Showing 721–744 of 1432 results
Shop
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය / Tarzan Saha Yatagiya Adhirajjyaya

ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා / Tarzen Saha Swarnamaya Sinhaya

ඩයනා ඇගේ කඳුළු කතාව | Diana Her True Story

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජිවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබදව ලෝකයා කතා බහ කළ බවයි.
ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු මාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියත්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොද අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිට් බවද කියනු ලැබේ.
ඩිකැමිරොන් හෙවත් දස දවස / dikamiron hewath dasa dawasa

ණයානන්දය | Nayanandaya

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය
මිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා
ස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්
ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී
තරගයේ වීරයා | Tharagaye Weeraya

ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැදින්විය හැක.
තවත් සින්ඩරැල්ලාවක් / Thawath sindarallawak

” අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු ” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කී ය. ” තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ” යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය. ” ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං” රූපවතී කීවා ය. “ඉතින් උඹ පලයකො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ” කාන්ති දෙවුර ගස්සමින් කීවාය. “මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා.”
තිත්ත තොල් | Bitter Lips

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආසනං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්.
තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.
තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 2 ) | This Wasaraka Deshapalanayen bindak Vol 2

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.
තීන්ත පැල්ලම් | Theentha Pallam

වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි.
නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ.
ඉතින්,
ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද?
නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද?
අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත.
තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?
ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ?
පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?
අභියෝග ජයගන්නේ කෙසේද ?
කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?
මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
තුමුල ප්‍රේමය | Thumula Premaya

“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා.
හැබැයි… අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන.
අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”
තෙත්සූයා නම් දුනුවායා | Thethsuya nam dunuwaya

දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.
තෝරගත් විශිෂ්ට සෝවියට් කෙටිකතා / thoragath wishishta souwiyat ketikatha
