‍රස්තවාදීන්ට ලැබෙන සියලුම සැපයුම් නවත්වා, මානුෂීය මෙහෙයුමට මහත් ශක්තියක් ලබා දුන්නේය. එමගින්, ශ්‍රී ලංකා මුහුදු තීරයට සීමා වූ නාවික හමුදාව (Brown Water Navy) ජාත්‍යන්තර මුහුද ජයගත් නාවික හමුදාවක් (Blue Water Navy) බවට පත් විය. ඔහුගේ “කුඩා බෝට්ටු සංකල්ප” සමග නාවික හමුදාව විසින්ම නිපදවූ “ඇරෝ බෝට්ටු” මගින් LTTE මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු යොදගනිමින් කළ අසමතුලිත සංග්‍රාම ක්‍රමය (Asymmetric Warfare) පරාජය කිරීමට සහ LTTE මුහුදු කොටි බලකාය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සමත් විය.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ නාවික හමුදාපති තනතුරෙන් විශ්‍රාම ගත් පසු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් 2009 ජූලි මස සිට ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධීපතිතුමන්ගේ අධික්ෂණය යටතේ ඇති මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු ද්විත්වයටම පත් කරන ලදී. 2011 මාර්තු මස 28 වන දින අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම් ලද අතර එතැන් සිට මේ දක්වා දෙරට අතර වෙළඳ ආයෝජන ප්‍රවර්ධන සහ සංස්කෘතික හුවමාරු මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ද වඩ වඩාත් ශක්තිමත් කරමින් තම රට වෙනුවෙන් තවදුරටත් තම මෙහෙවර ඉටුකරමින් සිටී.
Awi Bimaka Giniyama | අවි බිමක ගිනියම

“තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලූතිතන් අලදෙනිය හීන්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව රශ්මිය භට නිවාසයේ වහල විනි දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝපුල් හීන්අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.”
“මැදියමට ආසන්නවත්ම කොකාවල් සටනෙහි තීරණාත්මක මොහොත එළැඹියේය. ඉතිසන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙත් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිදුව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමග සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණි. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදිග තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබද තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.
https://youtu.be/SlAGfgExk2c
Eliyakanda Wada Kandawura(K.Point)|එළියකන්ද වධ කඳවුර (කේ.පොයින්ට්)

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.
හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.
එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.
ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.
Maranaya Madin Mulathivu Sita | මරණය මැදින් මුලතිවු සිට

උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැව් තුවාල ලැබූ දිසානායකටද ඉවෙක්වෙන් දැහුණේය. තමන් හිසා සෙසු සියලුදෙනාගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්‍ෂා කෙළේය, එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්හට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වූයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඬ කරවන ලෙසය. ඒ වන විට ත්‍රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ. ඔවුන්ගේ ගිනි අවි හඳ එළියට දිලිසෙමින් තිබිණ. සුලු චලනයකදී වුව ඒවා හිසැකවම ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හෘදස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඬියාවක් තුළ දිසානායක එක් වර්ක කහින හඬට 11 දෙනෙකුගේ ජීව්තවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසඳාගත නොහැකි ගැටළුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක හෝ ප්‍රමාදයකට කිසිදු ඉඩක් නොවීය. එහිදී ඉතිරිව තිබූ එකම් විකල්පය ක්‍රියාත්මක කරන ලෙස දිසානායක වල කළේය.
පෘථි තිබූ වසන්තගේ අතෙහි වූ තුවාලයෙන් තවමත් ලේ බිඳු වෑස්සෙමින් තිබිණ. එහි වේදනාව අපහසුතාවය පර්යා ඔහු පෙදුණේ සංකාවයි. එතෙක් පිටදිහත් වතුර ටැංකියේ බිත්තියෙන් මදක් ඈත්ව ආපසු හැරුණ ඔහු සිය අතින් ගලායන ලේ බිඳු ඇඟිලි තුඩට ගෙන එහි බිත්තියේ කිසියම් දෙයක් ලියන්නට විය. වෙව්ලන සුරතින් එහි අපිළිවෙලට ඇඳෙන අකුරු දෙස බලාපොරොත්තු සහගත ඔහුගේ ස් තොපියව් දැල්ව තිබිණ. ”සමුගනිම්, ශිරානි + වසන්ත, 1996/07/22” ලෙස එහි රක්ත වර්ණයෙන් සටහන් විය.
https://youtu.be/SlAGfgExk2c
Nonimi Aragalayaka Mathaka Gini Pupuru | නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටාලයේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමඟ දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්‍රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දී සෝමෙ ඉතා හැඟුම් බර ලෙස “උපාලි බලාගෙන මූ වෙඩි තියාවි උඩටම යන්න එපා” යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වෙන ලෙස ගුවන් භටයාට කෑගසමින් සිටියෙමු. ඉණිමග දිගේ උඩට ගිය උපාලි පැටුල් බෝම්බය විසිකිරීමට පෙර ගුවන් භටයා අවියත් සමගම අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය. ඈතින් පිහිටි අට්ටාලවල සිටි ගුවන් භටයන් වෙඩි තබා ගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලතම හිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සුදානම් වෙමින් සිටියෙමු.