A GYPSY HEART – Sinhala

*මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි.

වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර ‛නැංගුරම් සිහින’ ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.

ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අහිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..

ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නින්දෙන් මාව ඇහැරවන්න එන්න එපා.”

රසික ජයකොඩි

ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය | Gunasena Maha Sinhala Shabadakoshaya

අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation

 

https://www.youtube.com/watch?v=PguCUdB5gqU

කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිටි අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රණ්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

අග‍්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හොකින් විසින් රචිත  නම් මාහැගි ග‍්‍රන්ථයෙන් සිංහල පරිවර්තනය කාලයේ  සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට  පත්ව ඇත. ප‍්‍රථමයෙන් මහා පිපුරමෙන් ආරම්භ වී සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. ඉන් ඉක්බිති නිව්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්ම න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආර්ම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත‍්‍ර වූ කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිට අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රන්ථය  ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

මෙම ග‍්‍රන්ථය දැරුවෙකුගේ විශ්මිත ලෝකය, ධීමතකුගේ ගේ නැණස සමග බැඳ තබයි.

ස්ටීවන් හොකින් ගේ මනස පිළිබඳව විස්මයට පත් වෙමින් ඔහුගේ විශ්වය තුළ සැරිසරමු. – සන්ඩේ ටයිම්ස් 

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම

සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

” කෙසේවුවද සිය ජාත්යන්තර ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්රතිසංස්කරණ ගෙන ආවද, 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
“සර්කාන්හි වැසි සහිත කඳුකර පෙදෙස් වැසී ඇත්තේ සීඝ්රයෙන් වැඩෙන් සහ ඉතා ඝන තණකොළවලිනි. මෙම තණකොළ කෙතරම් රළු සහ එහි මූල ව්යුහය කෙතරම් සංකීර්ණ වීදියත්, වෙනත් යම් භෝග වගාවක් සඳහා භාවිතා කරනු පිණිස බිම සකස් කිරීමට ඒවා උගුල්ලා ඉවත් කිරීම ඉතා අසීරුය. කොල්වින් මෙම තණකොළ සාම්පලයක් පරීක්ෂණ සඳහා යවන ලදුව, එය ටෙක්සාස් හි සංවර්ධනය කරන ලද කෙටි පාද සහිත, කඩිසර ඉක්මනින් වර්ධනය වන ගව වර්ගයකගේ ආහාරය සඳහා යෝග්ය බව සොයා ගත්තේය.
සර්කාන් වැසියන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදනය භාවිතාකිරීමට ඉගැන්විය හැකිනම් ,කිසි ලෙසකින් ප්රයෝජනයට ගත නොහැකි මෙකී භුමියේ ගව පාලනය සාර්ථක නොවන්නේ මන්ද?එසේම කිරි ආශ්රිත අතුරු නිෂ්පාදන සඳහා ආසියාවේ හොඳ වෙළඳ පොළක් ඇත.බටර් වලින් ගිතෙල් නිෂ්පාදනය කර ඉන්දියාවට අලෙවි කළ හැකි අතර,සර්කාන්හි ශිල්පින් සම් පදම් කර නිමි භාණ්ඩ බවට පත් කරනු ලබනු ඇත.
නමුත් මුලින්ම සර්කානුවන් කිරි වලට හුරු කළ යුතුව ඇත.
කොල්වින් මෙම කොටස තමා වෙතම පවරා ගත්තේය.ඔහු සර්කාන්හි පිටි කරන ලද කිරි විකුණුවේ ය. වසරකට පසු ටෙක්සාස් එළදෙනුන් පැමිණීමට පටන් ගත් විට, එය නැවුම් කිරි වෙළඳාමත් බවට හරවනු ලැබේ. ව්යාපාරය තහවුරු වී දුවන්නට ගත් පසු කොල්වින්, තම කොටස් විකුණා පිටව යාමට අදහස් කළේය.”