Showing 1129–1152 of 1412 results

Shop

සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව | Sinhalen Ha Ingrisiyen Ithali Bhashawa

රු720.00
or 3 X රු240.00 with

මිනිසාගේ අධිතාක්ෂණික විප්ලවය සමස්ත විශ්වයම ඒකීය කේන්ද්‍රයකට හකුළුවමින් සිටී. එබැවින් ලොව ඕනෑම රටකට පා තැබීමට ගත වන්නේ මිනිත්තූ කිහිපයකි. එසේ නැතිනම් හෝරා කිහිපයකි. එසේ සැණෙකින් විදෙස් රාජ්‍යයකට සම්ප්‍රාප්ත වන ඔබට එහි ආගන්තුක ජන ප්‍රජාව හා සාර්ථක සන්නිවේදනයක් ඇතිකර ගැනීමට ක්‍රමවත් භාෂා ඥානයත්, මනරම් වාග් චාතූර්යයත්, අත්‍යවශ්‍ය මෙවලමකි. විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳව නිරවුල් අවබෝධයත්, නිවැරදි උච්චාරණ අලංකාරයත්, ඔප් නැංවීමට මේ කෘතිය අත්‍යන්තයෙන්ම උපකාරී වේ. කවරයේ ඇති QR කේතය Scan කිරීමෙන් මේ කෘතියේ ඇති සියලු පාඩම්වලට සවන් දීමට ඔබට හැකියාව ඇත.

සීත දේශයේ කම්බිලි | Seetha Deshaye Kambili

රු850.00
or 3 X රු283.33 with

සදිෂ්ගේ මෙම ග්‍රන්ථය කියවන විට මට සිහිපත් වූයේ සාරාමදිගේ කවියක එන ‘මගේ ගමන ඉතිහාසය සමග පමණි; සිදුවීම් සමග නොවේ . යන ප්‍රකාශයයි සදීෂ්ගේ දෙපා ගමන් කරන්නේ ද ඉතිහාසය සමගය. ශතවර්ෂ දෙකක් පුරාවට ශ්‍රී ලංකා ද්වීපයේ කඳුකර සීත කලාපයක කය වෙහෙසවමින් ජීවත් වන ඉන්දියානු දෙමළ ජනතාව මෙරටට පැමිණීමට බලපෑ සාධක, පැමිණි පසු මුහුණ දීමට සිදු වූ අනුවේදනීය අත්දැකීම්, ඔවුන්ට පුරවැසිභාවය හා ඡන්ද හිමිකම අහිමි වීම, ඉඩම් ප්‍රශ්න වලට මුහුණ දීම ආදී කරුණු පියවරෙන් පියවර ඉදිරිපත් කරමින් එම ජනයා හා බැඳුණු ඉතිහාසයේ අවධින් රැසක් තම ග්‍රන්ථය මගින් නිරූපනය කිරීමට කතුවරයා ගන්නා ප්‍රයත්නය පැසසුම් කටයුතුය.

තෙලිවත්තෛ ජෝෂප්

මානව වර්ගයාගේ ඉතිහාසය පිරී තිබුණේ අරගල වලින් සහ ප්‍රතිවිරෝධතා වලින් වුවත් මිනිස් ජීවිතය සෘජුව නඟා සිටුවීමට ඉවහල් වූයේ එම අරගල ම බව සඳහන් කිරීමට මෙහි කතුවරයා අමතක නො කරයි. තවමත් තම මූලික අයිතිවාසිකම් පවා අහිමිව, සීත කඳුකරයේ දළඹුවන් සේ දඟලමින් දුකසේ දිවි ගෙවන මෙරට වතු කම්කරු ජනතාවට සාම්ප්‍රදායික වහල් චින්තනයෙන් මිදී විකල්ප චින්තනය වැළඳගන්නැයි කතුවරයා හඬ හා පවසනු මෙය කියවන විට අපට ද ඇසෙයි.

ඇන්තනී ජීවා

සීනි මුරුක්කු | Seeni Murukku

රු1,080.00
or 3 X රු360.00 with

කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්‍ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදී ගිය කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය සීනි මුරුක්කු සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්‍රබන්ධ සාහිත්‍ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්‍යය අඩංගුවකින් යුක්තව සහෘද ගත වන්නට ඊට හැකි වන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්‍රමිකව රිංගා ඇතුළුව තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්‍යය අඩංගුව හන්දා ය.

ගැඹුරු කෙටිකතාකරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම ව්‍යුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්‍යන්තර ජීවිතය විසින් ගොඩනැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්‍රමය වැගිරිය යුතු ය.

එය ප්‍රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණ කරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්වින්ද යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය.

සීනි මුරුක්කු‍ ඇතුළු විසි වැදෑරුම් ගොඩනැගීම් හරහා මේ කෙටිකතාකාර හිතුවක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්‍යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය!

සීමා නැති ආදරේ | Seema Nathi Aadare

රු1,125.00
or 3 X රු375.00 with

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි

සුලලිත ආත්මයකට | Sulalitha Athmayakata

රු765.00
or 3 X රු255.00 with

ඔබට ඇත්තේ එක හිසකි.

එය ඉතාමත් පුදුමාකාර දෙයක් බැවින් හොඳින් රැක ගන්න. මොනම යන්ත්‍රයක් වත් විද්‍යුත් පරිගණකයක්වත් ඊට සමකළ නොහැක.

එය ඒ තරමට ම පෘථුලය. සංකීර්ණ ය.

මහත් හැකියාවෙන් යුක්තය.

සියුම් ය.
ඵළදායක ය.

අත්දැකීම්වල දැනුම් සම්භාරය හා මතකයෙහි ගබඩා ගෙය

සමස්ත චින්තනයම ඉන් පැන නගියි. එය රාශිභූත කර ඇති දේ විශ්වාස නොකළ හැකි තරම්‍ ය.

සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ / sulan ralle hama enne mage namaya we

රු1,215.00
or 3 X රු405.00 with

“මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?”

“මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.”

“ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි…”

“අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.”

“ඔයාටත් බය හිතිලා තියනවාද?”

සුළගේ සෙවනැල්ල | Sulage sewanalla

රු832.50
or 3 X රු277.50 with

දිනක්, ඩැනියෙල් ගේ පියා ඔහුව “අමතක වූ පොත්වල සුසාන භූමිය” නම් රහසිගත ස්ථානයකට කැඳවාගෙන යයි. එහිදී ඩැනියෙල් ට ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන පොත මුණ ගැසේ. Julian Carax විසින් රචිත “The Shadow of the Wind” නම්පොත එහිදී තෝරා ගන්නා ඩැනියෙල් පොත සම්පූර්ණයෙන්ම කියවා ඉවර කළ පසු, එවැනි අපූරු කතාවක් ලියූ මෙම කතුවරයා ගැන වැඩිදුර සෙවිය යුතු බවට තීරණය කරයි.

නමුත් අනපේක්ෂිත අයුරින් ඩැනියෙල් සොයාගන්නේ කතුවරයා අතුරුදහන් වී ඇති බවත් ඔහුගේ ප්රකාශිත පොත් සියල්ල ද අතුරුදහන් වී ඇති බවත්ය. ඩැනියෙල්ගේ “සුළඟේ සෙවනැල්ල” පිටපත පමණක් ඉතිරිව ඇති බව පෙනේ. ඔහුගේ කුතුහලය ඉක්මනින්ම අතුරුදහන් වූ පොත්වලට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. ඩැනියෙල් සොයාගන්නේ කුමක්ද ?

සුළඟ වගේ ඇවිදින් | Sulanga Wage Awidin

රු1,485.00
or 3 X රු495.00 with

අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක

මගේ දෙඅත් උඩින් තියාගත්තා.

ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා

මාලින්ද…”

අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.

එයා ඉකිගහන්න පටන් ගත්තා.

කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි

බැම්මක් වගේ…

මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා

‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න

දෙන්නේ නෑ…’

ඇස්දෙකේ කඳුළු පුරෝගෙන,

මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට

මම පොරොන්දු වුනා

සුෆී උද්‍යානයේ මාවත | Sufi Udyanaye Mawatha

රු1,080.00
or 3 X රු360.00 with

සුෆීත්වය පැවිදිවෘත ගැන කිසිවක් නොදනී තවුසෙක් යනු තමාම වේදනා විඳිමින් එයින් ආස්වාදය ලබන්නෙක්. ඔහු සැබෑ ආගමික තැනැත්තෙක් නොවෙයි. තමාට ආදරය නොවන ඔහු තමාව පිළිකුල් කරයි.

සුෆීවරුන් තමාටම ආදරය කරයි. ඔහු සෑම දෙනාටම ආදරය කරයි. සුෆී වරයෙක් යනු ආදරයයි.

හදවතේ කැඩපත, දෙපිටකාටට්ටු බව සහ අවිශ්වාසයේ මලකඩ ඉවත් කර ඔප දමනු ලබන්නේ නොමිලයේ…

බලා සිටින්න. එහෙත් ආදරයෙන් පසු වන්න ආදරණීය ලෙස පරික්ෂාවෙන් පසුවන්න සෙමෙන් සෙමෙන් ආදරණීය බව සහ ඔබේ සෝදිසිය එකක් බවට පත් වෙයි ඒවා නම් එකම සංසිද්ධියේ පැතිකඩ දෙකක්. එයයි හදවත් ඔප දැමීම වන්නේ. හදවත ඔප දැමීමේ ක්‍රමවේදය වන්නේ ආදරයයි. ඒ කරා ළඟාවීමට අවදිමත් සාවධානය ඔබට උදව් වෙයි. එය ඔප දැමීමට ආදරය ඔබට උදව් වෙයි. එය වඩාත් ඔපවත් වන විට, එය වඩා හොඳින් යථාර්ථය පිළිබිඹු කරයි.

ඔබ ගමන් ගත යුතු මාර්ගය වැටී ඇත්තේ… එය සිදුවන්නේ අරගලයෙන් හෝ භේද වීමෙන් නොවේ..

සමීප වු විශ්වාසනීයත්වයක් පවතින නමුත් එම විශ්වාසනීයත්වයට සැමවිටම පදනම් වන්නේ සැකයයි. තර්කනය, සැකය පෝෂණය කරන නිසයි. හේතු යුක්ති දැක්වීම ඇරඹෙන්නේ සැකය තුළයි. හේතු යුක්තිය ඇරඹෙන්නේ ප්‍රශ්න කිරීමෙන්, හේතු දැක්වීමෙන් සහ සැකය පදනම් කරගනිමින්.

සෙංකොට්ටං | Senkottan

රු765.00
or 3 X රු255.00 with

සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න එක පලහිපව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා…ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”

සෙන් අසම්මතයේ මාවත | Sen Asammathaye Mawatha

රු1,125.00
or 3 X රු375.00 with

සාමාන්‍යයෙන් භාවනාව ගැන නොදත් මිනිසුන් ලියන්නේ භාවනාව යනු සිත ඒකාග්‍ර කිරීම බවයි. මෙම මුළුමනින්ම අඥාන ප්‍රකාශය දක්වන පොත් දහස් ගණනින් වෙයි. එනම් භාවනාව යනු සිත ඒකාග්‍ර කිරිමයි. භාවනාවක විය හැකි අවසානම දෙය නම් එයයි. ඇත්තෙන්ම එය නම් එහි සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ බවයි. ඔබ ඉතා කුඩා දේවල් සොයමින් සිටින්නේ නම් සිත ඒකාග්‍ර කිරීම හොඳයි ඔබ. කුහුඹුවෙකුව සොයමින් සිටින්නේ නම් සිත ඒකාග්‍ර කිරීම ඉතාමත්ම හොඳයි එහෙත් ඒ දිව්‍යත්වය සෙවීමෙදී නම් නොවෙයි. දිව්‍යත්වය ඉතාමත් අසීමිත ලෙස පැතිර ගිය තත්වයක්. ඔබ සිත ඒකාග්‍ර කරන්නේ නම් කුහුඹුවකු මිස ඔබට දෙවියන් හමු නොවෙයි දෙවියන් සඳහා ඔබ නොසොයමින්, නොබලමින්, සැම පැත්තකටම විවෘත වී, ඒකාග්‍ර නොවී සම්පූර්ණ විවෘත සිතින් පසු විය යුතු වෙයි. ඒකාග්‍ර නොකරන ලද සිහියයි භාවනාව වන්නේ

දේව ධර්මය හේතුවෙන් ආගම විෂ බවට පත් වෙයි. සැබෑ ආගමිකයෙකුට දේව ධර්මයක් නැහැ ඔහුට අත්දැකීම ලැබී ඇති අතර, ඔහු තුළ සත්‍යය පවතියි ඔහු තුළ එම දිස්නය පවතින නමුත් දේව ධර්මය නොපවතියි. එහෙත් වියතුන් පණ්ඩිතයින් මෙන්ම ඊනියා උගතුන් හටද දේව ධර්මය මහත්සේ උපකාරී වී තිබෙනවා පුජකයින්, පාප් වහන්සේලා සහ ශංකරාචාර්ය වරුන් දේව ධර්මය මහත් උනන්දුවෙන් වැළඳ ගත්තා එයින් ඔවුන්ට යහපතක් සැලසුණා ඔවුන්ගේ මුළු ව්‍යාපාරයම රඳා පවතින්නේ ඒ මතයි.

සෙන් දහම එහි මුලින්ම කපා දමයි.

සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya

රු216.00
or 3 X රු72.00 with

මෙම පොත තුළ එක් රැස් කොට ඇත්තේ හෙරිගල් නම් ජර්මන් දාර්ශනිකයා සෙන් දහම තේරුම් ගැනීමේ අදහසින් ජපානයට අවුත් දුනු ශිල්පය හැදෑරීමෙන් ලද අත්දැකීම්ය. මෙය කියවන බටහිර (හා වෙනත්) රටවල පාඨකයන්ටද එම අත්දැකීමට තරමක් සමීප ලෙස සහභාගී වීමට හැකිවනු ඇත.

දුනු ශිල්පයේදී විදින්නා හා විදිනු ලබන දෙය යනු ප්‍රතිවිරුද්ධ වස්තු දෙකක් නොවේ, එකම යථාර්ථයකි. තමා ඉදිරියෙහි ඇති ඉලක්කයට විදින පුද්ගලයාය යන දැනීම දුනුවායාගෙන් පහවී යයි. මෙය සිදු වන්නේ තම විදීමේ දක්ෂතාවේ පරිපූර්ණත්වය සමඟ ඒකීයත්වයට පත් වීමෙන් පුද්ගලයා ඉවත්ව සම්පූර්ණයෙන් හිස් බව සාක්ෂාත් කිරිමෙනි. එය එම කලාව ක්‍රමානුකූලව ඉගෙනීමෙන් ලැබෙන දෙයකට වඩා වෙනත් ආධ්‍යාත්මික තලයක පවතින්නකි.

සොදුරුතම ප්යොන්යන් රාත්‍රිය | Soduruthama Pyonyan Rathriya

රු637.50
or 3 X රු212.50 with

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතු අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය.

සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ සංස්කෘතික – සමාජ- දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය.

ඍතු චක්‍ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි.

රිදුමක බර විප්‍රයෝගයේ මස්තකප්‍රාප්තියේදී පවා කෘතවේදිත්වයේ ප්‍රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා හැලෙයි. මොහොතකට මම “Crash Landing on you’ සලරුවේ වී ජෝන් යොක් වන්නෙමි. ඇය යුන් සේ රින් වන්නිය.

විප්‍රයෝගය සැහැල්ලු කරගන්නට මම අපේ කතාව ( සොඳුරුතම ප්යොන්යන් රාත්‍රීය) වදන්වලට ගොනු කරමි. ඒ මිනිස් ළෙන්ගතුකමේ කතාවයි. ඇයගේ උපනෙත හරහා මා දුටු තවුස් දෙසේ සමාජ – සංස්කෘතික ස්ථරයේ කැඩපතයි.

” නිසල ගං දිය දිගේ ගල ගලා දිදුලනා ආලෝක කදම්බය, හද ඉවුර දෝර ගලා හැලෙන මැකී නොයනා මතක,

අතැර නොම ගොස් රැඳෙනු, මා සමඟ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය!”

සොඳුර එහෙමයි ප්‍රේමය | Sondura Ehemai Premaya

රු480.00
or 3 X රු160.00 with

ගිහින් එන්නම් නොකියම
සඳක් බැස ගිය පසුවද
මල් පිපේනම් හද තුළ
සොඳුර එහෙමයි ප්‍රේමය

සොඳුරු සෝබර දිවියක් | Sonduru Sobara Diwiyak

රු675.00
or 3 X රු225.00 with

මෙම කාලකණ්ණි නින්දා සහගත ජීවන සැමරුම් හමාර කරමින් මම බරපතළ පොපෝච්චාරණයක යෙදෙන්නෙමි. අනේක වාරයකදීම තේරුම් ගත නොහැකි, නොදැනෙනා තරම් සියුම් නොවැටහෙන බලයකින්, වඩා උසස් වූ වෙනත් ජීවිතයක් කරා මා අදිනු ලබන බව මම දැන සිටියෙමි, නමුත් මාගේ ශාර්මික සහ මානසික අලෙස බව විසින් මා අන් අයට වඩා නරක නොවන බවට දැන වූ යුක්ති සහගත කිරීම තුළ මම ගැලී සිටියෙමි. ආදරයේ සහ අවබෝධයේ බලය එකළ මම අගය නොකළෙමි. තේරුම් නොගත්තෙමි. එපමණක් නොව ඊට විරෝධය ද පෑවෙමි. මම එවන් උදාසීන ඛෂවක වහලෙක් වීමි. අවසානයේ මාගේ විරෝධයන් නොසලකා එම උදාර බලයන් මා නතුකරගන්නා විට පමා වුවා වැඩිය. ඉතින්, එම මියුරු පැණි රස ඉතා අල්පයක් තැවරුණු දෙතොලින් යුතුව මම මරණ මංචකය කරා පියනගන්නෙමි.

සෝඩා ඕන නෑ | Soda ona na

රු360.00
or 3 X රු120.00 with
අහුලා ගත්ත හුස්ම රොත්තක
කොටලා එවමි පපු කැවුත්තම
ඇල්කොහොල් ගෑවුන
පෑනෙන් කොනිත්තන
දුක්‌බරම ගීයක් වේවා උඹට
අතීතය අස්සේ
හොය හොයා කිමිද්දන

සෝර්බා නම් ග්‍රීකයා | Zorba Nam Greekaya

රු1,440.00
or 3 X රු480.00 with

මං කුඩා කාලෙ චෙරි කන්න හරි ම ආසයි. මට සල්ලි තිබුණෙ නැති නිසා හුඟක් කන්න බැරි උනා. අහුවෙච්ච වෙලාවට ඇති පදම් කෑවා. ඒත් මදි. රෑ දවල් මං හිතුවෙම වෙරි ගැන. මගේ කටට කෙළ ඉනුවා. පුදුම කරදරයක්!එක දවසක් මට පිස්සු වගේ. නැත්නම් ලැජ්ජා හිතුනා වගේ. මං දන්නේ නෑ මොකක්ද කියලා. කොහොම වුණත් වෙරි වලට වුවමනා දේයි මං කළේ. ඒක හරිම විහිළුවක්. ඉතිං මං මොකද කළේ? මහ රෑ නැගිටලා තාත්තාගේ සාක්කුවට අත දමලා රිදී කාසියක් අරගෙන පහුවදා උදේම නැගිටලා වෙළෙන්දෙකුට දීල චෙරි වත්තකින් චෙරි කූඩයක්ම ගත්තා. මං අගලකට බැහැල හොදට හරි බරි ගැහිල, හුස්ම ගන්න බැරි තරම් චෙරි කෑවා. මට බඩේ කැක්කුම අල්ලලා ලෙඩ වුණා. ඇත්තමයි ලොක්කා, මං හොදටම ලෙඩ වුණා. එදා ඉදල අද වෙනකං මට චෙරි කිව්වොත් අරහං |දැන් නම් චෙරි දකිනකොටත් කේන්තියි. ඇති මං බේරුණා. දැන් කොච්චර රස චෙරි ගෙඩියක් වුණත් කියන්න පුළුවන් තවත් උඹ මට එපා’ කියලා. පස්සෙ මං ඒ දේම කළා දුම්කොළවලටයි, වයින්වලටයි. දැනුත් මං දුම් බොනවා, අඩි ගහනවා. පුං!! මට ඕන්නං ඒකත් නතර කළ හැකි. මං ආසාවෙන් පාලනය වන කෙනෙක් නෙමෙයි, මගේ රට ගැන උනත් එහෙමයි. මං ඒක ගැන ඕනවට වැඩිය හිතුවා. දේශානුරාගයත් මං උගුරට එනකං ගිලලා වැමෑරුවා. එදා ඉදලා ඒක මට නැවත කරදර කරන්නේ නෑ! “