Showing all 7 results

#russian

කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01

රු2,125.00
or 3 X රු708.33 with

මම චිත්‍ර ශිල්පියෙක්.

කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්‍ර අඳිනවා.

බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය

ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.

මේ පොත කියවන කොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!

කතන්දර හා පින්තූර 02 | Kathandara Ha Pinthura 02

රු1,487.50
or 3 X රු495.83 with

කුකුළු පැටවා සහ තාරා පැටවා, දඟකාර පූසා ඇතුළු ඔබ ආස කරන චරිත නිමවූ සුප්‍රසිද්ධ කතන්දර කියන්නාගේ අනෙකුත් වීරයන් හමුවන්න විශාල සිතුවම් පිරිණු කුඩා වික්‍රමාන්විතයන්, 1952 සිට පොඩිත්තන් විසින් කියවා රසවිඳි ප්‍රියතම කාටූන් චරිත සහිත යහ ගුණ කියාදෙන බුද්ධිමත් කතන්දර.

පරිවතනය – තාරක ලියනාඩෝ විපුලගුණ

ගණිත විනෝදය | Ganitha Winodaya

රු1,487.50
or 3 X රු495.83 with

මෙම පොත කියවීම සඳහා අංක ගණිතය හා මූලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිළිබඳ සුළු අවබෝධයක් පමණක් පාඨකයාට තිබීම සෑහේ. මෙහි එන ගැටලු සුළු සංඛ්‍යාවක් පමණක් විසඳීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසඳීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සූත්‍රවල සිට, ගැණීමේ හා මිනිමේ ව්‍යවහාරික එමෙන් ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලු වලින් සමන්විතය.

පින්තූර කතා | Pinthura Katha

රු1,487.50
or 3 X රු495.83 with

රුසියානු සුරංගනා කතා

රත්රන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම් | Rathran Yathura Hewath Burathinoge Hapankam

රු2,125.00
or 3 X රු708.33 with

මා පුංචි කාලේදී  – බොහොම ඉස්සර කාලෙ මම එක පොතක් කියෙව්වා. ඒ පොතේ නම් “පිනෝකියෝ හෙවත් ලී බෝනික්කාගේ සංචාරය”(ඉතාලි භාෂාවෙන් ලී බෝනික්කාට කියන්නේ බුරතීනො කියල).

මා කුඩා කාලදී මගේ යාළුවන්ට බුරතී නොගෙ හපන්කම් ගැන නොයෙකුත් කතා කිව්වා. මගේ පොත මා අතින් නැති වුණු නිසා ඒ කතා මම නොයෙක් නොයෙක් ලෙස කිව්වා. සමහර දේ පොතෙහි නැති වුණත් මම සිතින් සිතලා කිව්වා.

දැන් ඉතින් අවුරුදු බොහෝ ගණනක් ගෙවුණාට පස්සේ පුංචි ළමයින්ට මගේ පැරණි මිතුරා ගැනත්, එයාගේ හපන්කම් ගැනත් ලියන්ට කල්පනා කළා. මේ පොත මා අතින් ලියැවුණේ ඔය විදිහටයි.

රස කතා | Rasa Katha

රු1,275.00
or 3 X රු425.00 with

රුසියන් ගත්කතුවරුන් ගේ ළමා කතා එකතුවකි.

රුසියානු සුරගන කතා එකතුව | Russian Suragana Katha

රු11,261.00
or 3 X රු3,753.67 with

අප කුඩා කළ අාසාවෙන් රස විදි රුසියානු සුරඟන කතා නැවතත් 15% වට්ටමක් සමගින් රසකතා වෙතින් නිවසටම ගෙන්වා ගන්න. ( සියලුම පොත් ඝනකම් කවරයෙන් නිමවා ඇත )

15% වට්ටම අඩු කළ පසු මිල,

1. පින්තූර කතා – රු. 1487/=

2. රත්රන් යතුර හෙවත් බුරතිනොගේ හපන්කම් – රු. 2125/=

3. රස කතා – රු. 1275/=

4. කතන්දර හා පින්තූර 01 – රු. 2125/=

5. කතන්දර හා පින්තූර 02 – රු. 1487/=

6. පිෆ්ගේ වීර ක්‍රියා – රු. 1275/=

7. ගණිත විනෝදේ – රු. 1487/=

පොත් 6 ම මිල රු. 11 261/=

KoKo හරහා ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකියි.