Showing 721–744 of 1369 results
Price
Shop
දිමි ගොටුවක නිරුවත් වෙමි / Dimi gotuwaka niruwath wemi

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට එබෙන
ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි වදන
වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අනැඟිලි වනන
නලඟනකි තුරු වියන හරිත සළු පිලි අදින
දියකිදුරාගේ යාදින්න හා තවත් කතා | Diyakindurage Yadinna saha thawath katha

දියුණුවේ මන්ත්‍ර | Diyunuwe Manthra

භාතිය අර්ථනායක යනු මෙරට සිටින දක්ෂතම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකි. අභිප්‍රේරකවරයෙකි.ලේඛකයෙකි.එසේම ඔහු වසර 10 කට ආසන්න කාලයක් විද්‍යුත් මාධ්‍යයට ප්‍රවෘත්ති නිවේදකයෙකු, සංස්කාරකවරයෙකු සේම කළමණාකරණ ක්ෂේත්‍රයේ ද අත්දැකීම් ඇත්තෙකි. මාධ්‍යයවේදියෙකු ලෙස හඳුනාගනු ලැබූ භාතිය අර්ථනායක පසු කලෙක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ක්‍රීඩා අභිප්‍රේකවරයෙකු ලෙසය.පසුව ඔහු ක්‍රීඩාවෙන් උකහා ගත් ජවය, අලෙවිකරණයට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපනයට අදාලව ඔහුගේ පුහුණු වැඩසටහන් තුළට ඇතුලත් කළේය. අති දක්ෂ දේශකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ සේවය ලබාගෙන ඇති ආයතත්ත රැසකි. MAS, DIMO, AIA Insurance, Peoples Bank, CDE, Elephant Hoese, CIC, LB Finance වැනි ආයතන ඒ ඒ අතුරින් කිහිපයක් පමණි. මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මව්බිම පුවත්පතෙහි බදාදා FT අභිරේකයට හාතිය විසින් රචනා කරන්නට යෙදුනු ලිපි පෙළක සංස්කරණය කරන ලද එකතුවකි. එය මව්බිම පාඨකයන් අතර සේම Motivation.lk පිටුවේ පරිශීලකයන් අතර ද මහත් සේ ජනප්‍රිය විය. මෙය ග්‍රන්ථයක් ලෙස එළි දකින්නේ එය කියවූ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදිය. ජීවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ “දියණුවේ මන්ත්‍ර තුළ කථා බහට ලක් කෙරේ.
“මේ ග්‍රන්ථය මීට වසර 10 කට පෙර මා අතට පත්වූයේ නම්, මගේ ජීවිතයේ තවත් බොහෝ ජයග්‍රහණ ලැබීමට හැකි ව තිබූ බව මට හැඟේ. මෙය කියවා පසෙක තැබිය යුතු පොතක් නොව, දිපතා එහි ලියා ඇති දේ භාවිතයට ගත යුතු පොතකි.”
චන්දන තිලකරත්න
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
“භාතිය, අභිප්‍රේරණ විෂයේ දී දක්ෂ කථිකයෙකි. කතාවේ දී පමණක් නොව සිය ලිවීම්වල ද ඔහු ඒ විශිෂ්ඨත්වය පවත්වා ගෙන ඇති බවට ඔහුගේ ග්‍රන්ථ කදීම නිදසුනකි.”
චමින්ද වාස්
හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩක,
දිවිය දිවිය අමතයි | Diwiya Diwiya Amathai – Khalil Gibran

ආත්මය…
දෙවියන්ගේ දෙවියා ආත්මය මැවීය. හෙතෙම එම ආත්මයෙහි සෞන්දර්යය තවරමින්, අරුණෝදයෙහි ගලායන සමීරයෙහි සෞම්‍යයක්, පුෂ්පයන් කෙරෙන් විහිදී යන සුමුදු සුගන්ධයත්, චන්ද්‍රකාන්තියෙහි මනෝහරත්වයත් ඊට ප්‍රදානය කළේය.
හෙතෙම එම ආත්මයට සොම්නසේ කුසළාන ප්‍රදානය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
* ඔබ අතීතය අමතක කරමින්, අනාගතය අතහැර දමමින් විනා මෙම කුසලානෙන් පානය නො කරන්නෙහිය.
දිව්‍යාශිංසන | Diwyashinsana

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද?
දිව්‍යාශිංසන 2 | Diwyashinsana 2

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
දිස්පරයු | Disparue

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
දුවකගේ කඳුළු | Duwakage Kandulu

සුරංගී ට දුක හිතුණා. අකුරු පේළියක් පත් ඉරු මතට කඩා වැටුණා. අකුරු පේළි මත ඇහැ යවනා අපටත් ඒ දුක දැනුණා. ජීවිතය නම් මේ යැයි සිතුණා.
දුවට කියන කතාවක් | Duwata kiyana kathawak

දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුම සමාජගත නොකළහොත් ජනතාවට සිදු වන්නේ සුරාකෑමට සහ ආර්ථික විෂමතාවට ගොදුරු වී පීඩිතව රූපවාහිනි තිරවල ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ගැඹුරු නොතේරෙන වාක්‍ය ඛණ්ඩ දෙස බලා සිටීමටයි.
මෙම අර්බුදයට විසඳුම් සෙවීය හැක්කේ වැඩකරන ජනතාව, කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආර්ථිකය මෙහෙය වීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීමෙනි. ඒ සඳහා දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් පොදු ජනයා ප්‍රවීණත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියයි.
දෙයියන්ගේ ඇතා | Deiyange Etha

දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් ‘රට-ජාතිය ගලවා ගැනීමේ’ යුග මෙහෙවර සඳහාය.
අළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේපොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය.
මේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.
දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne

දෙවන වේදිකාව / Dhewana Wedikawa

“කවුද ඒ?”
“අඳුනන කෙනෙක්. ‘
ඒ බව දන්නවා. අඳුනන්නේ නැත්නම් කතා කරන්නෙ නැහැනෙ.”
බිම වැටී තිබුණු නෙළුම් මල් අංජන දෙපයින් පාගා පොඩි කර
දැමුවේය.
” මම ගිහින් මල් ගෙන්නද?”
” ඔන නෑ. යමු ගෙදර. ”
” ඇයි වඳින්නෙ නැද්ද? ”
“ຫ”
“ຊາຜີ?”
* වන්දනා කරගෙන හිටිය පිළිමෙත් මට එරෙහි වෙලා හින්දා. මගේ ජංගම දුරකථනය නාද වන හඬ ඇසුණ ද එය අතට ගන්නට පවා මම බියවීමි.
” ගන්නෙ නැද්ද? සරෝජ් කතා කරනවා වෙන්නැති.”
බොහෝ වේලාවක් හඬ තැලූ දුරකතනය අනතුරුව නිහඬ විය.
” දැන් කොහේද යන්න ඕන?”
” ගෙදර.”
” කාගෙ ගෙදරද? ”
” අපේ ගෙදර. ”
“අපේ ගෙදර කිව්වේ දැන් ජිවත් වෙන ගේ නම් ඒක වැරදීමක්. ඒ මගේ ගෙදර. මම දුක් මහන්සි වෙලා මහා මුදල් කන්දරාවක් යට කරලා හදාගත්ත මගේ ගෙදර.”
දෙවරක් පෙරන ලද පිරිත් පැන් | Dewarak perana lada pirith pan

මුවහතෙන් නෙව නොපිටින් වුව පිහියකට මිනීමැරුමක් කරතැකි
ඊයම් බරු වගේ උනත් ප්‍රේමයත් කවියකින්. දෙවරක් පෙරුවැකි
දෙවැනි ගැහැනිය / Deweni Geheniya

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
දෙවොලක ඉරණම | Dewolaka Iranama

ඒ ක්‍රිස්තු වර්ෂ 6 වැනි ශත වර්ෂයයි. ඒ වන විට ඊජිප්තු භූමිය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරි තිබිණි. පුරාණ ආගමික චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ, ‘ෆිලේ’ පුජනීය දිවයිනේ පිහිටි ඉපැරණි දෙවොලේ පමණි.
ෆිලේහි රූමත්, තරුණ, ප්‍රධාන පූජකවරිය වූ අයිසිස් තම ප්‍රජාවගේ ආත්ම විශ්වාසය රැකගනිමින්, ඔවුන්ට ජීවය දෙමින් දෙවොල රැක ගැනීමට කැප වී සිටියාය. දෙවොලේ ප්‍රධාන පූජක වූ සැබ්නි හා එක්ව, බල සම්පන්න බිෂොප්, තියඩෝර්ට එරෙහිව නැගී සිටින්නට ඇය ක්‍රියා කළාය.
එහෙත්, ඊජිප්තු භුමියේ උතුරේ සිට දකුණ දක්වාම නැගී එන විරෝධය හමුවේ ෆිලේ දෙවොල මත පතිත වන භීෂණය දිනෙන් දින උග්‍ර විය. සැම අතින්ම දෙවොලට එල්ල වූයේ දැඩි බලපෑමකි. තම ප්‍රජාවත් සැබනිත් සමඟ එක්ව එම අභියෝගයන්ට මුහුණ දෙන අයිසිස්ට දෙවොලෙහි ඉරණම වෙනස් කළ හැකි වේද?
ධර්මෝන්මාදයෙන් ඔද වැඩුණු පිරිසකගේ හිංසනයට ලක්වන අයිසිස් ඇතුළු ෆිලේ ප්‍රජාවට අත්වන ඉරණම කුමක් විය හැකි ද? ඒ වෘත්තාන්තය අසන්නට පා තබන්න, පුජනීය දිවයිනේ පිහිටි සිල් දෙවොල තුළට ! අදටත් අලංකාරව, සැදැහැතියන් සනහන ෆිලේ දෙවොල තුළට!
දෙසිතක පිපි මල් / Dhesithaka pipi mal

“ලීනා සෑන්ඩ් කාසල් එකක් හදන්නෙ නැද්ද?”
“.”
“ඇයි?”
“රැල්ලක් ආව ගමන් ඒවා මුහුදට හේදිලා යනවා.
” පරෙස්සමෙන් හැදුවොත් එහෙම වෙන්නෙ නෑ.*
” වැල්ලෙ මොන පරෙස්සමක්ද අංකල්? හිටිගමන් මහා හයියෙන් රැල්ල ගහනවා.”
” ඔව්. ජීවිතෙත් එහෙම තමයි ලීනා.*
” මං ඔයාට දරුවෙකුට වගේ ආදරෙන් කියන්නෙ. මොකද ඔයා හොඳම හොඳ ළමයෙක් නිසා. ජීවිතේ ඒ වගේම විවාහය කියන දේවල් හරියට අපි වැල්ලෙ හදන වැලි මාළිගා වගෙයි. අනපේක්ෂිත විදියට ප්‍රශ්න එනවා. ඔයා තවම පුංචි ළමයෙක්. අවබෝධෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕන.”
දොන් කිහොතේ 1 | Don Quixote

මීට සියවස් හතරකට පෙර ලියැවුණු ‘දොන් කිහොතේ’ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.
එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කෆ්ලි, ගෝර් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.
සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්, තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.