Showing 649–672 of 1415 results
Shop
කොළඹ මතක | Kolanba Mathaka

කුමුදුගේ වියමන විසින් අපට ඉතිහාසය සහ මතකයන් අතර වන වෙනස ගැන යම් ආලෝචනයක් ඇති කරවයි. ඉතිහාසය යනු යථකි (Real). එනම් අර්ථකථනයන් වෙනුවෙන් පෙනී සිටින අතරේම එහි අසමත්කමද දරා සිටින්නකි.
‘සැබෑ ඉතිහාසය’ යනු කුමක්ද යන පරීක්ෂාවන්ට විවිධ ආඛ්‍යානවේදයන් අතර වන කතිකාමය තරගය නොවැළැක්විය හැකි ලෙස මුණගැසෙන්නේ මෙ නිසාය.
ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුද්ගල හා සාමූහික මතකයන් යනුම ඉතිහාසමය යථාව ග්‍රහණය කරගැනීම සඳහා වන කතිකාමය ප්‍රවේශයකි. එවැනි මතක සාහිත්‍යයන් බොහෝ විට විධිමත් හා සංගත භාෂා අඩවියෙන් පිටස්තර විය හැකිය. විද්‍යාත්මක හා තාර්කික සිතීමට අනුව ප්‍රශ්නකාරී විය හැකිය. එහෙත් ‘හැමවිටම ඉතිහාසගත කිරීම’ සඳහා (‘Always historicize’ – Fredric Jameson) මෙම ‘මතක කැබලි’ තීරණාත්මක වැඩ කොටසක් ඉටුකරනවා පමණක් නොව අධිපති ඉතිහාස කතිකාවන්ගේ සීමාවන් හඳුනාගැනීමටත් ඉන් මර්දනය කෙරුණු අහුමුලු වෙත දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල කිරීමටත් ඒවා අත්‍යවශ්‍ය වී ඇත. එහෙයින් මට අනුව කුමුදු විසින් සිදුකර ඇත්තේ තමන් විසූ ප්‍රදේශයක දිවි පෙවෙත ගැන සිතට නැගුණු මතකයන් ලියා තැබීමකට වඩා එක්තරා ලාංකේය යුග නිමේෂයක් ප්‍රදේශකරණය කිරීමකි (Territorialization). ස්ත්‍රී ආත්ම මූලිකත්වයට බර ඇයගේ කථන ප්‍රවේශය ඊට එක්කර ඇත්තේ හානියක් නොව අනිවාර්ය වාසියකි.
විදර්ශන කන්නන්ගර
කෝටිපතියෙකු වීමට නම් / Secrets of the Millionaire Mind

සාර්ථක වීම සිහිනයක් විය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය. යමක අවශ්‍යතාවය සහ එය සැබවින්ම ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. විශේෂයෙන් සාර්ථකත්වය ගැන කතා කරන විට, ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ ඉක්මණින් ක්‍රියා කළ යුතුය. එහිදී ඔබට නව මගකට ළඟා විය හැකි වන පරිදි සාර්ථක දර්ශනයක් ඔබේ ජීවිතයට යෙදවීමට ඉගෙන ගනු ඇත. ධනවත් අය ජයග්‍රහණය කිරීමට මුදල් ක්‍රීඩාවේ යොදවති. දුප්පත් අය පරාජය නොවී සිටීමට මුදල් ක්‍රීඩා කරති. කාලය ව්‍යවසායකයින්ට ඇති ලොකුම වත්කම වන අතර හොඳ කියවීමක් අත්‍යවශ්‍ය වේ. එම ගැටළුව විසඳීම සඳහා මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ. – T. Harv Eker
කෝටිපතියෙකු වීමට නම් | Kotipathiyeku weemata nam

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.
කෝපය ජය ගන්නේ මෙහෙමයි | Kopaya jaya ganne mehemai

කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.
කෝපි පාට ළමයි | Kopi Pata Lamai

හැම කෙනෙකුගෙම ජීවිතය
සුන්දර වටපිටාවක
ශක්තිමත් ගසක පිපුණු
සුවඳ හමන
ආකර්ෂණීය පුෂ්පයක් නොවේ.
මොර සූරන වැහි
සුළි සුළං වලට හසුවී
කටුක සැඩ හිරු රැසින්
පීඩිතව
අහසටත් පොළොවටත්
උරුමයක් නැති
දෛවයේ සරදමින්
සැණෙකින් බිඳී විසිරී යන්නට පැමිණි
පෙන බුබුලක් වගේ
මේ ඔවුන්ගේ ජීවන අන්දරයයි…
කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය /kautilya artha shasthraya

ඛලීල් ජිබ්රාන් මුනිවරයා | Khalil Gibran Muniwaraya

මව්පියෝ සහ දරුවෝ…?
“නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ.
ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ පුදරුවෝ වන්නාහ
ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ.
ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ.
නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා කරුණාව වීනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය;
මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය.
ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධධ්‍යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය;
ඒ. ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිටසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි.
හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.
ගඟ අද්දර | Ganga Addara

මේ ඔරුව හයිය නෑ නංගිවත් අරන් යන්න. මම ලොකු වෙලා හදන්නම්කෝ ඔරුවක්. එතකොට නංගිවත් අරන් එගොඩටම යන්න පුළුවන්……
ගජගා | Gajaga

“උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
ජීවිතේ ගොඩ දාගන්න.”
“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක
ටිකක් අමාරුයි.”
“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
“එහෙනං.?”
“උඹ ඒක හිතා ගනින්.”
ගණිත විනෝදය | Ganitha Winodaya

මෙම පොත කියවීම සඳහා අංක ගණිතය හා මූලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිළිබඳ සුළු අවබෝධයක් පමණක් පාඨකයාට තිබීම සෑහේ. මෙහි එන ගැටලු සුළු සංඛ්‍යාවක් පමණක් විසඳීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසඳීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සූත්‍රවල සිට, ගැණීමේ හා මිනිමේ ව්‍යවහාරික එමෙන් ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලු වලින් සමන්විතය.
ගම්මුලාදෑනි වතගොත | Gammuladani Wathagotha

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත “ගම්මුලාදෑනි වතගොත” නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග්‍රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.
අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග්‍රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාදෑනි තනතුරු නාමයෙන් සිදු කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් සිදුකළේ 1941 අංක 11 දරණ HEADMEN CHANGE OF DESIGNATION ORDINANCE නම් වූ නීතියෙනි. එමගින් ගම්මුලාදෑනි යන තනතුරු නාමය ගමටත්, ප්‍රාදේශීය ආදායම් නිලධාරි තනතුරු නාමය ප්‍රාදේශීයවත් හඳුන්වා දෙන ලදි. කතුවරයා මේ පොතෙන් සාකච්ඡා කරන්නේ මේ ගම්මුලාදෑනි භූමිකාව පිළිබඳවයි. ගම්මුලාදෑනි ක්‍රමයේ සිට ග්‍රාම නිලධාරි ක්‍රමය දක්වා විවිධ මාතෘකා යටතේ මෙකී තනතුර පිළිබඳව අංග සම්පූර්ණ විග්‍රහයක් කිරීමට කතුවරයා සමත්ව ඇත.
මේ අනුව “ගම්මුලාදෑනි වතගොත” නම් වූ මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත්වූ මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් පිළිබඳව අංග සම්පූර්ණව කෙරුණු විග්‍රහයක් බව සඳහන් කරන අතරම මේ විග්‍රහය මැනවින් සිදුකිරීම පිළිබඳව ඉන්දික උඩවත්ත මහතාට ස්තූති කිරීමට ද කැමැත්තෙමි. මේ මාහැඟි ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයෙකුම කියවිය යුතු ග්‍රන්ථයක් බව ද සඳහන් කරමි.
සුනිල් කන්නන්ගර
අම්පාර, රත්නපුර හා කොළඹ හිටපු මහදිසාපති.
ගරු කොන්සල්තුමා | Garu Konsal Thuma

ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය නගරයක විප්ලවවාදීන් කණ්ඩායමක් විසින් එරටේ ‘ගරු කොන්සල්තුමා’ පැහැරගෙන යනු ලැබේ.
විප්ලවවාදීන්ගේ දේශපාලනයේ ගොදුරක් බවට පත්වන මේ කොන්සල්වරයා සහ තරුණ දොස්තර එදුවා රිදෝ ලාර් පිළිබඳව ලියැවුණු ඉංග්‍රීසි ජාතික ග්‍රැහැම් ග්‍රීන්ගේ මේ ප්‍රබන්ධය තුළ, මිනිස් හැඟීම් සහ චර්යාවන් අතර කෙරෙන අනවරත අරගලයක අපූරු ස්වභාවය මනාව නිරූපණය කෙරේ.
ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදු වූයේ සහ ශේෂ වූයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබද සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්චීන ලෙස පරිහරණය වූයේය.
ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත “ජාතිවාදය ඇවිස්සු ගර්හාස යුද්ධය” කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වූ සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමු වැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්‍රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය (investigative journalism) ප්‍රවේශයයි.
කතාංග ප්‍රවේශය සඳහා ඔහු මෙම සිද්ධියේ අතීතය සහ වර්තමාන යථාර්ථය පිළිබඳව ලිවීමේදී ජාතක කතා සාහිත්‍යයේ න්‍යායික පරිකල්පන ලකුණ භාවිතා කරන අතර ගර්භාෂ යුද්ධයේ දේශපාලන දිශානතිය පිළිබඳ විමසීමේදී ජනමාධ්‍යයේ ගවේෂණශීලි ලකුණ අභ්‍යාස කරයි. සාෆි වෛදවරයා උධෘත කරගෙන සිංහල ජාතිවාදය විසින් ඇති කළ ගින්නෙන් සමස්ත සමාජයම පිළිස්සී යෑම මෙන්ම ඊට අනුබද්ධිත අගතිගාමී දේශපාලන රැල්ලට එ’ ගිණි ඉවහල් වූවා මිස තම අනෙකා පිළිබඳ එකී ප්‍රතිවිරෝධයෙන් සමාජ යහපතක් හෝ යුක්තියක් උදා වූයේ නැත.පුමාද වී හෝ එ’ ගිණි තුනී කළ යුතු බව තේරුම් ගත් සමාජයක් හැටියට සිංහල මහ ජාතිය මේ පිළිබඳව භාව විරේචනයක් කළ යුතුව ඇත. “ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය ” කෘතිය මඟින් නිමල් අබේසිංහ එම වේදිකාව සිංහල සමාජයට තනා දී ඇති බවත් අවධාරණය කරයි.
ගලායන නදිය සේ | Like the flowing river

වයස අවුරුදු පහළොවේ දී මම අම්මාට මෙසේ කීවෙමි.
“මට ලේඛකයෙක් වෙන්න ඕනේ.”
“ඒත් ඔයාට කවදාවත් ලේඛකයෙක් මුණගැහිල තියෙනව ද? ඔයා කවදාවත් ලේඛකයෙක් දැකල තියෙනව ද?” “කවදාවත් නෑ, පින්තූරවල විතරයි.”
“ඉතින්, ඇත්තට ඒ මොකක් ද කියලා නොදැන ඔයා කොහොම ද ලේඛකයෙක් වෙන්නේ?”
අම්මාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් සමීක්ෂණයක් කිරීමට මම තීරණය කළෙමි.
‛ගලායන නදිය සේ’ කෘතිය, ශ්‍රී ලංකාවේ මුල් වරට මුද්‍රණය වන පාවුලෝ කොයියෝගේ පුද්ගලික ආවර්ජනා සහ කෙටි කතා එකතුවකි. ප්‍රබලතම සමකාලීන ලේඛකයෙකු වන පාවුලෝ කොයියෝ අතින් ලියවුණු මේ කෘතිය සැබැවින් ම ජීවත් වීම යනු කුමක් ද යන්න විමසා බලයි. මේ කෘතියේ එන ආවර්ජනා සහ කෙටිකතා, ප්‍රඥාවේ සහ සංවේදනයේ වික්‍රමාන්විත කතාන්දර වෙයි. ඔහුගේ දර්ශනය බෙදා හදා ගනිමින් පාවුලෝ, මිණි කැට බඳු මේ උපමා කතා අතරින් ජීවිතයේ අරුත සොයා අප කැටුව යයි.
ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya

ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
ඉලාන් පෙපේ
ගෑනු දෙන්නෙක් | Ganu Dennek

අගෝස්තු 21 වෙනිදා නිකුත් වේ
මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.
එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.
සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.
එහෙම සිකුරාදාවක,
“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.
“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.
ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK

ගිනිගත් කඳු මුදුන / Ginigath Kadu Muduna / Wildfire at Midnight

” ඔයා කිව්වේ බේලාවන් උඩ කියලා නේ ද? ” ” ඔව්, එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියෙනවා ස්කැවෙග් වේල පැත්තට. ඒ අය දැකලා තියෙනවා බිලාවන් මුදුනට බාගයක් විතර දුරින් ලොකු ගින්නක්. රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුව ම දැකලා තියෙන්නේ. ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදිහට පත්තුවෙන බව. ” ඔහු නැවතත් දිළිසෙන විල දෙස බැලුවේ ය. “එයාලා දැකලා තියෙනවා. උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්. වේලුණු දර කෝටු, බර්ච්, හෙදර් වගේ ඒවා ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා, පිච්චිලා අළුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.” දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති. විසි වැනි සියවසේ මැද භාගයේ, මහා බ්‍රිතාන්‍යයේ තිබු සමාජ තත්ත්වයන් සහ ජීවන රටාවන් ද පිළිබිඹු කරන මෙම කතාව කියවූ පසු, කන්ද මතබිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන්දැයි දැනගන්නට හැකි වනු ඇත