Showing 241–264 of 1381 results
Price
Shop
Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.
Journey to the Moon
– මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Mona Magulakda Manda – මොන මගුලක්ද මන්දා

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි
Motivational Book Collection
රු8,156.00
විශිෂ්ටයන් තිදෙනකුගේ විශිෂ්ටතම කෘති 11ක්..
කැලුම් වැලිගම, භාතිය අර්ථනායක, ප්‍රමේෂ් වික්‍රමසිංහ ලියු කෘති දැන් 15%ක වට්ටමක්ද සමගින් රසකතා වෙතින් නිවසටම ඇනවුම් කර ගන්න. ජීවිතය දිනන්න.
15% වට්ටම අඩු කල පසු මිල –
තරගයේ වීරයා – රු, 1062/=
දියුණුවේ මන්ත්‍ර – රු. 850/=
බිස්නස් පිස්සුව – රු. 850/=
ජීවිතය වෙනස් කරන කතා 1 – රු.637/=
ජීවිතය වෙනස් කරන කතා 2 – රු.637/=
ජීවිතය වෙනස් කරන කතා 3 – රු.637/=
ජීවිතය වෙනස් කරන කතා 4 – රු.637/=
ශර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද – රු. 637/=
පර්සෝනා – 1062/=
ඉරණම වෙනස් කිරීමේ කලාව – රු. 637/=
විශිෂ්ට පියවර – 510/=
පොත් 11 ම මිල රු. 8156/=
KoKo හරහා ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකියි
Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

ගෞතම බුද්ධ ඥාණාවලෝකනයට පත්වුණා.
ඔහු යථාර්ථයේ නියම සාරය අවබෝධ කරගත්තා. ඔහු දැනගත්තා චිතරක් නොවෙයි. ඔහු අත්දැක්කා.
ඔහු දැනගත්තා විතරක් නෙවෙයි……ඔහු ඒ බවට පත්වුණා.
ඉතිං එහි දී චයාගේ චිත්තය තුළ ඇතිවෙච්ච පළවෙනි ප්රශ්නය මේක යි.
“මම කොහොමද මේක පැහැදිලි කරන්නේ ඔහු අවබෝධ කරගත් තත්ත්වය ඕනවටත් වඩා විශාලද? මුළු අහස තරම්…… සමහර විට සීමාව අහසත් නොවේ.
අනික වචන හරී ම කුඩයි.
ඔහු අවබෝධ කරගත් තත්ත්වය හරී ම ගැඹුරුයි. මුහුද පවා එතරම් ගැඹුරු නැහැ. ඉතිං වචන
ඒවාට කිසිම ගැඹුරක් නැහැ. ඔහු අවබෝධ කරගත් තත්ත්වය බහුමානීයයි.
වචන රේඛීය යි. වචන ඒකමානීය යි. මාවතේ අඳුරේ අතපතගාන අයට මේ අමුතු අත්දැකීම ගෙන එන්නේ කොහොමද?
Muthu Wisi Kireema | මුතු විසි කිරීම | Casting Pearls

මුතු විසිකිරීම – ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය හා සම්බන්ද ස්ත්රීන්ගේ ප්රථම අරගලය පිළිබඳ විස්තරයකි. සර්වජන ඡන්දබලය පිළිබඳව උණුසුම් වාද විවාද සිදු වූ මෙන්ම ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් ස්ත්රීන්ට ඡන්ද අයිතිය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමක් හා සමාන යැයි ප්රකාශ කරන ලද 1920 දශකය යනු දේශපාලන ප්රබෝධයක් හා සමාජ විපර්යාසයන් සිදු වූ කාල පරිච්ඡේදයකි. ස්ත්රී ඡන්දබල සංගමයේ පුරෝගාමී ස්ත්රීහු සියලුම ආධානග්රාහින්ට අභියෝග කළ අතර ස්ත්රීහු ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය, මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය සහ ව්යවස්ථාදායකයේ අසුන් ගැනීමේ අයිතිය වැනි ස්ත්රීන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව ඉදිරියට පැමිණියහ. ඩේසි බණ්ඩාරනායක ආර්යාව, වෛද්ය නල්ලම්මා සත්ය වාගීස්වර අයියර්, ෆ්ලොරින්ඩා විජේකෝන්, ඇග්නස් ද සිල්වා, වෛද්ය මේරි රත්නම්, නෙලී ගුණසේකර සහ ලීලාවතී අසරප්පා ඇතුලු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් උද්යෝගිමත් ස්ත්රීහු බොහොමයක් මෙම ව්යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන් මුහුණ දුන් විරෝධය විකාරරූපී බවකින් හා නිස්සාරත්වයෙන් යුක්ත වූ අතර එම විවේචන පාලනය කරගැනීමටත් ඒවාට තියුණු පිළිතුරු දීමටත් ප්රතිසංස්කරණවාදීනියන්ට හොඳින් හැකිවිය. සර්වජන ඡන්ද අයිතිය සහ ස්ත්රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ප්රජාතන්ත්රවාදයේ අත්යවශ්ය අංගයක් යැයි විශ්වාස කළ ලිබරල් හා ප්රගතිශීලී පිරිමින්ගේ සහායද ඔවුන්ට ලැබුණි. 1932 වන විට රාජ්ය මන්ත්රණ සභාවේ ස්ත්රීන් දෙදෙනෙක් විය. ඔවුන් ඇඩලීන් මොලමුරේ සහ තේසුම් සරවනමුත්තු ය. මෙම කෘතිය ශ්රී ලංකාවේ ස්ත්රී ඉතිහාසය ලේඛනගත කිරීමට වැදගත් එකතු කිරීමක් වනු ඇත.
ස්ත්රීවාදී ගැටලු පිළිබඳව බෙහෙවින් ලිපි ලේඛන ලියා ඇති මාලතී ද අල්විස් මානව විද්යාඥවරියකි.
කුමාරි ජයවර්ධන දේශපාලන විද්යාඥවරියකි. කම්කරු ව්යාපාරය, සමාජ පංති, ජනවාර්ගිකත්වය සහ ස්ත්රීවාදය යන ක්ෂේත්රවලට අදාලව ලිපි ලේඛන ප්රකාශයට පත් කර ඇත.
My Journey with the Commando Regiment

By writing this book, Sunil has recorder an important piece of Army history.The commando regiment provides powerfull insight in to the theories,strategies,and tactics that were fundamental to the role, formation and operation of the commandos, a distinct group whose performance on the battle field would prove to be a turning point for the Sri Lanka Army’s battle strategy.
Naa Naa | නා නා

මොහොතින් මොහොත
නා නා වෙනස් වීම් වලට භාජනය වන, නා නා පරිමාණයේ ජීවිත කෑළි,
නා නා තැන්වලින්,
නා නා මාත්‍රාවන්ගෙන්,
නා නා ලෙසින් අල්ලගෙන,
නා නා තැන්වල එල්ලගෙන,
නා නා චරිත අසබඩ නැවතෙමින්, නා නා වෙසින් විඳින, විඳවන,
නා නා ව්ද, හදවතේ සාක්ෂි කොටස්,
“නානා“ ලෙසින් පුස්ථක ගතකිරීමට,
නා නා හේතූන් තිබුණද,
නා නා පරාස වල දෙනෙත් හිමි, නුඹට අවැසි ලෙස,
නා නා අයුරින්
“නානා“
නුඹේ කරගෙන විඳීම හෝ විඳවීම දැන් අයිති ඔබටයි..
Nadunana Mandakini | නාදුනන මන්දාකිනි

A Poetry Collection by VINYA MENIKE JAYASEKARA
උපහැරණ ද රූපක ද බහුල අර්ථාලංකාර මෙන් ම සමත අනුප්‍රාස ලෙළෙන ශලහොර මැණින් ඉල්ලමත් වින්යා මැණිනේ සන්තකයේ පවතී.
තවනාර අලංකාර පවතින්නේ වන නමුදු ගැඹුරුතර කවිය නිරායාසයෙන් ම, අවශ්‍යයෙන් ම සංයමය ද ඖචින්‍ය ද ප්‍රාර්ථනා කරයි වින්යා මැණිනේ කෙමෙන් වළැඹෙමින් සිටින්නේ එකී ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරනන්හට පේවෙන කාවක්කාර ජීවන අඩවියන් වෙන ය
වින්යාගේ කාව්‍ය වින්‍යාසය ගොඩනැංවෙන පරම අවකාශය සත්යනගනව පවනින්නේ වෙයි. ඇගේ පරිනල්පන ලෝකය යනු ගල්ෆ් සිතුවමන රේඛා වර්ණ හැඩගලුව වැහිරි හොයා දෙන ලාංකේය ජීවිතය මෙන් ම ගැඹුරු ජීවය මතත්තයන් මත ස්ථානගන වීමට වීර්යය වැඩීමයි.
“සන්තාප නැවරුණු
හැම තනුවකම
හැම ස්වරයකම
ඇසි ඔබේ විල්ලුදමය හඬ
මහා හිස් බවකි ජීවිතය..
මෙකී මහා හිස් බවෙන් මිදී, යථාර්ථය වෙත සේන්දු විය හැකි නාර්තික ආනුභූතික නිමේශ ගවේෂණයෙහි යෙදෙන වින්යාගේ නාකරණය වගානී නව්ය හා මනුෂ්‍ය පැවැත්ම අතර පවතින මහානාර්ය සම්බන්ධයේ පිළිබිඹුවකි.
මංජුල වෙඩිවර්ධන
Nawaya Sagawunu Kathawa | නවය සැගවුණු කතාව

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අද්‍යතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම් කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟි ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම් සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය කර තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලින් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා, විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙව්යෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ ශ්‍රී පාලී මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය
Newton Gunasinghe – Lipi Ekathuwa 1 – නිව්ටන් ගුණසිංහ ලිපි එකතුව 1

Nil Katrol – නිල් කට්රොල්

මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්නා, නොදන්නා සිත්තරෙකුගේ ගුප්ත ආදර අන්දරයක්. කට්රොල් මල් කෙමියක ඇළුණු රසයෙන් මැවෙන නොතිත් කුතුහලයක්.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව

එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල මතු කෙරෙන කෙටිකතා එකතුව.
Niyatha Wiwaranaya | නියත විවරණය

No regrets, Let’s Love!

සත්ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැඟෙන්නේ ද එවිට ය. කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.