


මේ මිහිතලය මත මානවයන්ට අවැසි හැමදේම ඇත. සුවපහසු ජීවිතයකට අවැසි හැමදේම, මේ වනවිටත් නිපදවා ඇත. ඒ සියල්ල නිපදවන්නේ ඔබ සඳහාය. අති සාර්ථක ලෙස ආකර්ශන නීතියෙන් පල ප්රයෝජන ගත් පුද්ගල අත්දැකීම් ද මෙහි රුවා ඇත. ආකර්ශන නීතිය උපයෝගී කරගනිමින් සිය අභියෝග ජය ගත් අන්දම, අරගල, දුක් පීඩා, කම්කටොළු තුළින් ඉහළටම පැමිණෙන අයුරු ඔබට ඉගෙන ගත හැකිය. ආකර්ශනීය නීතිය ඔබට සීමා මායිම් නොදමයි. ඉඳින්, ඔබේ සිතුවිලි සහ විශ්වාසයන්ට සීමා මායිම් නොතකනන්න, ඔබේ හෘදයාංගම ආශාවන්ට නිදහසේ, ඔන්න ඔහේ ගලා යන්නට ඉඩ දෙන්න. නිතරම ආකර්ෂණ නීතිය ගැන සර්වඥානක වන්න සිහියෙන් ඉන්න. එය වැඩ කරනු ඇත. සරලව, ඔබ, ඔබේ ප්රගමනය සඳහා එය යොදාගනු ඇත. සිහින මවන්න - ලොකු සිහින මවන්න !
Read this book? Sign in to share a review with other readers.