Showing 1105–1128 of 1412 results
Shop
සාමණේර නමකගේ මතක සටහන් / Samanera namakage mathaka satahan

1973 පෙබරවාරි අට වන දින දිවුලපිටිය,කුඩගම්මන ශ්‍රී සුදස්සන චේතියාරාමයේහි දී පැවිදි ව, කො 2 ,හුණුපිටිය ශ්‍රී ජිනරතන මාවතේ, ගංගාරාමස්ත ශ්‍රී ජිනරතන භික්ෂූ අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලද කුඩගම්පිත සීලරතන, උතු ඇමෙරිකාවේ මද්‍ය ප්‍රදේශයෙහි මිචිගන් විල බඩ,මිල්චෝති නගරය වාසය සඳහා තෝරා ගන්නේ 2004 වසරේ සිටය
සාරි ඇඳපු පිරිමි | Saree andapu pirimi

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එක්ක් නෙවෙයි. මේ ආනන්දනීය තත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලයක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දික් විඳලා තියෙනවා. මැතිණියගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ළඟින් කොට මට එකොළහයි. ගමේ පන්සලට ගියේ නම්පොත, සකස්කඩ බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.
ඔය හිතන හැත්තෑ ගණන වල ඒක අකරතැබ්බයක්,, අපචාරයක් ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නෑ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලන් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා පපුව හත් කඩකට පැලිලා එවෙලේම පොළොව පළාගෙන නිරයට යන දිට්ඨ ධම්ම වේදනීය පාපකර්මයක් කියලා විතරයි.
අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහොද එහෙම තීරණාත්මත රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි.දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කතාව මටම කියා ගත්තා.
සාර්ගේ සෙවනැල්ල වැලැඩිමීර් පුටින් | Vladimir Putin

තදබල ලෙස රෝගීව සිටින පියා බලන්නට පුටින් ගියවිට ඔහු තම එකම පුතු දැක සතුටට පත් වූයේය. මේ වනවිට ඔහු මරණාසන්නව සිටින බව පුටින් වටහා ගත්තේය. එහෙත් ඔහුගේ පැමිණීම පිළිබඳව පියා සතුටු වන බව ඔහුගේ දෑස් දෙස බැලූ විට පුටින්ට වටහා ගන්නට හැකි විය.
ඔහු පුටින් දෙස බැලුවේය. ඔහු ඉතා සෙමින් කතා කළේය. මේ වනවිට පුටින් රටේ විශේෂ තනතුරක සිටින බව පියා දැන සිටියේය. අනාගතයේදී ඔහු තවත් ඉදිරියට ගමන් කරන බව පුටින්ගේ පියා වටහාගෙන සිටියේය.
“මගේ පුතා සාර් වගේ” යයි ඔහු පැවසුවේය. වැඩි දිනක් ගත වන්නට පළමු පියා මිය ගියේය. පියාගේ මරණය ඔහුට තද බල ශෝකයක් ඇති කළේය. දැන් ඔහුට සෙවනැල්ලක් ලෙසින් සිටි පියාද, මවද අහිමි වී ඇත. ඔහුගේ සිතට දැනුණු ශෝකය අති මහත්ය. ඔහු එය තනිව විද දරා ගත්තේය.
සාර්ථකත්වය අත්දැකීමට නම් / Your Right to Be Rich

යමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද….? ගමන අත් නොහැර රීය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.
සැගවුණු උමගක බිහිසුණු වික්‍රමය | Sagawunu Umagaka Bihisunu wickramaya

සැබැවින්ම ලෝකය මායාවක් ද?| Book of Nothing

සත්‍යය සොයාගත නොහැකියි.
එය සිදුවන්නේ අනෙක් අතටයි.
සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත.
සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි.
එවිට ඔබට පසක් වන්නේ බුදුන්, යේසුන්, ක්‍රිෂ්ණා යනු ඔබම වන බවයි.
දර්ශනයක් ඔබ කරා නොපැමිණෙන අතර ඔබ යනු සියල්ලෙහිම ප්‍රභවය බවයි.
යථාර්ථය වන්නේ ඔබයි
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.
දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.
රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මකබව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල පාඨක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.
මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති සැබෑ මිනිසෙකුගේ කතාවක් නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මාගේ කෘතඥතාව පළකර සිටිමි. රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.
සැමුවෙල් බේකර් ලංකාවේ අට වසරක් / samuwel bekar lankawe ata wasarak

සිංගල් මම් | Single Mom

“පුතාල ආවා ”
මං කිව්ව එයාව සර්ප්‍රයිස් කරන අදහසින්. හැබැයි එහෙම එකක් වුණේ නෑ.
” එහෙටත් ගොඩවුණේ ”
සෞම්‍යා කිව්වෙ කාලීන වටිනාකමක් නැති පුවතක් බ්‍රේකිං නිවුස් ගැහුව වගේ
“ඇයි අද මොකද වුණේ?”
” එහෙමට මොනවත් වුණේ නෑ. ධනුක පුතයි නංගියි ටිකක් සැරට කතා කරනව ඇහුණ. නංගිට ඒගොල්ලෝ ගත කරන ජීව්ත අල්ලන්නෑ, අපිටත් එහෙමතෙ. නංගී ඕපන් රිලේශන්ෂිප් කියල වචනෙකුත් පාවිච්චි කරා.”
“විවෘත සබඳතා.”
” මටත් තේරෙනව. ඇත්තටම මේ ගොල්ලො අර පර සංස්කෘතියද මේ රටේ පැළ කරන්න හදන්නෙ මහී?”
” මොකක්ද ඒ පාර මේ ඔයාට වෙලා තියෙන්නෙ. ලෝකෙ එක තැනක නෑ සෞම්‍යා. මං ඒ ලයිෆ් එකට එකඟයි කියනව නෙවෙයි. (අපේ කාලෙත් එහෙම එව්ව තිබිබ්බ නං… අම්මා… කොච්චර ෂෝක්ද?) ෆොරීන් කන්ට්‍රිස් වල ඔව්ව සුලබයි. එහෙම ආශ්‍රය නොකර කවුරුත් මැරි කරන්නෑ. සමහර රටවල එහෙම සොසයිටීස් හදාගෙන තියෙනව. නොලේජ්, සෙක්ෂුවල් ලයිෆ්, සෝෂල් ඩිසිප්ලින්, එඩල්ට් කෙයාර්, රිලේශන්ෂිප් සහ තවත් එව්ව තියෙනව. ඒව ඔක්කොම බලල තමයි ඒ ගොල්ලො තීරණය කරන්නෙ මැරි කරනවද නැද්ද කියල. අනික් එක තමයි ප්‍රපෝස් කරනව කියල ඒ දෙන්න චිතරක් සංචාරෙකුත් යනව. සමහර විට රට ඇතුළෙ. එහෙම නැත්තං රටිං පිට.”
සිතේ කෙටුණු දේවනාගර / sithe ketunu dewanagara

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.
පුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.
සෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.
සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.
සුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.
එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.
සුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.
සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?
සිද්ධාර්ථ | Siddhartha

ජීවිතයේ අරුත කුමක්ද?
හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකුම නියමින් හෝ අනියමින් අසන්නේ, ඒ ප්‍රශ්නය නොවේ ද?
ඇත්තටම, ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම්, ඒ කුමක්ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙකු වූ විට, ඔහු අතින් බිහි වන්නේ සුන්දර නවකතාවකි.
හර්මන් හෙස නමැති සුප්‍රකට ලේඛකයා අතින් ” සිද්ධාර්ථ ‘ යන නමින් ලියැවී ඇත්තේද, එවන් එක් සුන්දර නවකතාවකි. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වන සිද්ධාර්ථ, ඉතාම කඩවසම් කාන්තිමත් බ්‍රාහ්මණ තරුණයෙකි. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. සිය මිත්‍ර ගෝවින්ද නමැති තවත් බ්‍රාහ්මණ තරුණයකු සමඟ එකට වැඩෙන සිද්ධාර්ථ, ජීවිතයේ සත්‍ය තත්වය – යථාර්ථය සොයන්නට තීරණය කරයි. ඒ නිසාම, මේ දෙදෙන නගරය අතහැර ගොස්, සන්‍යාසීන් හෙවත් සිවුරු දැරූවන් බවට පත් වෙති.
මේ සියල්ල සිදු වනුයේ, ඉන්දියාවේය; අපේ බුදු හාමුදුරුවන් ජීවමානව සිටින කාලයේදීය. බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනයේ වැඩ වෙසෙති. සිය සත්‍ය ගවේෂණ චාරිකාවේදී සිද්ධාර්ථ සහ ගෝවින්ද සැවැත් නුවරට ගොස්, සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන් හමු වෙති. දෙදෙනාම උන්වහන්සේ ගැන පහදිති. එහෙත්, එහි නවතින්නේ ගෝ වින්ද පමණි. බුද්ධිය – සත්‍යය – විමුක්තිය – සැනසීම – ලබනු සඳහා ගෝවින්ද බුදු හාමුදුරුවන් වෙත නවතින නමුත්, සිද්ධාර්ථ සිතන්නේ වෙනත් ආකාරයකටය
සිපීර් | Sipeer

තුවක්කු අතින් ගත් සිරකරු පිරිසක්. නිලධාරී පාලනය ගිලිහී ගිය සිරගෙයක්. ගිනි අවියක් අතැතිව මේසයක් මත නැගි සිරකරුවෙක්, නිලධාරින්ගේ මව්වරු අමතයි. මංකොල්ලකරුවන් ඩිස්පැන්සිරියට කඩා වදියි. ‘නිල්ලෙ සොයා’ පෙත්ත ඔවුන්ගේ ඉලක්කයයි. පැහැරගත් බෙහෙත් බී, මත් වී සිනාසෙයි. සිහිවිකල්ව එහේ මෙහේ ඇවිදියි; නවතියි.
කඳුළු ගෑස් ටින් අහසින් පාත්වෙයි. දුමාරය පැතිරෙයි.
අන්ධකාරයේ ගිනිඅවි පත්තු වෙයි.
………………………
කාර්යාල මේස මත මළමිනී තුනක්… ගැඹුරු කටහඬක්..
‘තව මරලා ඉවරයක් නැද්ද? නිහඬතාවක්.
………………………
වෙඩි හඬක්
………………………
වෙඩි හඬක්
………………………
වේලාව උදෑසන 7 යි.
සිරස පාද වර්ණනාව | Sirasa Pada Warnanawa

“… මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාර කළේ… එහෙව් එකාව මරා යක්කෙරුව…ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වේ කෙරුවාව…”
“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං මරා යක්කෙරුවාම…”
බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.
“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව….. එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට…. ගොමම ගොම ගෑවිල යන්ට…
මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු
බින්දුවක් ගාණට තොපිට සාප වෙනව
සිරසාලවන්‍යා | Sirasalawanya

තව තැනක අප්‍රසන්නව විසි කොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ….
ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.
මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.
චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකර ගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.
ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමා පොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.
සිරිසේන සහ තෙපානිස් සමග දේශද්‍රෝහී බල්ලා | Sirisena saha thepanis samaga deshadrohi balla

සිසිරයේ රැයක මගියෙකුනම් | Sisiraye rayaka Magiyekunam

ඉතාලි ලේඛක Italo Calvino ගේ If on a Winter’s Night a Traveler නම් මෙම නවකතාව අර්ධ වශයෙන් දෙවන පුද්ගල ආඛ්යානය තුළ ලියා ඇති පොතකි. මෙම නමින්ම ලියවී ඇති පොතක් කියවීමට උත්සාහ කරන පාඨකයෙකුගේ ( එනම්, ඔබගේ ) කතාව මෙම පොතේ කියැවේ. නිමා නොවන නවකතා කිහිපයක් හරහා පාඨක ඔබව වික්රමාන්විත ගමනකට යොමු කිරීමට මෙම පොත සමත් වෙයි.
සාමාන්යයෙන් පොත් වලින් වෙනස් ලෙස ලියැවී ඇති මෙම පොතෙහි ප්රධාන චරිතය වන්නේ පාඨක ඔබයි. පාඨකයෙක් විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු ආකාරයේ පොතක් ලෙස බොහෝ දෙනෙක් නිර්දේශ කරන පොතකි.