Showing 1225–1248 of 1451 results
Shop
හොඳින් දන්නා නාඳුනන අප | Hodin Danna Nadunana Apa

” අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.”
දේව්
“මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචන වලිනුත් හිනාවෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.”
නිතූ
“අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු.”
සුලක්ෂණ
“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබා ගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.”
මදාරා
හෝ ලුසී ලුසී | HO Luci Luci

මතුපිටින් බලනවට වඩා ඇතුළතින් ඔබට ‘තවත් කතා බොහෝමයක් කියන කෘතියක්’. විවිධ මාතෘකා ඔස්සේ ඔබව සිතීමට පොළඹවන කෘතියක්. ඒ වගේම ‘හෝ ලුසී ලුසී’ මගේ නිර්මාණ ජීවීතයේ සංකීර්ණ, මාව ‘ආදරය’ ගැන ගැඹුරින් සිතීමට පෙළැඹූ කෘතියක්.
මේ කෘතියේ ප්‍රධාන චරිතය ගොඩනැගීම මට අනිත් කෘතීන්ට වඩා බොහෝ සේයින් අසීරූ වුනා. ‘එම චරිතය’ සිටි මානසික ව්‍යාකූල බව ඒ ආකාරයෙන්ම ලිවීමට අවශ්‍ය වූ නිසා මම මානසික රෝගීන්ව පවා මුණ ගැසුණු , ඔවුන් තොල් මුමුණන ආකාරය, ඔවුන් තමන් සමඟම සංවාද කරන ආකාරය පවා බලාගෙන සිටි අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එම චරිතය තුළ ජීවත් වෙද්දි මමත් මා සමඟම කතා කරන්න පෙළැඹුණා.
මා ලියූ අනිත් හැම කෘතියකට ම වඩා මම ‘හෝ ලුසී ලුසී’ තුළ ජීවත් වුණා.
මගේ බිරිඳ ‘ලුසී’ නමින්ම කෘතිය ලිවීම ආරම්භ කිරීම එය මට තවත් පහසු වෙන්නට ඇතී. ජීවීතයේ මුල්ම වතාවට ලේඛකයෙක් විසින් නොකළ යුතු දෙයක් මම කළා. කෘතියේ ප්‍රධාන චරිතය තුළ ජීවත් විය යුතු නිසාම මම මගේ මනස තුළ ‘ලුසී’ මිය ගිය චරිතයක් බවට පත් කළා.
ලිවීම තුළ තිබෙන සුන්දරම දෙය ‘අපිට ඒ තුළ ජීවත් වීමට හැකිවීම’. හෝ ලුසී ලුසී ලියන කාලය තුළ මම ඒ තුළ ජීවත්වූ ආකාරය ගැන පුදුමාකාරයි. ඒවගේම සතුටුයි. එවන් ආදරයකින් සහ කැපකිරීමකින් තවත් කෘතියක් ලිවීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.
හෝ ලුසී ලුසී අද, මේ මොහොතේ සිට ඔබට බාරයි. මගේ හැම කෘතියකදී ම මා ඔබට කියනවාක් සේම, මට අදත් එක් පොරොන්දුවක් ඔබට දිය හැකියි.
‘හෝ ලුසී ලුසී’ අතට ගත් මොහොතේ පටන් ම ඔබ මෙම කෘතියෙන් ඇස් ඉවතට නොගනීවී. මම කෘතිය තුළ ජීවත් වූ ආකාරයට ම ඔබත් හෝ ලුසී ලුසී තුළ ජීවත් වේවී.
තව එකක් ‘හෝ ලුසී ලුසී’ ජැකට් කවර් එකක්. ඒ නිසා වෙනසකුත් තියෙයි.
– මුතුමුදලිගේ නිශ්ශංක
හෝමෝ ඩෙයුස් | Homo Deus – හෙට දිනය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය

මිනිස් වර්ගයා, සපුරාම පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් යුතුව ගමන් කරන්නේ කොතැනටදැයි විමසා බලන කෘතියකි
ජාවිස් කොකර්
සාගතය අතුරුදහන් වෙමින් තිබේ
ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය.
මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි.
අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද?
21 වැනි සියවසේ දී තමන්වම ප්‍රති – සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ.
විශාල දත්ත සහ කෘතිම බුද්ධිය විසින් නියෝජනය කරනු ලබන විද්‍යාව සහ තාක්ෂණය පරිණත වන විට මිනිස් වර්ගයා අතිශයින් ගැඹුරු විපරිණාමනයකට ලක් වනු ඇත.
ළමා විය | lama Wiya

යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්රෑඩය වටලෑමද මොස්කව් නගරයට ළං වීමටද ඔවුහු සමත් වූහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ට් ජර්මන් සේනාවට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිර්මට නැගී සිටි සෝවියට් සෙබළා කවුද එම භීම යුද සමයේදී සතුරෝත් මිතුරෝත් ඉතා හොඳින් හඳුනා ගත්හ. දේශප්රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝව්යට් ජනතාව පෙන්වූයේ අසමසම වීරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළිබඳ කතාවකි.