Showing 529–552 of 1432 results
Shop
අසහාරා | Asahara

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැදවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂකවරයා, ඔහුට නව මෙහෙයුමක් බොර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.
එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමග, ඔහු කිසියක් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු පස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.
න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරීරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුනු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයින් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?
නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?
අසීමා | Aseema – Boundless

සැප්තැම්බර් 18 වෙනි දින නිකුත් වේ
සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කරගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින්න කැමති නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න
මගේ දේ මගේ – ඔයාගේ දෙයත් මගේ
මගේ දේ ඔයාගේ – ඔයාගේ දේ මගේ
ඔයාගේ දේ ඔයාගේ – මගේ දෙයත් ඔයාගේ
එහෙම බෙදීම් කිසිවක් නැති
විශ්වීය ප්‍රේමයක කිමිදෙන්න
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු | Asura Dyanawedaye Maha Nimawumkaru

වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.
වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.
සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?
ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2 | Asura Dyanawedaye Maha nimawumkaru 2

විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
අහම්බයකින් මිස අපි හමු නොවෙමු කිසිදා යලි | Ahambayakin misa api hamu nowemu kisida yali

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්,
අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක්
යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම
අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා.
අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්
හිමින් නමුත්
අපි වෙනස් වෙනවා.
අළු පාට අහසක් හේමන්ත සුළඟක් | Alu paata ahasak hemantha sulagak

ලන්ඩන් කෞතුකාගාරයේ දැකුම්කලු අප්සරාවක ලෙසින් වැඩ හිඳින තාරාගේ ඉරියව්ව, ස්ත්‍රී ලාලිත්‍ය හා භාවය වචන වලට නොනැගිය හැකි තරම් අපූර්වය. එසේ හෙයින් මේ ස්ත්‍රී රුව දකින්නෙකුට එහි නිමැවුම්කරුවා ගැන කුහුලක් ඉපදීම ස්වභාවිකය. ඒත් එකී නිර්මාණකරුවා නිමැවූ තාරා අන් සෑම දෙවඟනක් මෙන්ම නොවුයේ මක් නිසාද ? කාන්තාවකගේ ගෞරවයේ සංකේතයක් ලෙස සලකන ආභරණ කිසිවක් ඇගේ තඹ පිළිමයේ දක්නට නැත්තේ මක් නිසාද? උපකල්පන හැරෙන්නට මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයාගත හැකි ක්‍රමයක් ඔබටත් මටත් ඇත්තේ නැත…
මේ එකී අපූර්ව ප්‍රතිමාව මැවූ නිර්මාපකයාගේ කල්පිත කතන්දරයය!
මෙතරම් අපූර්ව ප්‍රතිමාවක් මවන්නට එකී නිර්මාණකරුවාගේ මනස මෙහෙය වූ කතන්දරයය!
ආකාස කුසුම් / akasa kusum

ආකාස කුසුම්’ ප්‍රසන්න විතානගේ ගේ සයවැනි සිනමා නිර්මාණයයි.
‘සිසිල ගිනි ගනී’ ‘අනන්ත රාත්‍රිය’, ‘පවුරු වළලු’, ‘පුරහඳ කළුවර’, ‘ඉර මැදියම’ ඔහුගේ අනෙකුත් නිර්මාණ වෙයි.
2008 ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ආකාස කුසුම්’ චිත්‍රපටයේ ‘සන්ධ්‍යා රාණි ‘ ලෙස මාලනී ෆොන්සේකා කළ රංගනය වෙනුවෙන් රජත මයුර සම්මානය ඇයට හිමි වූ අතර 2009 ඉතාලියේ පැවැති ලෙවාන්තේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය සම්මානයත්, 2009 ඕස්ට්‍රේලියාවේ ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය නිර්දේශයත් ඇයට හිමි විය.
‘ආකාස කුසුම් ‘ 2009 වසරේදී ප්‍රංශයේ වෙසුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූර්ය ගෞරව සඳහනත්, ස්පාඤ්ඤයේ ග්‍රනාඩා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම ආසියාතික චිත්‍රපටයට හිමි නෙපැක් සම්මානයත්, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්ටින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී අන්තර්ජාතික විචාරක සම්මානයටත් නිර්දේශ විය.
ජාත්‍යන්තර සිනමා උළෙලවල් 25කට ආරාධනා ලැබූ ‘ආකාස කුසුම්’ චිත්‍රපටය තවමත් ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.
ආකාස සූත්‍රය | Akasa Suthraya

මේක දූවිලි අංශුවක කතාවක්.
දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.
ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.
කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.
ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.
මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.
ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.
“ආකාස සූත්‍රය ” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.
ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani

වැරද්දක් දැක්කාම බකන් නිලන් ඉන්නෙ නැතිව මකලා නිවැරදි කළා.
අන්තිමට පෑන් පැන්සල් ඉතිරි වුණා..
මකන හැමදාම අතුරුදහන් වුණා…..
ආග්‍රා වලව්ව | Agra Walawwa

අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර…
ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට, දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආශ්‍ර…
දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත… නව ආත්මයක් ගියද… පැමිණිය යුතුමය මම…
නිදොස්කොට නිදහස් කිරීමට ඔබව… මගෙ ආග්‍ර…!
ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් / Adara kawi wissak saha sun pathum geethawak

ආදරණීය මැන්ඩෙලා | Aadaraneeya Mandela

පොත් කියවන සෑම පාඨකයෙකුම පාහේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව දැන සිටීම වැදගත්ය. එතුමන් ලොව පහළ වූ විශිෂ්ටතම නායකයෙකි; එමෙන්ම දකුණු අප්‍රිකාවේ සුදු හමට තිබූ ආධිපත්‍යය අබිබවා පත් වූ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයායි. එපමණක් නොව අප්‍රිකානු කලාපයේ වඩාත්ම ප්‍රකට අප්‍රිකානු ජාතිකයායි. ඒ විතරක්ද? එතුමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
සමන් පුෂ්පා ගුණසේකර සිංහල බසින් ලියූ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව වත්මන් යෞවන හා තරුණ ශිෂ්‍ය ප්‍රජාව එල්ල කර ලියුවකි. නෙල්සල් මැන්ඩෙලා පුවත්පත් – සඟරා ලිපි ආදියෙහි පමණක නොවේ ලොව පුරා ග්‍රන්ථකරණයටද විවිධාකාරයෙන් තේමා වූ අති සුවිශේෂී චර්තයකි.
මා ගැලවුම්කරුවකු නොව, සාමාන්‍ය මිනිසෙක් විලස අති සුවිශේෂ තත්වයන් යටතේ නායකයකු වූවෙමි.
සමහර දේශපාලනඥයන් මෙන් නොව, මම වරද භාර ගැනීමට සූදානම් වූවෙක්මි.
කිසිදු දේශයක් යථා පරිදි සංවර්ධනය වීමට නම්, එහි වාසය කරන පුරවැසියන් අධ්‍යාපනයක් ලද්දවුන් වීම සිදු විය යුතුය.
ඔබ ඉදිරියේ මා පෙනී සිටින්නේ අනාගතවක්තෘවරකු නැත්නම්, අනාගතය හෙළි කරන්නකු විලස නොව, ඔබගේ මෙන්ම, ජනතාවගේද නිහතමානි සේවකයකු විලසය.
අධ්‍යාපනය වූ කලී ඉතාම ප්‍රබල අවියක් විලස ගෙන, ලෝකයේ පවත්නා ස්වභාවය වෙනස් කිරීමේ ශක්‍යතාව ඇත්තකි.
ආදරණීය රිකාදෝ | Aadaraneeya Rikado

මාර්තු 11 වෙනිදා නිකුත් වේ.
මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ.
…………………………………………………………………………………………………..
ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.
ආදරය සහ නිදහස් වීම | Adaraya Saha Nidahas weema

තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම් තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.
මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.
ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.
තමන් ගේ ළඟම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩාම ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.
තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණොත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම …
ආදරයේ භාෂා | Aadaraye Bhasha

විවාහකයන් දුරස් කරවන “ආදරයේ භාෂා 5” සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි.
එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන. ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැදුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම “ආදරයේ භාෂා ග්‍රන්ථය”, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදැරීමක් ඔබට වැටහෙනු ඇත.
ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න
හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
ආමන්ඩ් | Almond

“Intense and moving…a phenomenal book that deserves a wide audience among readers.”
The Wall Street Journal
පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.
ඔයා ළඟට කාර් එකක් එද්දි – අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.
මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි – එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.
අනිත් අය හිනා වෙද්දි – අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි.
මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.
අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.
ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabhahuge Maranaya

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ආලවන්ත ජේත්තුකාරයා / Alawantha jeththukaraya

අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිං හැමි සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින් හා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත් වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කර නොඇඹු වටිනා අශ්වයා, ‘මර්කරි’ වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමු වීම සූරින්ගා යොමු කළේ දහ අට වැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදු වූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ නිව්ගේට් සිරගෙදර භීෂණය වෙතය. අවසානයේ තමා පටලැවී සිටි ද්‍රෝහිකම් හා පවාදීම් ජයගන්නා ඈ සැබෑ ආදරය සොයාගත්තාය.
ආලෝකයේ රණකාමියාගේ අත්පොත | Alokaye Ranakamiyage Athpotha

හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේ ය. එසේ ම, කිසිවකු තමා ආලෝකයේ රණකාමියා යැයි
නො සිතුවත් අපි සියල්ලෝ ම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු.
ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේ ය.
ස්ත්‍රිය නැවත වරක් මඳ සිනා නැඟුවා ය.
ආලෝකයේ රණකාමියා ගැන ලියන්න, ” ඕ කීවා ය.
දෙවියෝ අපට වචන වල වග කිව යුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහැඬියාව ප්‍රයෝජනයට ගනිති.
විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මිහන්සිය ප්‍රයෝජනයට ගන්නේ ය.
යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය උගැන්වීම උදෙසා අසනීපය භාවිත කරන්නේ ය.
අපට ජලය ගැන උගැන්වීම උදෙසා දෙවියෝ ගින්න භාවිත කරන්නෝ ය.
වාතයේ අගය උගැන්වීම උදෙසා හෙතෙම පස භාවිත කරන්නේ ය.
දිවියේ අගය අපට කියාදීම සඳහා හෙතෙම මරණය ප්‍රයෝජනයට ගන්නේය.