Price
Translation
MATA MATHAKA MAMA – මට මතක මම

මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු.
Sherlock Holmes | බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස

දොස්තර ජෝන්, එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ
ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සහයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරික්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ ඇමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක්ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?
Sherlock Holmes | ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා

අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.
සද දෙකඩ සඳ

මුහම්මද් තුමාගේ චරිතාපදානය “සද දෙකඩ සඳ”
උත්තර භාරතයේ උපත ලද ලෝකයේ ඉස්ලාම් දහම පිළිබද ලොව ඉහලින්ම පිළිගත් විද්වතෙක් වන ෂෙයික් සෆියුර් රහ්මාන් අතින් ලියවුනු පොත් සිය ගණනක් අතුරින් ඉතා ප්‍රසිද්ධ වූ පොතකි (“When The Moon Split”). එය උර්දු භාෂාවෙන් ලියන ලද වක්තෘවර මුහම්මද් නබි නායක තුමාගේ ජිවිත කතාව අලලා ලියවුනු පොතක්. එම මුල් පොතේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් නැවත සිංහලට පරිවර්තනය කලේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
ආගම පිළිබද වඩා හොද අද්යනයක් ලබා ගැනීමට මෙම පොත ඔබට මහෝපකාරී වේ.