Showing 121–144 of 1323 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
Glasiyarayaka Premaya | ග්ලැසියරයක ප්‍රේමය

කවිය යනු කුමක් දැයි ග්ලැසියරයකින් අසමි
ප්‍රේමය යනු දියව යෑම ම ය. ඇතැමෙක් ප්‍රේමය වෙනුවෙන් දියව යන අතර ඇතැමෙක් ප්‍රේමය විසින් දියකර හැරෙති. ග්ලැසියරයක් වී විසීම ද, ප්‍රේමයේ උණුසුම විදීම ද කිසි ලෙසකින් වත් එකවර කළ හැක්කක් නොවේ. හිරුට පෙම් බැඳි කල හිරුගේ උණුහුමින් දියව යන ග්ලැසියරයක් සයුරට පෙම් බැඳි කල සයුර වෙනුවෙන් දියව යා යුතු ය. කවිය ද එවැන්නකැයි මට සිතේ. සිතෙහි කැටිව ගිය සිතුවිලි දියව කවියක්ව ගලාගෙන යන්නේ එකවෙහි තෙත අතගා බලන එහි සිහිලස විඳින කවරෙකු හෝ කෙරෙහි වූ ප්‍රේමය නිසා විය යුතු ය.
එකී මානව ප්‍රේමයත්, කවියක් නොවූ කවි සිතුවිල්ලත් කවියකුගේ සිතක එකවිට පැවතිය හැකි යැයි මා සිතන්නේ නැත. ප්‍රේමය පලවා හැර එකී සුන්දර සිතිවිල්ල තනිව ම විඳගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු ය. නැතිනම් ප්‍රේමයට ඔහේ ඉන්නට ඉඩහැර සිතිවිල්ලට කවියක්ව ගලා යන්නට ඉඩ හළ යුතු ය. ගලාගෙන ගොස් කවියක සිහිල අයදින තවත් සිතක් සිසිල් කිරීමට ඉඩ දිය යුතු ය. එසේ නම් තමා තුළ රුවාගෙන ලොවෙන් සඟවා තනිව විඳගත හැකිව තිබූ සිතුවිල්ලක් අනෙකා වෙනුවෙන් මුදාහැරීමේ මූලික ම හේතුව ප්‍රේමය විය යුතු ය.
*ප්‍රේමය යනු දියව යෑම ය. කවිය යනු ද දියව යෑම ය. එනම් කවිය යනු අන් කිසිවක් ම නොව, කවිය යනු ප්‍රේමය ය.
guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය

Guilt – Faculty Of Sex 02

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
Gulsari | ගුල්සාරි

Hadawath warak | හදවත් වරක්

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්. අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් නියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනකල්පිතයි. ඔබත් දන්නා මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එත්න, අපි අපේ හිත් කියවමු, මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවත් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන . රිද්මය තව වරක් කියවත්ත හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
Halo Halo – හලෝ හලෝ

දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක එක රැයක් තුල සිදුවන, තාරුණ්‍යයේ සිතුම් පැතුම් තුරුලු කරගත් සිත් කාවදින සරල සිද්ධීන් මාලාවක විචිත්‍ර කතාන්දරය.
Hangi Vihangi – හැංගි විහංගි

නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.
HAPPY Living

මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
Professor Kirthi Premadasa
Happy Living 2

“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”
යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.
ජීවිතය විඳවන්න නොවේ. විඳින්න
Heethala Hee thala / හීතල හී තල

සඟවාන තිත ඉකි බිඳුම් දියඹ ඈතක වෑවෙන සාගර රැලිද කෙතරම් වෙරළක් නොදැක ඉහිරෙන
ඔබෙන් මං මේ අහන්නෙ,
ECHO, ECG වලට අහු නොවෙන කැක්කුම් නියෙන්නට බැරිද? පිරිමින්නෙ පප්පුවල අරරැලි වගේ තනි වුණා!
Hora Allu Hati | හොරා ඇල්ලු හැටි

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
“බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.
Hot Chocolate | හොට් චොකලට්

ගෑනි ගියේ බල්ලා පස්සෙ. මං ගියේ ගෑනි පස්සෙ. මං හිතන්නෙ අපි එකා පස්සෙ එකා රවුං තුනක් විතර ඇවිද්දා. හතරවැනි රවුම පටන්ගන්න හදනකොට තමයි ‘බල්ලා’ පිස්සු නැටුවෙ. ඌ එක පාරටම යාබද ට්‍රැක් එකේ තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සෙ වැටුණා. ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගෙ කන්ට්‍රෝල් එකෙන් ම්දුණා. ගෑනිගෙ ඉංග්‍රීසි කමාන්ඩ්ස් එක්කටවත් බල්ලා නෙවෙයි නැවතුණේ. ඒ වෙලාවෙ දී මට අහන්න සිද්දවුණා, ‘මේ අයි හෙල්ප් යූ මෑම්’ කියල.
Hudhakala Thepelkaruwekuge Aruma Divi Puwatha – හුදකලා තැපැල්කරුවකුගේ අරුම දිවි පුවත

Indigo Mandige | ඉන්දිගෝ මංදිගේ

ඉන්දිගෝ මංදිගේ, ලක්මිණි අමරසිංහ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එය විවිධ තේමාවන්ගෙන් විරචිත කවි හතළිහකින් යුක්තය. කවිය යනු පරිකල්පනයේ විශ්මයයි. භාෂාත්මක රමණයේ සුරතාන්තයයි. එකී සුරතාන්ත ප්‍රීතියක්
පාඨකයාට පිරිනැමීම වූ කලී වෙහෙසකර රමණයක අගස්බතය. කවියා සංජානනය කරන ලෝකය අපූර්වත්වයෙන් යළි ප්‍රතිනිර්මාණය කළ යුතු ය. පාඨකයා භාවමය සුරතාන්තයට පත් වනුයේ එකී අපූර්වත්වය නිසාවෙනි. ලක්මිණි ඒ සඳහා වෙහෙසෙනු පෙනේ තව නිරීක්ෂණ භාත්වික රමණයක මෙහෙයවනු පෙනේ. එය එක රැයක යහන්ගත වීමකින් ලබාගත හැකි සුරතාන්තයක් නොවන බව ඇත්තකි. එහෙත් ඊට දරන පරිකල්පනමය සූදානම අගය කළ යුතු ය. ඇයගේ ඇතැම් කවි අප එකී සුරතාන්ත ප්‍රීතිය සමීපයට කැඳවයි. කාලය, යනු එවැනි කවියකි. රමණයේ හදිසිය වළකා එය සන්සුන් සුරතාන්තයකට පාඨකයා යොමු කරයි.
‘ගිහින් එන ටිකට මා
හිස් කරමින් ය
ඔබ
මතකය ම
පෙරාගත්
මගේ දිවි බඳුන’
රවී සිරිවර්ධන
INTERVENTIONS – Selected Political Writings

Interventions features more than 30 published writings by Dr. Dayan Jayatilleka, one of Sri Lanka’s leading public intellectuals, a political scientist, former activist, academic and ambassador who is recognized for his independent-mindedness and speaking “truth to power” regardless of personal and career consequences. The essays have been carefully selected by the editors from a number of publications, both local and international which they felt would benefit from being assembled into a book for the lessons they impart as original insights and analyses of an enduring nature. It is also a distillation of the author’s life and career, his abiding interests and interventions in political affairs and discussions.
Ambassador Jayatilleka perusing the original Prison Notebooks of Antonio Gramsci, Moscow 2019. It was the second time ever the Notebooks had been exhibited outside Italy.
The editors compiled an exhaustive catalogue in 2023. The final selection reflects the complexities of contemporary crises, both national and international, and are a window into the politics of Sri Lanka and the world. As such it is of lasting relevance to every student of politics, national and global, and political ideas.
Ithihasaye Awasanaya | ඉතිහාසයේ අවසානය
