Showing 937–960 of 1396 results

Shop

මිෂන් සරා | Mission Saraa

රු1,395.00
or 3 X රු465.00 with

මම අනුරාධ්‍යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම…

වහ්!

ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම..

ම්ම්ම්… ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න.

ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි… මගේ අනාගත බලාපොරොත්තුව?

හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්!

ම්ම්ම්… මාශල් ආට්ස්? ඔව් ඒකත් නවත්තන්න බෑ. ඒ ගමන් ප්‍රේමයෙන් පැරදිච්ච පෙම්වතු – වතියන්ට ජීවිතේ ජයගන්න මෝටීන් කරන බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සෙ සල්ලි ගොඩක් හොයලා ඇමරිකාවටත් ණයට සල්ලි දෙනවා.

ඔව් එහෙම තමා මං හිතන් හිටියේ…

හැමදේම මටත් නොදැනී වෙනස් වෙනකම්.

“සරා!”

“ෆෝකස් සරා ෆෝකස්!!!”

මිෂ්කයි මම‍යි / Mishkai mamai / Eleven stories for boys and grils

රු1,242.00
or 3 X රු414.00 with

“ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරී නම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කුඩු හදන්නත් නියෙනවා.” “අපි කුරුළු කුඩු පස්සේ හදන්නම්.” “ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි.’ “නෑ.. එයාලා එන්නේ නෑ…” ” මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද?” “එයාලා ඉඳියි ! කෝ පොඩ්ඩක් ඉන්න…” මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක්‍රියා කරමින් තිබුණි. ඉක්‍යුබේටරය අසලම මායා ඇයට නියමිත තැන වාඩි වී සිටියා. අපි ඇයට මුව නොසෑහෙන්නම ස්තූති කර සෙල්ලම් කරන්නට යාමට ඇය මුදා හැරීයා.

මිසර අප්සරා / misara apsara

රු1,485.00
or 3 X රු495.00 with

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගිගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තිරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලි ගොසින් තිබුණි.

”අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමු ඒ ද්‍රෝහි රුධිරය. හැඟිම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.”

ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද?

ආදරයද…? පළිගැනීමද…?

ඔහු මේ හැඟිම් දෙක අතර සිරව ගියේය.

මිහිරි මිදි අතු | Mihiri Midi Athu

රු600.00
or 3 X රු200.00 with

ජුලි 21 වෙනිදා නිකුත් වේ.

කුහුඹුවන් මිලියනයකින් සැදි

පස් ගොඩැල්ලක් ජනපදයක් වෙන කොට,

මී වදේ මාළිගාවක් කරගෙන

මී මැස්සියක් රැජිණක් වෙන කොට

මක්වෙනවද Darling

නොගැළපෙන දෙන්නෙක්

ගැළපෙන්න හදනකොට?

එහෙම තමයි ලෝකය

විචිත්‍රවත් වෙන්නෙ

අපි කාට කාටහරි

ආදරේ කරන කොට

මීදුම් දුමාරේ | Meedum Dumare

රු900.00
or 3 X රු300.00 with

නොවැම්බර් වැස්ස

දිගට ම වැස්සේ ය. සීතලට

යටවෙමින් තිබි නුවරඑළිය

මල් වරන්නට වූයේ ය. නමුත්

අපේ කඳු බෑවුමේ හුදෙකලා වූ

ලිලී, ඩැෆඩිල්, ඩේසි හෝ

ජර්බෙරා මලක් සොයාගත

නො හැකි වූයේ නැත. මම

එවන් මලක්, කොළයක්,

ගෙඩියක් හෝ දඬු

කැබැල්ලක් සොයා දෙදිනකට

වරක් අවිනාශ් ගේ මේසය

මතට ඉකෙබානා සැරසිල්ලක්

කළෙමි. මගේ ජීවිතයෙහි මා

ආශාවෙන් කළ සියල්ලට වඩා,

මේ මල් සැරසිලි කිරීම

තුළින් මා තෘප්තියක්

ලබන්නට ඇත.

මීලඟ මීවිත | Meelaga Miwitha

රු360.00
or 3 X රු120.00 with

“ සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ ඵල
පසෙහි මුසුවී තිබුණු වස විස
උරා බොන්නැති නියගලා වැල…

මීෂා | Meesha

රු882.00
or 3 X රු294.00 with

ඒ දේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහෙත් මාර්කෝගේ රෝගයත් එක්ක ‘පොඩි දරුවෙක්ගේ’ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. සමහර විට ඒ මාර්කෝගේම දරුවෙක් වෙන්න පුළුවන්”
“දරුවෙක්?” මම පුදුමයෙන් ඇසුවෙමි.
“ඔව්… පොඩි ගැහැනු ළමයෙක් “

මුදල් සොයන මොළේ| The Psychology of Money

රු1,080.00
or 3 X රු360.00 with

”ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිද දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රදා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.”

මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.

– DANIEL H. PINK

මුනිවර දේශනා හෙවත් සෞන්දර්යේ ගීතය | Muniwara Deshana Hewath Saundarye Geethaya

රු630.00
or 3 X රු210.00 with

ඛලීල් ජිබ්රාන් නම් වූ අපුරු චින්තකයා, සොදුරු සිත්තරා, විශිෂ්ට සවියා මධුර ස්වරයෙන් ගායනා කරන මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය සියුම් හා තියුණු ආලෝක ධාරාවක් වැල්ල කරන්නේ ‘ පවතයේ සංකේත තේරුම් ගැනීමට යැයි මම සිතමි.

හුදෙකලා කුටියේ තමා හා ගතකරන්නට, මධු බඳුන් පුරවාලන්නට පැමිණි සොඳුරු ආදරවන්තිය යනු පෙරදා තමා විසින් දකිනු ලැබූ සිහිනයයැයි ඔහු වරෙක කියයි. එතැන් පටන් මේ සුරූපිණිය විප්‍රවාසයේ නිර්මනය හා විස්මෘතියේ නිම්නය බලා පිටව ගිය බව ද පවසයි.

සිය යහන අසලින් ඇගේ රුව වල්ලා තැබුව ද, ඇය එවු පෙම්හසුන් මරකත මාණික්‍යයෙන් කළ මංජුසාවක තැන්පත් කළ ද, තදනන්තරව පැමිණි වා රැළි විසින් ඒවා පලවා හනු ලැබුණේ විස්තෘතියේ පෙදෙස් කරා යැයි ද කියා සිටී.

මේ ආදර වන්තියට, ඔහු නමක් දෙන්නේ පසුව ය.

මගේ ආදර වන්තියගේ නම් ජිවිතයයි.

මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් සිංහල බසට පෙරලු මේ වදන් පෙඳු පිරාන් නම් වූ මහා කවියාගේ කාව්‍යමය සංකල්පනාවන්හි ප්‍රයමානයයි. සෞන්දර්යයේ ගීතය හා සුසංයෝගීව පසු බිමින් වශයන වස්දඬුරාවයක් මෙ මට පෙනී යන්නේ. මේ පොත දෑසින් අසන්නටත් දෙසවනින් නරඹන්නටත් පුළුවන.

මුල් 1 / mul 1

රු765.00
or 3 X රු255.00 with

මුල් 2 / mul 2

රු1,125.00
or 3 X රු375.00 with

මෙඩූසා | Medusa

රු550.00
or 3 X රු183.33 with

කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්, අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමේ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට ජේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ.

මෙල නිසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක‍. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.

මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිර්කිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්, මේ වැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා, හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්.

ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.

මේ මගේ කතාව / Me mage kathawa

රු882.00
or 3 X රු294.00 with

”මේ මගේ කතාව” මගේ කතාව නොවේ. එය අපේ කතාවය. අප ගෙවන කටුක සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවය. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කථනයක් ලෙස වුව එය අවසාන වශයෙන් සමාජ කථනයක් වේ. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විහිවිද යන්නේ යම් සේද මේ මගේ කතාව නීරුවද චිත්ත සන්තානය පත්ලට යයි.

එය සිය අරමුණු සාක්ෂාත් කරගන්නේ අසිහිය වාහකය කර ගනිමිනි.

මේ මගේ කතාව අසිහියෙන් ලියන සිහියේ කතාවය.

මේ මගේ හදවත | Me mage Hadawatha

රු600.00
or 3 X රු200.00 with

ඉතින්,
‍රිදුම් සෑහෙන තියේ
මටත් මෙහි හිතවත
ඔබ ඔහොම කියවන්නේ
මේ මගේ හදවත

මොළ ආක්‍රමණ භීෂණය / Mola akramana bishanaya

රු720.00
or 3 X රු240.00 with

චිප භාවිත කොට මනස් පාලනය කළ හැකි තාක්ෂණය හමුවේ පීඩනයට පත් වන ජන සමාජයක විස්තර මේ ප්‍රබන්ධයෙන් ඉදිරිපත් කෙරේ. මනෝ යනු පෞද්ගලික පන්ති දේශකයකු වන අතර ඔහුගේ සතුරකු ඔහුගේ නමෙන් පෙනී සිටිමින් ගැහැනු ළමයින්ට හිරිහැරදායි ඇමතුම් ලබා දෙයි. මේ හේතුව නිසා ඔහුගේ සමාජ සබඳතා බිඳ වැටේ. මනස් ආක්‍රමණය කොට රාජ්‍ය පැහැර ගන්නට තැන් කරන කණ්ඩායමක නර්ජනයට මනෝ ලක් වන්නේ මේ අතරතුරය. විදනවේ ඥාන මහිමය උපයෝගී කර ගනිමින් ටිනා නම් ඔත්තුකාර්ය රාජ්‍යයට එල්ල වන මේ තර්ජනය මැඩපැවැත්වීමට කටයුතු යොදයි. මේ ප්‍රබන්ධයේ කතුවරයා කැලණි විශ්ව වේදනාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති අතර උසස් අධ්‍යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරමින් සිටි

මෝසාඩ් | Mossad

රු1,584.00
or 3 X රු528.00 with

” ඊශ්‍රායලයේ අදෘශ්‍යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම
පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.

රිශ්‍රායලයේ හිටපු ජනාධිපති ෂීමොන් පෙරේස

” ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුව තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැර ගැනීමි, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීමේ හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”

PUBLISHERS WEEKLY

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්‍රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ.

ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.