Showing 1057–1080 of 1432 results

Shop

වානේ පන්නරය ලැබූ හැටි 1 | Wane Pannaraya Labu Hati 1

රු900.00
or 3 X රු300.00 with

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

වානේ පන්නරය ලැබූ හැටි 2 | Wane Pannaraya Labu Hati 2

රු900.00
or 3 X රු300.00 with

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.

දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ ‛රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මක බව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල ප්‍රේක්ෂක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති වානේ පන්නරය ලැබූ හැටි 2 නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මගේ කෘතඥතාව පළකර සිටිමි. රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.

වාපි | Wapi

රු850.00
or 3 X රු283.33 with

රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි

වැනිසියේ වෙළෙන්දා | Wanisiye Welenda

රු315.00
or 3 X රු105.00 with

සුප්‍රකට බටහිර ලේඛකයකු වූ විලියම් ශේක්ස්පියර් විසින් සම්පාදිත කෘතියක සිංහල පරිවර්තනය මෙසේ ‘වැනිසියේ වෙළෙන්දා’ නමින් ප්‍රකාශයට පත් ව තිබේ. මේ ඇසුරින් විවිධ නාට්‍ය සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබේ.

වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna

රු315.00
or 3 X රු105.00 with

අසූව දශකයේ ඇරඹුමත් සමග දවස පුවත්පතට උප කර්තෘවරයෙකු වශයෙන් එක්වන චන්න බණ්ඩාර දොලපිහිල්ල එම ආයතනය වසා දමන තුරු එහි සේවය කළ අතර ඉන් අනතුරුව දිනපතා ලංකාදීප ‘ පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වන්නේ 90 දශකයේ මුල් භාගයේදීය.
ඉන්පසු දිනමිණ පුවත්පතට එක්වෙන ඔහු එහි ප්‍රධාන උප කර්තෘවරයා තෙක්ම ඉදිරියට පැමිණි අතර එම සේවා කාලයෙන් අනතුරුව යළි දිනපතා ලංකාදිපයට එක්විය. ඔහු ‘ශ්‍රී’ සඟරාවට ද ප්‍රියාවි පුවත්පතට ද දිනමිණ පුවත්පතට ද දිනපතා ලංකාදීපයට ද කෙටිකතා, කවි සහ විවිධ පරිවර්තන ද සැපයීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමින් මාධ්‍ය ශිරෝමණී ගෞරව සම්මානය ද සිප් සතර හැදෑරූ මහනුවර ධර්මරාජ විදුහලෙන් ධර්මරාජ ප්‍රසාද සම්මානය ද මහනුවර මාධ්‍ය සංසදයෙන් උපහාර ද හිමිකර ගත්තේය.

කොත්මලේ සිරිසේන

ලංකාදීප හිටපු ප්‍රධාන උප කර්තෘ

වැලි සහ පෙණ | Wali saha pena – khalil Gibran

රු225.00
or 3 X රු75.00 with

ජීවිතය වනාහි පෙරහැරක් සම වන්නේය;

හෙමින් ගමන් කරන්නා පෙරහැර ඉක්මන් වැඩියැයි කියමින් ඉන් ඉවතට යන්නේය;

ඉක්මනින් යන්නා පෙරහැර ප්‍රමාද වැඩියැයි කියමින් ඉන් ඉවතට වන්නේය.

Life is a procession. The slow of foot finds it too swift and he steps out;

And the swift of foot finds it too slow and he too steps out.

La vie est une procession. Celui qui marche lentement la trouve trop rapide et en sort:

Et celui qui marche vite la trouve trop lente et en sort lui-aussi.

මෙහි ඉහළ ම ශීලය වෙනත් ලෝකයක දී අවම ශීලය විය හැක්කේය.

The highest virtue here may be the least in another world. La vertu la plus noble ici-bas peut être la plus infime dans l’autre monde.

වැස්සක වෙස් අරන් | Wassaka Wes Aran

රු425.00
or 3 X රු141.67 with

නයෝමි අමරසිංහ අප විහාරස්ථ දායක පවුලක සාමාජිකාවකි. ඇය කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙස ද නිලයෙන් නියෝජ්‍ය ලේකම් තනතුර ද දරන්නීය. ඇයගේ විවිධ නිර්මාණ විවිධ අවස්ථාවල අපගේ නෙත ගැටී ඇත. ඇයට කවි බසත් මෙන්ම අත්දැකීම් නවමු ලෙස සිය නිර්මාණයන් හරහා අප වෙත සමීප කිරීමට හැකියාව ඇති බව අපට නිරීක්ෂණය වී ඇත. ඇය සමාජය කෙරෙහි දක්වන සංවේදිතාව තුළින් ඇය ස්පර්ශ කරන සමාජ දේහයේ නා නා විධ ද දුක්ඛාන්ත, සුඛාන්ත සංසිද්ධීන් මැදි සිතින් ස්පර්ශ කොට එහි සාරාර්ථයන් සිය නිර්මාණ හරහා අපට පිළිගන්වන ලේඛිකාවක වනු දැකීම අපගේ පැතුමයි.

බටුවන්ගල රාහුල හිමි

විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා | Wijaya

රු807.50
or 3 X රු269.17 with

තරුණ කාලයේ සිටම ලේඛන කලාවෙහි නිපුණත්වයක් දැක්වූ අමර සිසිල් සම්පත් (සම්පත් වේරගොඩ) විචාරාත්මක බුද්ධියකින් හෙයි දේශකයෙකි. සමාජවාදී ආකල්පවලින් හෙබි සමාජ ක්‍රියාකාරිකයෙකි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භකයෙකු මෙන්ම උපසභාපතිවරයෙකු වූ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත සරත් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස අත්දැකීම් සම්භාරයක් රැස් කර ගෙන ඇත. සම්පත් වේරගොඩ මොරටුව වේල්ස් කුමර, කොළඹ ආනන්ද යන විද්‍යාලවල නියෝජ්‍ය විදුහල්පති ලෙසත් මොරටුව වේල්ස් කුමර හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත් කටයුතු කළේය. ඔහු දැනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටි.

සම්පත් වේරගොඩ දිවංගත විජය කුමාරතුංගයන්ගේ සිනමා ජීවිතය කෙරෙහි මෙන්ම දේශපාලන දැක්ම කෙරෙහි ද ප්‍රසාදයෙන් යුතුව කටයුතු කළ අයෙකි. මෙම පොත එළිදැක්වීමෙහිලා පරිශීලනාත්මක කැපකිරීමක් ලද ප්‍රථම කෘතිය මෙය වන අතර මේ තුළින් ඔහු උත්සාහ කළේ විජයගේ චින්තනය, ක්‍රියාකාරකම් විවිධ අවස්ථා උපයෝගී කරගෙන ජනගත කිරීමටයි කළ අයුරු මම දුටිමි. එමෙන්ම “විජය” ගැන ලියන

එහි දෙවන මුද්‍රණය 34 වන විජය කුමාරතුංග ගුණ සැමරුම් අවස්ථාවේදී යළි එළි දැක්වීම ගැන කෘතඥ වෙමි.

විජේවීරගේ නික්මයාම / wijeweerage nikmayama

රු675.00
or 3 X රු225.00 with

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ  තත්කාලීන පසුබිමේ  බලපෑම තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරලිකරුවා ද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.

71කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.

පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීර ද ලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

විරාගීත | Wirageetha

රු637.50
or 3 X රු212.50 with

අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරුයි. අපි කරන්න ඕන හැමෝම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ…එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහරවිට අපිට වරදින්න පුළුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේදී විතරයි…ලෝකය ඉස්සරහ විතරයි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහා අපි වැරදි නෑ.

අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්…සමාජය, ලෝකය වෙනස් වෙනවා. හදවත් වෙනස් වෙන්නේ නෑ. අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම. ලෝකයම පස්සේ කාලෙක ඒ ගැන දැනගනියි; අපිව තේරුම් ගනියි. ලෝකය ඒ වෙනුවෙන් කොච්චර පරක්කු වුනත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ. ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා. ලෝකය, සමාජය දුක් වෙයි; අපිව තේරුම් ගන්න මේ තරම් කල් ගියා නේද කියලා.

විවාහ නීති අත්පොත | Vivaha Nithi Athpotha

රු170.00
or 3 X රු56.67 with

විවාහය , දික්කසාදය ,නඩත්තුව, ගෘහස්ථ හිංසනය, දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධ නවතම නීති රීති ඇතුළත් කර ඇත.

මෙය පොදු ජනතාවගේ විවාහ නීති අත්පොතයි. මේ කෘතිය වරක් හෝ දෙවරක් සම්පූර්ණයෙන් කියවා ඔබ වෙත සුරැකිව තබා ගන්න. කෙදිනක හෝ මේ කෘතිය ඔබ වෙත වැදගත් වනු ඇත.

විශිෂ්ට පියවර | Wishishta Piyawara

රු510.00
or 3 X රු170.00 with

හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්නම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිඩකයන්, නළු නිළියන්, ව්‍යවසායකයන් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කළ පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.

ප්‍රධාන සංකල්ප කිහිපයක්.

 

හැකියාව ලාබ භාණ්ඩයක්

එපා වෙන්න කලින් නවත්වන්න

කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න

මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්

කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න

විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

රු1,080.00
or 3 X රු360.00 with

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.

විසල් නුවරක ආදරය | Visal Nuwaraka Aadaraya

රු1,305.00
or 3 X රු435.00 with

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

විස්මිත දොස්තර | Wismitha Dhosthara

රු900.00
or 3 X රු300.00 with

බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛයතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘විස්මිත දොස්තර’ තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

“ඔයාලා දෙන්න පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඕන. හැම සතියකටම අඩුම ගාණේ පොත් දෙකක්වත් කියවන්න ඕන. හැම සතියක් අවසානයේම ඔයාලා කියවපු පොත් ගැන වාර්තාවක් මට දෙන්න ඕන.”

“ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරිලා තියෙන්නේ. මගේ කොල්ලෝ දෙන්නා ජීවිතේ සාර්ථක කරගන්නයි යන්නේ. මොකද එයාලා ඉස්කෝලේ ඉන්න හොඳම පොත් කියවන දෙන්නා වෙන්නයි යන්නේ.“

මුල් කාලේ, මම පුස්තකාලෙට ගිහින් සතුන් සහ සොබාදහම සම්බන්ධ අනෙකුත් මාතෘකා පිළිබඳ ලියවුණු පොත් සෙව්වා. පහේ පන්තියේ විද්‍යාත්මක සොබාදහම සම්බන්ධව දීප්තිමත්ම ශිෂ්‍යයා වුණේ මම.

නොසෑහෙන්න පොත් කියවපු මගේ භාෂාව අවබෝධ කරගැනීමේ හැකියාව සමග වාග් කෝෂයත් ඉබේම වැඩිදියුණු වුණා. ගණිත ගැටලු විසඳීමේ දී වැඩි දවසක් ගතවෙන්න කලින් මම ගණිතයට දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වුණා.

වී.අයි.ලෙනින් – අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin

රු801.00
or 3 X රු267.00 with

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. එහෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි ව්ලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.