Showing 601–624 of 1415 results
Shop
ඔබේ ඉරණම කුමක් විය හැකිද? / Discover your Destiny /Obe iranama kumak wiya hakida

ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත.
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”
ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් / ow meka vintage premayak

ඕෂෝ : භයිරව තන්ත්‍ර ආදරය හා ජීවිතය | Bahayirava Thanthra

තන්ත්ර යනු විද්යාවක්, ඒ නිසා මතක තබා ගන්න, එය කොහෙත්ම හින්දු නොවෙයි. මෙම ක්රම වේද කිසිම ආගමික වතාවතක් ගැන සඳහන් නො කරන්නේ ඒ නිසයි. පන්සලක් අවශ්ය වන්නේ නෑ. ඔබයි පන්සල ඔබවන පන්සල හොඳටම සෑහෙයි. සියලුම පර්යේෂණ ඔබ තුළ සිදු වෙයි. ඇදහීමක් අවශ්ය නොවෙයි. අවශ්ය වන්නේ පර්යේෂණ සිදු කිරීමට අවශ්ය එඩිතර බව හා ධෛර්යය පමණයි. එහි සුන්දරත්වය නම් එයයි. කිසිම ආගමිකයකුට තම ආගම අතහරින්නට සිදු වන්නේ නැහැ. මහමදියානු. හින්දු. බෞද්ධ ආදී සෑම ආගමිකයකුටම තම ආගමේ අරුතෙහි ගැඹුරටම යාමට මේ හරහා හැකි වෙයි. මිනිසුන් කුමන ආගම තෝරා ගත්තත් ඔවුන්ගේ අරමුණු ඉටු කරනු ලබයි.
නිර්මල විද්යාවක් වන තන්ත්ර ඔබේ ආගම කොහෙත්ම ස්පර්ශ නොකරයි. තන්ත්ර පවසන්නේ ආගම යනු සමාජයීය කටයුත්තක් බවයි. ඔබව පරිවර්තනය කළ හැකි වන අතර පරිවර්තනයට විද්යාත්මක ක්රම වේදයක් අවශ්යයි. ඔබට ක්ෂය රෝගය වැනි ලෙඩක් වැළඳුන විට එය වාර්ගික හෝ ආගමික වශයෙන් ලෙඩාට කිසිම වෙනසක් සිදු නොකරයි. රෝගීනට විද්යාත්මකව ප්රතිකාර කළ යුතුයි. හින්දු හෝ මුස්ලිම් ක්ෂය රෝගය කියා යමක් නැහැ
කට කතා | Kata Katha

කට කතා කියපු ගමන් අපේ ඔලුවට එන්නේ ඕප දූප, සම්ප්‍රප්ඵලාප, ආරංචි, රාවයන් ඔය වගේ සෙට් එකක්! ඒත් මං හිතන්නේ කටකතා තමයි ශිෂ්ටාචාරෙ මුල් ගල කියලයි! ඇයි අපි එක එක දේවල් කරන්නේ. ඇයි දන්නවද? අපි කැමතියි අපි මේ, මේ දේවල් කළා කියල කයිවාරු ගහන්න. ඒව ගැන අනික් අයට කියන්න. ඒ මදිවට අපි එතනින් නවතිනවද? මොන පිස්සුද? අපි, අපි නොකරන, ඒත් අනිත් අය කරන ඒවා ගැන කතා කරන්නත් රුසියො! ඒක අපි ජීවිතවල කනව, බොනව, නිදාගන්නව වගේ අත්‍යාවශ්‍යම දෙයක්! ඒක නැනං අපිට ජීවත් වෙන්න බෑ.. බෑ වගේ!
කට කතා කියන දේ කපල, කොටල පරීක්ෂා කළොත් අපිට පේනව කටකතා කියන්නේ ම්ං මේ වගේ දෙයක් බව. ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්.. බොහෝ වෙලාවට ඒවයෙදි කතාවෙන්නේ අනික් මිනිස්සු ගැන. ඒවා සමහර වෙලාවට කතා වෙන්නේ සාකච්ඡා ස්වරූපයෙන්..! සමහර වෙලාවට ඔහේ වල්පල් කියන ස්වරූපයෙන්! කට කතා ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් ඒ කිව්වෙ පදානුගතව, අපිට ලැබෙන්නේ මෙහෙම එකක්! “Mouth Stories!” පිස්සු නේ.. විකාරයක් වගේ නේද? හැබැයි ඉතිං ඒකෙ සියුම් ඇත්තකුත් නැතුව නෙවෙයි..! ඒ විදිහට පරිවර්තනය කළොත් ඒකෙන් කියවෙනවා මේ කියන්නේ කටින් කියන යම් ආකාරයක කතාවලට තමයි කියන එක. ඒ කිව්වේ කටයි, කතාවලයි අතරෙ තියෙන සම්බන්ධෙ පේන්න ගන්නව. ඒ අතින් බැලුවම සිංහල වචනෙ හරියට හරි! ඒක බොහොම සීරුවට, බරසාරෙට ඉංග්‍රීසිවලට පරිවර්තනය කළොත් එන්නේ මේ වගේ එකක්.
VERBAL STORIES
හැබැයි ඕකෙ ගැඹුරු, කෙලින්ම නොපෙනෙන සම්බන්ධෙකුත් තියනව! ඒ තමයි කටයි, මනසයි අතරෙ තියෙන සම්බන්ධෙ ! ආන්න ඒකට තමයි මගේ හිත ගියේ! මේ පොතේ එන හැම කතාවම මගේ මනස, මගේ කටට කොඳුරපුවා. එහෙමත් නැත්තං වෙනිං කටවල්වලින් මගේ මනසට කාන්දු වෙච්ච ඒවා. ඔය තොගේම මගේ කටින් පිටවෙන්න මම ඉඩ දුන්නේ නෑ. හැබැයි ඉතිං ඒක හරි අමාරු වැඩක්. ඇයි ඉතිං මනස ඒවයින් පිරිල පිපිරෙන්න වගේ! ඒ පාර මම කල්පනා කළා ඒවා අකුරු හරහා වමාරන්න! ලියන්න.. ලියන්න.. ලියන්න.. ලියල මනස හිස් කරගන්න!! හිස් කරගෙන, ඒ හිස් වෙච්ච තැන්වලට ඊට වඩා වැදගත් දේවල් පුරෝගන්න. ශ්‍රී ලංකාවෙ ඊ ළඟ ජනාධිපතිගෙ කේන්දරේ කොහොමද.. ඒකෙ තියෙන යෝග මොනවද වගේ දේවල් වලින්! ඒවනෙ මනසට වැදගත්!!
ආ.. තව වැදගත් දෙයක්. මං හිතන්නෙ කටකතා පතුරන එක මගෙ වගකීමක්! එහෙම නැතුව කොහොමද මේ ලෝකෙ පවතින්නේ?
එහෙනම් ඕං ජයම! ආතල් එකේ කියවන්නයි තියෙන්නේ!!
කඩවර | Kadawara

උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටන්වත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම් මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නැ. සිහියක් නැතිව මේතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹව මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථිරයි. ඒ වචනෙ උඹ මැරුණත් එහෙමයි. හොදින් හරි, නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඔනේ. ඔව්, උඹ එනවාමයි… අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි…
කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම
කඩොල් ඇත්තු | Kadol Aththu

කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01

මම චිත්‍ර ශිල්පියෙක්.
කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්‍ර අඳිනවා.
බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය
ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.
මේ පොත කියවන කොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!
කතන්දර හා පින්තූර 02 | Kathandara Ha Pinthura 02

කුකුළු පැටවා සහ තාරා පැටවා, දඟකාර පූසා ඇතුළු ඔබ ආස කරන චරිත නිමවූ සුප්‍රසිද්ධ කතන්දර කියන්නාගේ අනෙකුත් වීරයන් හමුවන්න විශාල සිතුවම් පිරිණු කුඩා වික්‍රමාන්විතයන්, 1952 සිට පොඩිත්තන් විසින් කියවා රසවිඳි ප්‍රියතම කාටූන් චරිත සහිත යහ ගුණ කියාදෙන බුද්ධිමත් කතන්දර.
පරිවතනය – තාරක ලියනාඩෝ විපුලගුණ
කදිර දිව්‍යරාජ | Kadira Divyaraja

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ පොඩි මල්ලි’ ‘සිරිබෝ අයියා සරුංගලේ සුදු සෙවණැලි ක්ෂීර සාගරය කැලඹිණ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටය. සිරිබෝ අයියා 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද සුදු සෙවණැලි. 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේය.
දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘතිය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. ‘කුස පබා’ (2012), ‘පත්තිනි’ (2016), යශෝධරා (2018), විජයබා කොල්ලය (2019). ඒ ඒ වර්ෂ වල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළීය. ඒ අතුරින් යශෝධරා’ හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය.
කදිර දිව්‍ය රාජ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩීම house full දර්ශන වාර සංඛ්‍යාව සහිත ව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩීම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරට ද එක් විය.
කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ | Kannaki hewath paththini saha kowalan hewath weeramunda

මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, ජනකලා පර්යේෂකයෙකු, සාහිත්‍ය සම්මාන ලාභී ලේඛකයෙකු, නළුවෙකු, ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු ද වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අඩසියවසන වේදිනා සත්‍රප්තිය වෙනුවෙන් ජනගත කෙරෙන “කන්නකි හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ ” කෘතිය වූ කලි නූතන ව්‍යවහාරයේ පත්තිනි දේවිය සහ වීරමුණ්ඩ දෙවියන් යනු දෙමළ මහා කාව්‍යයක් වූ සීලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් කන්නකී සහ කෝවලන් යුවළ බව සාහිත්‍යමය මූලාශ්‍රය මගින් සහේතුකව සනාථ කෙරෙන පර්යේෂණ ග්‍රන්ථයකි.
ග්‍රන්ථයේ කතුවර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකාවේ සකලවිධ ලලිත කලාවේදී (BFA) උපාධිධරයන් අතර ප්‍රථම පන්ති සාමථ්‍යයක් ලබාගත් ලලිත කලාවේදී උපාධිධරයා වීමත් ලංකාවේ හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති (MA) උපාධියක් ලබා ගත් ප්‍රථම ලලිත කලාවේදී උපාධිධරයා වීමත්, දර්ශනසූරි (Ph.D) උපාධිය ලත් ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන ශිල්පියා වීමත්, උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය ලත් ලංකාවේ ප්‍රථම හා එකම වෘත්තීය නර්තන ශිල්පියා වීමත් නර්තන කලාව හා තදනුබද්ධ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති සුවිශේෂ ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය මෙය යි.
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa

ඉරගිනි මද්දහන ටෙලි වෘතාන්තයට පාදක වූ නවකතාව..
කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.
කම්බිලි | Kambili

ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගේ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය.
පිච්වීගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රබල විය. පිච්චි තවත් තදින් දැස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම අඳිද්දී කම්බිලි බලා වුන්නේ දැස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එකරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්ඹිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චීව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමතා වූයේ නැත.
කම්මැලි මොළේ | Kammali Mole

මතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්යාත්මක හෝ රසායන විද්යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!
කර්මජ | Karmaja

කර්මජ රෝග වලට ප්රතිකාර නැත. ප්‍රේමය කර්මජ රෝගයකි. එම නිසා ප්‍රේමයට ප්රතිකාර….
අභිෂේකා විමලවීර