Showing 217–240 of 1295 results

Shop

Money Matters Book collection

රු2,250.00
or 3 X රු750.00 with

MUKTHI – මුක්ති

රු360.00
or 3 X රු120.00 with

Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

රු720.00
or 3 X රු240.00 with

ගෞතම බුද්ධ ඥාණාවලෝකනයට පත්වුණා.

ඔහු යථාර්ථයේ නියම සාරය අවබෝධ කරගත්තා. ඔහු දැනගත්තා චිතරක් නොවෙයි. ඔහු අත්දැක්කා.

ඔහු දැනගත්තා විතරක් නෙවෙයි……ඔහු ඒ බවට පත්වුණා.

ඉතිං එහි දී චයාගේ චිත්තය තුළ ඇතිවෙච්ච පළවෙනි ප්රශ්නය මේක යි.

“මම කොහොමද මේක පැහැදිලි කරන්නේ ඔහු අවබෝධ කරගත් තත්ත්වය ඕනවටත් වඩා විශාලද? මුළු අහස තරම්…… සමහර විට සීමාව අහසත් නොවේ.

අනික වචන හරී ම කුඩයි.

ඔහු අවබෝධ කරගත් තත්ත්වය හරී ම ගැඹුරුයි. මුහුද පවා එතරම් ගැඹුරු නැහැ. ඉතිං වචන

ඒවාට කිසිම ගැඹුරක් නැහැ. ඔහු අවබෝධ කරගත් තත්ත්වය බහුමානීයයි.

වචන රේඛීය යි. වචන ඒකමානීය යි. මාවතේ අඳුරේ අතපතගාන අයට මේ අමුතු අත්දැකීම ගෙන එන්නේ කොහොමද?

Muthu Wisi Kireema | මුතු විසි කිරීම | Casting Pearls

රු2,250.00
or 3 X රු750.00 with
“මුතු විසිකිරීම – ශ්රී ලංකාවේ ස්ත්රී ඡන්දබල ව්යාපාරය”

මුතු විසිකිරීම – ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය හා සම්බන්ද ස්ත්රීන්ගේ ප්රථම අරගලය පිළිබඳ විස්තරයකි. සර්වජන ඡන්දබලය පිළිබඳව උණුසුම් වාද විවාද සිදු වූ මෙන්ම ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් ස්ත්රීන්ට ඡන්ද අයිතිය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමක් හා සමාන යැයි ප්රකාශ කරන ලද 1920 දශකය යනු දේශපාලන ප්රබෝධයක් හා සමාජ විපර්යාසයන් සිදු වූ කාල පරිච්ඡේදයකි. ස්ත්රී ඡන්දබල සංගමයේ පුරෝගාමී ස්ත්රීහු සියලුම ආධානග්රාහින්ට අභියෝග කළ අතර ස්ත්රීහු ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය, මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය සහ ව්යවස්ථාදායකයේ අසුන් ගැනීමේ අයිතිය වැනි ස්ත්රීන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව ඉදිරියට පැමිණියහ. ඩේසි බණ්ඩාරනායක ආර්යාව, වෛද්ය නල්ලම්මා සත්ය වාගීස්වර අයියර්, ෆ්ලොරින්ඩා විජේකෝන්, ඇග්නස් ද සිල්වා, වෛද්ය මේරි රත්නම්, නෙලී ගුණසේකර සහ ලීලාවතී අසරප්පා ඇතුලු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් උද්යෝගිමත් ස්ත්රීහු බොහොමයක් මෙම ව්යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන් මුහුණ දුන් විරෝධය විකාරරූපී බවකින් හා නිස්සාරත්වයෙන් යුක්ත වූ අතර එම විවේචන පාලනය කරගැනීමටත් ඒවාට තියුණු පිළිතුරු දීමටත් ප්රතිසංස්කරණවාදීනියන්ට හොඳින් හැකිවිය. සර්වජන ඡන්ද අයිතිය සහ ස්ත්රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ප්රජාතන්ත්රවාදයේ අත්යවශ්ය අංගයක් යැයි විශ්වාස කළ ලිබරල් හා ප්රගතිශීලී පිරිමින්ගේ සහායද ඔවුන්ට ලැබුණි. 1932 වන විට රාජ්ය මන්ත්රණ සභාවේ ස්ත්රීන් දෙදෙනෙක් විය. ඔවුන් ඇඩලීන් මොලමුරේ සහ තේසුම් සරවනමුත්තු ය. මෙම කෘතිය ශ්රී ලංකාවේ ස්ත්රී ඉතිහාසය ලේඛනගත කිරීමට වැදගත් එකතු කිරීමක් වනු ඇත.

ස්ත්රීවාදී ගැටලු පිළිබඳව බෙහෙවින් ලිපි ලේඛන ලියා ඇති මාලතී ද අල්විස් මානව විද්යාඥවරියකි.

කුමාරි ජයවර්ධන දේශපාලන විද්යාඥවරියකි. කම්කරු ව්යාපාරය, සමාජ පංති, ජනවාර්ගිකත්වය සහ ස්ත්රීවාදය යන ක්ෂේත්රවලට අදාලව ලිපි ලේඛන ප්රකාශයට පත් කර ඇත.

My Journey with the Commando Regiment

රු1,350.00
or 3 X රු450.00 with

By writing this book, Sunil has recorder an important piece of Army history.The commando regiment provides powerfull insight in to the theories,strategies,and tactics that were fundamental to the role, formation and operation of the commandos, a distinct group whose performance on the battle field would prove to be a turning point for the Sri Lanka Army’s battle strategy.

Naa Naa | නා නා

රු621.00
or 3 X රු207.00 with

මොහොතින් මොහොත

නා නා වෙනස් වීම් වලට භාජනය වන, නා නා පරිමාණයේ ජීවිත කෑළි,

නා නා තැන්වලින්,

නා නා මාත්‍රාවන්ගෙන්,

නා නා ලෙසින් අල්ලගෙන,

නා නා තැන්වල එල්ලගෙන,

නා නා චරිත අසබඩ නැවතෙමින්, නා නා වෙසින් විඳින, විඳවන,

නා නා ව්ද, හදවතේ සාක්ෂි කොටස්,

“නානා“ ලෙසින් පුස්ථක ගතකිරීමට,

නා නා හේතූන් තිබුණද,

නා නා පරාස වල දෙනෙත් හිමි, නුඹට අවැසි ලෙස,

නා නා අයුරින්

“නානා“

නුඹේ කරගෙන විඳීම හෝ විඳවීම දැන් අයිති ඔබටයි..

Nadunana Mandakini | නාදුනන මන්දාකිනි

රු425.00
or 3 X රු141.67 with

A Poetry Collection by VINYA MENIKE JAYASEKARA

උපහැරණ ද රූපක ද බහුල අර්ථාලංකාර මෙන් ම සමත අනුප්‍රාස ලෙළෙන ශලහොර මැණින් ඉල්ලමත් වින්යා මැණිනේ සන්තකයේ පවතී.

තවනාර අලංකාර පවතින්නේ වන නමුදු ගැඹුරුතර කවිය නිරායාසයෙන් ම, අවශ්‍යයෙන් ම සංයමය ද ඖචින්‍ය ද ප්‍රාර්ථනා කරයි වින්යා මැණිනේ කෙමෙන් වළැඹෙමින් සිටින්නේ එකී ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරනන්හට පේවෙන කාවක්කාර ජීවන අඩවියන් වෙන ය

වින්යාගේ කාව්‍ය වින්‍යාසය ගොඩනැංවෙන පරම අවකාශය සත්යනගනව පවනින්නේ වෙයි. ඇගේ පරිනල්පන ලෝකය යනු ගල්ෆ් සිතුවමන රේඛා වර්ණ හැඩගලුව වැහිරි හොයා දෙන ලාංකේය ජීවිතය මෙන් ම ගැඹුරු ජීවය මතත්තයන් මත ස්ථානගන වීමට වීර්යය වැඩීමයි.

“සන්තාප නැවරුණු 

හැම තනුවකම

හැම ස්වරයකම

ඇසි ඔබේ විල්ලුදමය හඬ 

මහා හිස් බවකි ජීවිතය..

මෙකී මහා හිස් බවෙන් මිදී, යථාර්ථය වෙත සේන්දු විය හැකි නාර්තික ආනුභූතික නිමේශ ගවේෂණයෙහි යෙදෙන වින්යාගේ නාකරණය වගානී නව්ය හා මනුෂ්‍ය පැවැත්ම අතර පවතින මහානාර්ය සම්බන්ධයේ පිළිබිඹුවකි.

මංජුල වෙඩිවර්ධන

Nawaya Sagawunu Kathawa | නවය සැගවුණු කතාව

රු450.00
or 3 X රු150.00 with

 

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අද්‍යතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම් කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟි ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම් සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය කර තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලින් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා, විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙව්යෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.

මහාචාර්ය ටියුඩර් වීරසිංහ ශ්‍රී පාලී මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය

Nil Katrol – නිල් කට්රොල්

රු1,485.00
or 3 X රු495.00 with

මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්නා, නොදන්නා සිත්තරෙකුගේ ගුප්ත ආදර අන්දරයක්. කට්රොල් මල් කෙමියක ඇළුණු රසයෙන් මැවෙන නොතිත් කුතුහලයක්.

NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව

රු382.50
or 3 X රු127.50 with

එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල මතු කෙරෙන කෙටිකතා එකතුව.

Niyatha Wiwaranaya | නියත විවරණය

රු320.00
or 3 X රු106.67 with
රජයක් සිය රට වැසියන්ට සලකන ආකාරය ඒ ඒ රටවල ස්වෛරි කාර්යභාරයක් බවත් ඒ සම්බන්ධයෙන් අන් රටවලට ඇගිලි ගැසිය නොහැකි බවත් හිට්ලර්ගේ මානව විරෝධී අමානුෂික අපරාධ හෙළිදරව් වන තෙක් ම අන්තර්ජාතික දේශපාලනයේ මුල් බැසගත් මතයක් විය. ආයෝන්තම සමාජයක් ගොඩ නැගීම සඳහා හිට්ලර් සහ ඔහුගේ සහචරයෝ යුදෙව් ගැහැනුන්, ළමෙයින් හා මිනිසුන් හයලක්ෂයක් මරා දැමුහ. මේ සා සහාසික ජනඝාතයක් වැළැක්වීමට ලෝකයා අසමත් වුයේ ඇයි? රජයක් සිය රටවැසියන් සම්බන්ධයෙන් ගනු ලබන කිනම් ක්‍රියාමාර්ගයක් වුවද රටක අත්තනෝමතික ස්වෛර්යත්වය තෙ තීරණය කළ හැකිද? අවසාන විග්‍රහයේදී ඇත්ත වශයෙන්ම ස්වෛරී විය යුත්තේ රටද? නැතහොත් මනුෂ්‍යාත්මභාවයද?
දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි විශිෂ්ට පුද්ගලයන් කණ්ඩායමක්මිනිසා මනුෂ්‍යයෙකු  වන්නේ කවර අනුල්ලංඝනීය අයිතිවාසිකම් නිසාදැයි නිර්ණය කිරීම සඳහා දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ දෙවසරක් පුරා කතිකාවක් පැවැත්වූහ. ඔවුන්ගේ තර්ක විතර්ක, කේවල් කිරීම් පිළිබඳ අපූරු තොරතුරු පමණක් නොව ඔවුන් විසින් අනුදත් ඒ අයිතිවාසිකම් පිළිබඳව ගත වූ දශක හය තුළ ලෝක මතය හැඩගැස්වී ඇති අයුරු ගැනත් කළ දැනුවත් විමසුමකින්ද මේ පොත පොහොසත්ය. 

No regrets, Let’s Love!

රු764.15
or 3 X රු254.72 with

සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැඟෙන්නේ ද එවිට ය. කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

NO STOPPING OR TURNING BACK

රු3,375.00
or 3 X රු1,125.00 with

nokiyu prawruththi chethana liyanage | නොකියූ ප්‍රවෘත්ති චේතනා ලියනගේ

රු450.00
or 3 X රු150.00 with

සිංහල ගම සරුසාර වූයේ පන්සලත්, ගුරු ගෙදරත්, වෙද ගෙදරත්. ලියන ගෙදරත් හිසාය. රයිගම් කෝරළයේ දිවලකඩ ගමේ උපන් ශ්‍රී ලංකාවේ සුප්‍රකට ලේඛකයෙකු හා ව්ශිෂ්ට ජනමාධ්‍යවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ සහ පර්ණිත අධ්‍යාපනඥවරියක මෙන්ම ලේඛිකාවක වූ චන්ද්‍රලතා ලියනගේ මහත්මියගේ කාර්යබහුල නිවහන වූයේ “ලියන ගෙදර” යි. එහි උපන් චේතනාද, දෙමාපියන්ගෙන් උරුම කොටගත් නැණ නුවණට ස්වකීය බුද්ධි ප්‍රභාවද මුසු කර ගනිමින් දැන් සිංහල පාඨක ලෝකයටද පිවිසෙන්නීය.

“ගුලි” යන අපරනාමයෙන්ද හැඳින්වුනු ලියනගේ මහතා තමාටම උරුම වූ චින්තන ධාරාවක්ද, ලේඛන ශෛලියක්ද තිබූ අභිමානවත් ලේඛකයෙකි. සිය පියාණන් රුපියල් සත සොයා සිය ආත්මය කැප නොකළාසේම, චේතනාද වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන මුදල්වලට සිය රූප කාය හෝ හඬ පෞරුෂය හෝ නොවික්කාය. ඇය සිය ළමා කාලය මෙන්ම නව යොවුන්වියද සිය දෙමාපියන් සහ සහෝදර සහෝදර්යන් සමග ගත කළ හැටි, මනා කෙටි කතා ශෛලියකින් මෙහි විස්තර කොට ඇත්තේ ඉතාමත් රසවත් ලෙසය. මේ කතා එක හුස්මට කියව්ය හැකි තරම් ආස්වාදජනක වෙයි.ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස දශක දෙකක් ප්‍රේක්ෂකයන් අතරට ගිය චේතනා. ඉන් වසර දහයක් සතියේ දින පහේම ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇත්තේ,මෙරට එසේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ප්‍රථමයා වෙමින් ය. මෙහි සඳහන් ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධ චේතනාගේ අත්දැකීම් එම වෘත්තියට පිවිසෙන ආධුනිකයන්ට වටිනා අත්වැලක් සපයයි. චේතනාගේ ලේඛන කුසලතාවද අනාගතයේදී තවදුරටත් මල්පල ගැන්වෙනු ඇතැයි සිතම්.

මහාචාර්ය ජේ. බී. දිසානායක

Nonimi Aragalayaka Mathaka Gini Pupuru | නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

රු1,700.00
or 3 X රු566.67 with

අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.

බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටාලයේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමඟ දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්‍රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දී සෝමෙ ඉතා හැඟුම් බර ලෙස “උපාලි බලාගෙන මූ වෙඩි තියාවි උඩටම යන්න එපා” යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වෙන ලෙස ගුවන් භටයාට කෑගසමින් සිටියෙමු. ඉණිමග දිගේ උඩට ගිය උපාලි පැටුල් බෝම්බය විසිකිරීමට පෙර ගුවන් භටයා අවියත් සමගම අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය. ඈතින් පිහිටි අට්ටාලවල සිටි ගුවන් භටයන් වෙඩි තබා ගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලතම හිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සුදානම් වෙමින් සිටියෙමු.

Noori | නූරි

රු1,062.00
or 3 X රු354.00 with

නූරි, රොමේෂ් සහ චාපක මහිල් මතින් මා කරපින්නාගෙන පැමිණියේ,

‘ස්ත්‍රිය වනාහි මෙසේය, පුරුෂයා වනාහි එසේය,”

කියමින්,

යම් කලක සමාජය විසින්ම මවාගන්නා ලද භාවයන් මත, රාමු කළ ව්‍යුහයන් පසු කාලීනව, පුරුෂ ලක්ෂණ, ස්ත්‍රී ලක්ෂණ ලෙස සපථ කර භාරගැනීම තුල,දිනක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයන්ටම ඇතිවන අනෙක විද බාධා සහ සීමාවන්ගේ පීඩනය,තවත් වටයකින් සමාජයට, රිදුම් පමණක්ම ඉතුරු කරමින් නිදහස් මිනිස් හැඟීම් දැනීම් වලට බැඳීම් එකතු කරවා, සම්මතය යැයි පිහිටුවීමට සමාජය විසින් සමාජය වෙත කරවන වක්‍රානුකූල බලකරවීම කෙරෙහි පුද්ගලිකව මා තුල ඇති අප්‍රසාදයෙහි වම් පස කොටසයි.

Obe Daru Sihinaya Malpala Ganwimata | ඔබේ දරු සිහිනය මල්පල ගැන්වීමට

රු675.00
or 3 X රු225.00 with

මවක වීමට පෙරුම් පුරන කාත්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පා සිටින කාන්තාවන්ටද, තම සිහිනය සැබෑකර ගැනීමට මෙම ග්‍රන්ථය පිටිවහලක් වන බව නොඅනුමානය. සඳහන් කරුණු සරලව විග්‍රහ කළ ඇති මෙම ග්‍රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.