Showing 553–576 of 1412 results
Shop
ඇන්ස්ලම් – උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා | Anslam

සර්පයන්, කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප්‍රියජනක හැඟුම් දනවන්නේ නැත. ‘ඔයා මෙයා’ කියමින් ඔවුන්ට ඇහෑලුම්කම පාන, වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද්‍යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය.
එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යයෙන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි. වැඩි ඈතක නොව. රැස නම් වූ මහගෙදර තරුණ කැරැල්ලේ හිස ගසා දමන්නට පෙර, 2019 වසරේදීය.
මේ ආශ්චර්යය කළේ, සරසවියේ අවසන් අධ්‍යයන වසරේදී සිය පළමු රැකියාව ලෙස ජනමාධ්‍ය වෘත්තියට පිළිපන් නදී මාණික්කගේ නම් ලේඛිකාවයි. කොරතුරු ගවේෂණයෙහි නිපුණත්වයද, මානව සබඳතා විෂයෙහි බුහුටිකමද නිර්මාණාත්මක ලේඛන කුසලතාවද, අරමුණ උදෙසා කැපවීමේ ගුණය හා සංස්කරණ පරිචයද මේ විස්කම සඳහා ඇය උපයෝගී කර ගත් මායාවී මෙවලම්ය.
චරිතාපදාන රචනා කලාවේ සාම්ප්‍රදායික සීමා මාඉම් කෙළිලොල් ලෙස බිඳ දමමින් අප්‍රමාණ නිදහසකින් සැරිසරන ඇය. ජනමාධ්‍ය කලාවේ වර්තමාන කාලයෙන් කතන්දර කීමේ ගුණයද, සම්මුඛ සාකච්ඡා කලාව, චාරිකා විත්ති රචනය යනාදී පුවත්පත් විශේෂාංග කරණයේ විවිධ ඉසව්වලට අයත් ශිල් පෝපක්‍රමද මෙම වෘතාන්තය ගොඩනැංවීම සඳහා නිර්මාණශීලී ලෙස භාවිත කරයි.
ලොව පුරා පර්යේෂණ වලින් හෙළි කරගත් උරග සහ උභයජිවී ලෝකයෙහි විස්මිත තතුද, ඇස්ලම් ද සිල්වා නම් ලෝක පූජිත විද්‍යාඥයා එම විෂය සඳහා කළ සම්ප්‍රදානයද, ඔහුගේ සමකාලීනයන් හා සිසු පරපුර පිළිබඳ තතුද මෙහි මැනවින් නිරූපිතය. එය එතෙකින් නිමි වන්නේ නැත. ජීවිතය යැයි නාමකරණය කළ සුලබ ආකෘති වලට සරදම් කරන, සාකල්‍යයෙන්ම විකල්ප අප්‍රමාණ මිනිසෙකුගේ ජීවමාන පිළිරුවක් එමඟින් විදාරණය වෙයි. පාඨක හදවත් එය ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතමි.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

ඉලංගංතිලක යනු ඇටවූ එකාට අමතක වී ගිය ක්ලේමෝ බෝම්බයක් වැනි එකෙකැයි විශ්වාසයක් මුදලාලි ඇල්බට් තුළ කාලයක පටන් පැලපදියම් වී තිබිණි. ඔහු ලේසියකින් කඩයට ආවේ නැත. ඒ වෙනුවට බඩු ගෙනයන්නට ආවේ, ඔහුගේ නිවසේ වැඩ කළ කමලා නම් දෙමළ ගැහැනිය හෝ එහි අලුත්වැඩියා හා නඩත්තු කටයුතුවලට ආ ගිය, කාගේත් හිත දිනාගත්, කොයි වැඩේටත් වැඩ්ඩෙකු ඌ උපුල් පමණි. මුදලාලි ඇල්බට් වරෙන් වර වහෙන් ඔරෝ ඉලංගංතිලකගේ අභ්‍යන්තර තොරතුරු පාදාගන්නට හැදූ අවස්ථාවලදී කමලා සිංහල හරියට බැරි බව අඟවා මඟහැර ගිය අතර, උපුල් තමන් අනුන්ගේ වටලප්පම්වලට තේ හැඳි නොගහන බව ඍජුවම හෙළි කළේය. ඒ නිසා මුදලාලි ඇල්බට් තුළ ඉලංගංතිලක සම්බන්ධයෙන් තිබුණේ මැරිච්ච ආච්චි සම්බන්ධයෙන් තිබෙන්නාක් බඳු ගෞරවය මුසු බියකි.
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසී ආක්රමණිකයන්ගේ දින සටහන් හා වාර්තා

ඉකිගායි / Ikigai

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times
ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times
ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE
ඉකිගායි | Ikigai

මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ?
අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ – විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ – දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භූක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.
ඉටි කුටිය විනිවිදිමි | Iti Kutiya Winiwidimi

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.
ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.
ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.
ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.
නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.
ඉඩෝරයේ කුසුමක් | Idoraye Kusumak

මං නොහිතා නොබලා කරපු දෙයින් ඔයාගෙ හිත මෙච්චර රිදෙයි කියලා මම පොඩ්ඩක්වත් හිතුවෙ නෑ.. ඔයාගේ හිත බිඳිලා යයි කියලා මට හිතුණා නම් එක්කො මං ඩිලාන් විදියටම ඔයාගෙ ජීවිතේ ඉන්නවා. නැත්නම් මං ඩිලාන් විදියටම අයින් වෙලා යනවා. එහෙමත් නැත්නම් එදා ඔයා අහද්දි මම කවුද කියලා මම ඔයාට කියනවා මං සචේන්ද්‍ර මහානාම කියලා..
ඉඩෝරයේ පිපි කුසුම / Idoraye pipi kusuma

එම මොහොතේ මා සිටියේ අසිහියෙන් මෙනි. සිදුවන්නේ කුමක් දැයි මාහට මනා වැටහීමක් නොතිබුණි. මට හොද සිහිය එනවිට මා සිටියේ පිහිනුම් තටාකය මතට නැවතනැවත මතු වෙමින්, මගේ දිවි බේරා ගන්නට වෙර දරමිනි. මා මට හැකි අයුරින් මාව බේරා ගන්න යැයි වෙර යොදා කෑ ගැසුවා ම මතකය.
එහෙත් අවසානයේ මා ජල තටාකය තුළටම ගිලී යනු මට දැනුණි. ජලය මගේ පෙනහලු තුළට ඇතුළු වී. මගේ ආශ්වාස ප්‍රශ්වාසයද අඩපණ වී යනු මට හැගුණි. මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි. මට අධික සීතලක් හා භීතියක් දැනුණි. ඔව්, ඔබ සිතුවා නිවැරදිය. ඒ මොහොතේ මම මරණ බිය අත්වින් දෙමි. මගේ හෘදස්පන්දනය ද මන්දගාමී වී යනු මට හැගුණි. මොහොතකින් සියල්ල නිශ්චල වී මම මගේම නිසල සිරුර දෙස බලා සිටියෙමි. එහෙත් ඒ මොහොතකට පමණි. එක් වරම කිසියම් බලවේගයක් විසින් ජල තටාකය දෙබෑ කරගෙන මගේ සිරුර ඉහළට ඔසවාගෙන එනු මට හැගුණි.
ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna

බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ? | Ithin kawiyani hodata ninda yanawa d raata

යම් දිනෙක.
වසංගත කාලයද වියැකේවි:
කවි, ගීත ලියැවේවි
මල් පිපී හිනැහේවි, උණුහුමට හිරු එළිය පැතිරේවි
නම් නොදත් බොහෝ අය පිළිබඳව මතක සටහන් පවා නොරැඳේවි
බොහෝ හිස්තැන් අතර
ඇතැම් විට යම් දිනෙක
අප ද යළි කොහේ හෝ හමුවේවි; සමහර විට නොවේවි!
ඉතුරු බිතුරු මතක සමග මා ලියු ගී | Ithuru Bithuru mathaka samaga ma liyu gee

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

ඉඳු දුන්න නැමුණු තැන
අහස් ගඟ පසු කරන
මන්දාර පව් ඔබෙන්
ඉඳු දුන්න නැමෙන තැන
සුන්දරම තැන මෙතැන
නැඟ ගතිමි එහි තුඩට
නැරඹුයෙමි තරු ආර
සෙවූයෙමි ජීවිතය
ඔබේ ඇස් ප්‍රදීප්තව
අහසේ දිදුලනා’යුර
යශෝධාවට වඩා
යශෝධා ඒ ඔබය
දරා අත අහර පැස
විඳ දරා රිදුම් පෙළ
ඔබ හිඳී….
සයනයේ පාමුලක
විපිලිසර වතැතිව
නමුදු අප අතර දැන්
අවපස සඳ නැඟේ
ඒ අඩුව අතැරලා
ඉරු සඳුට හිස නමමු
එදාටත් වඩා අද
තැවුල් ගත් කුමරියනි.
ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය | Iranama wenas karana kampana tharanga neethiya

අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි.
විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය
ඉරණම වෙනස් කිරීමේ කලාව | Iranama Wenas Kirime Kalawa

ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථයාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.
ඉසිවරයා | Isiwaraya – The Prophet Kahlil Gibran

Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද බලිල් පිබිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.