Showing 1201–1224 of 1451 results
Shop
හත්පෙති මල | Hathpethi Mala

අපි ආදරේ කරන කෙනා ඉස්සරහා
අපිට අපි වෙලා ඉන්න බැරි නම්
අපි ඉන්නේ හරි තැන නෙමෙයි.
ආදරේ ඉස්සරහ අපි නිදහස් වෙන්න ඕනේ…
ඒ කෙනාව දැක්කම
අපිට සැනසීමක් දැනෙන්න ඕනේ…
අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕනේ…
අපි ඒ වෙලාවට මොන ප්‍රශ්නක හිටියත් එයාව දැක්කම අපිට ඒ හැමදේම අමතක වෙන්න ඕනේ…
හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin

වර්ෂා දියට ඇති ප්‍රේමය
හද තෙමාලන මෘදු කැල්මය
හරිත නිම්නමය අරණක
වසඟ වූ ඇස් බැල්මය
මුහුදු වෙරළත නෙත් පියන්
ජීවිතය විදාලන ඇල්මය
හසරැල් ගංගා | Hasaral Ganga

සමහර ඇත්තවල් තියෙනවා ඒවා කොච්චර ඇත්ත වුණත් පිළිගන්න බැරිම තරමටම තිත්තයි
අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.
අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුළුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුළුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කර ගන්න.
අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.
අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ළතැවෙන්න තියාගත්තොත් ඉස්සරහට එක අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
හංසවිලක් කැලඹේ | Hansa wilak kalabe

යොවුන් ප්‍රේමයේ මිහිරියාව මෙන්ම විරහ වේදනාවක් ද, ආදර සබඳතාවන්හි ගැඹුර හා සංකීර්ණ බව ද අනුවේදනීය ලෙස ඉස්මතු කර දැක්වෙන ‘හංස විලක් කැලඹේ ‘ නවකතාව තුළින් පිරිමියාගෙන් ගැහැනියට ලැබිය යුතු ප්‍රතිචාරය, ආදරය, ගෞරවය, අනුකම්පාව මිස පිළිකුල, ගර්හාව, වෛරය නොවන බව තීරණය කිරීම පාඨකයාට භාර කෙරේ.
හැම තාත්තෙකුගෙම සිතුවිලි | Hama thaththekugema Sithuwili

ඔබ හොඳයි…
හැම පිරිමියෙකුටම වඩා…
හැබැයි මගේ තාත්තා තරමට නම් නොවේ….
දූගේ පොතක පිටුවේ දුක හිතෙන පද හතරක් පුදුමාකාර ලස්සන, ඇස්වල කඳුළු තවරන පද හතරක්. කවුරුම හරි දූගේ හිතේ ආදරය තවරන්න හදනවා. හැම ගෑනු දරුවෙක් ම තමන්ගේ තාත්තට රූපයෙන්, ගති ගුනෙන් සමාන පිරිමින්ට කැමතියි….
දූගෙ කවිය මගේ අතීතෙ දවසකට ගෙනියනවා. තාත්තා වැඩිපුරම ආදරේ කරපු ගැහැනු චරිතයක් එක දවසක තාත්තගෙ ජීවිතෙන් ඈතට ගියා. අද දූ කාගෙ හරි හිතෙන් පිටමං වෙන්න හදනවා වගෙයි. මේ දරාගන්න බැරි පසුතැවීම ඇරඹුනේ එතැනිං. එහෙම වුණා කියලා මං කොහොමද මගේ දූගේ මේ කවිය වෙනස් කරන්නේ. ඒ වුණාට මන ඔයයිට කතා කරන්න ඕන වුණා. අඩුම ගානෙ මේ කාත් කවුරුත් නැති කවිය ගැනවත්.
“ඔයාට ලස්සනට ලියන්න පුලුවන්නෙ”
හවස තේ බොන වෙලාවේ මං කිවුවා. දූ ඔළුව ඉස්සුවේ චකිතෙං. මං කා ගැන කිව්වද කියලා එයයිට හිතා ගන්න බැරි වෙන්න ඇති. ඒත් ළඟ වුන්නේ අපි දෙන්නා විතරයි.
“මටද?”
දූ ඇහුවේ ඇස් ලොකු කරලා.
“ඔව්. මං මේ ඔයා ලියපු කවියක් කියෙව්වා”
තරමක් හිනා වෙලා ඔයා ඔළුව ඔබා ගත්තා.
“කා ගැනද මගෙ දූ ලිව්වේ”
“කා ගැනවත් නෙවෙයි…”
“දූ තාත්තිට බොරු කියනවා
හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න | Hikmaweema Pinisa Me Daduwama Iwasanna

තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නො ව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන් ව පරීක්ෂා කිරීමට මෙහි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නො ගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින රකුසන් ඔහු නහය අබිසයදී ම මාවතින් ඉවත් ව පළා යයි. නිර්භය මිනිසා හමුවේ නපුර දණනමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි; ආරක්ෂා කරයි; තම අරමුණ ජය ගැනීමට මග පෙන්වයි.
හිටපු ලොක්කන්ගේ රස කතා / Hitapu lokkange rasa katha

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් “ටැප් කිරීම” විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් “ටැප් කිරීම” සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක්‍රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන “ටැප් කිරීම” කතාවේ තිරය පිටුපස චරිත වූහ
හිට්ලර්ගේ පලායාම | Hitlerge Palayama

1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ.
සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සියදිවි නසා ගත් බව සැබැවින්ම විශ්වාස කළේය. ඔවුන් හිට්ලර්ට සමාන පෙනුමක් ස්වරූපයක් තිබූ පුද්ගලයා හඳුනා නොගත් බව විශ්වාස කිරීම අතිශයින් දුෂ්කර ය.
හිට්ලර්ට පියවරක් ඉදිරියෙන් / Hitlerta piyawarak idiriyen

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි.
සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය.
“හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්” කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක්‍ෂි සපයයි.
වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි. ඊටත් වඩා ඔහුගේ ලිවීමේ රටාව හැඩගැන්වෙන්නේ ගීත රචකයෙකු ලෙස ඔහු ලබා ඇති සාර්ථකත්වයයි. මිල්ටන් මල්ලවආරච්චි ගයන “දෑස රිදෙනවා පාර බලා ඉඳලා, වික්ටර් රත්නායක ගයන “අමාගඟක් ගලාලා” වැනි ගීත දයා ඩී. ෆොන්සේකාගේ ප්‍රතිභාව පෙන්වන රචනා ය.
දයා ඩී. ෆොන්සේකාගේ අලුත්ම පරිවර්තන කෘතිය ප්‍රෙඩ් ග්‍රෝස්ගේ One Step Ahead of Hitler නමැති මෙම කෘතියයි.
කතුවරයාගේ සරල සුන්දර පරිවර්තනය මෙම වෘත්තාන්තය කියවීමට පාඨකයන්ට සුහද ඇරයුමක් කරයි.
ජයන්ත කළුපහණ – මව්බිම කර්තෘ මණ්ඩලය.
හිරු බැස ගිය පසු | Hiru Basa Giya Pasu

ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සභ්‍යත්වයට නතුවීමේදී මුහුණදෙන අර්බුදයේ එක් පැතිමානයක් මේ නවකථාවෙන් නිරූපිත ය.
නවකථාවෙන් විස්තර වන්නේ නයිජීරියානු සමාජය වුවද, මේ කෘතිය අපගේ සංස්කෘතික ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්නා වූ කෘතියක් සේ සෑම පාඨකයෙකුටම හැඟී යනු ඇත. ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා සිංහල පාඨකයාට හඳුන්වාදීමේ කර්තව්‍යයෙහි පුරෝගාමිත්වය හිමි ගාමිණී වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාවලියෙහි අර්ථවත් ඵලයකි, “හිරු බැස ගිය පසු.”
හුන්නාකඩවර | Hunnakadawara

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරින් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානුවක් සිතුම් පැතුම් ද නවානුවක් චාරිත්‍ර චාරිත්‍ර ද අපට බෝ කළෝය.
දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කැම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඩල නිරාවරණය කරගෙන පීවත් විමත් තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අවිවේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.
අනේ කාලේ වනේ වාසේ
අපට මිලේච්ඡ යැයි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරා බේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමු දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප ඥානය, හුන්නා කඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේය. අලියා මතු නොව අලියාගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකු බව ඔහු වටහා දෙන්නේය.
වෙද හෙද කම් කර තමන් සුවපත් කරන හුන්නාකඩවරේ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා ” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේවා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.
හුළු අත්ත | Hulu Aththa

කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?
කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..
ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?
හෘද සාක්ෂියක අදෝනාව | Herda Sakshiyaka Adonawa

රුසියාවේ දේශපාලන පෙරළියක් අතරතුර කාලයේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු වන රසුමොව්ගේ ජීවිතය වටා මෙම කතාව ගෙතී තිබේ. ඝාතනයකට වගකිව යුතු සෙසු ශිෂ්යයෙකු පාවා දීමෙන් පසු රසුමොව් ව රුසියානු රජය විසින් ඔත්තුකරුවෙකු ලෙස භාවිතා කරයි. අනෙක් ඔත්තුකරුවන් ගේ කතා මෙන් නොව, රසුමොව්ගේ කතාව කටුක හා ම්ලේච්ඡ එකක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවේ…
විප්ලවයට කලින් රුසියාවේ පැවති දේශපාලනය එන පැත්තකින්ද, පොදුවේ ඔහුෂ්යයා මුහුණදෙන මානවීය අර්බුද තවත් පැත්තකින්ද මේ නවකතාවට සරු වස්තුබීජ සපයා තිබේ. ඇතැම් විප්ලවීය ආයාසයන් අස්සේ විටක සැඟවී පැවතිය හැකි මිනිස් දුර්ගුණ සහ අධම ගති මොන තරම් ඛේදනීය විය හැකිද යන කාරණය දෙස කොන්රඩ් හෙලන දෘෂ්ටිය සැබවින්ම මානවවාදී ය.
හෙන්රි පාකර්ගේ පුරාතන ලංකාව / henri pakarge purathana lankawa
