


සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතු අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ සංස්කෘතික - සමාජ- දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක්‍ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප්‍රයෝගයේ මස්තකප්‍රාප්තියේදී පවා කෘතවේදිත්වයේ ප්‍රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා හැලෙයි. මොහොතකට මම "Crash Landing on you' සලරුවේ වී ජෝන් යොක් වන්නෙමි. ඇය යුන් සේ රින් වන්නිය. විප්රයෝගය සැහැල්ලු කරගන්නට මම අපේ කතාව ( සොඳුරුතම ප්යොන්යන් රාත්‍රීය) වදන්වලට ගොනු කරමි. ඒ මිනිස් ළෙන්ගතුකමේ කතාවයි. ඇයගේ උපනෙත හරහා මා දුටු තවුස් දෙසේ සමාජ - සංස්කෘතික ස්ථරයේ කැඩපතයි. " නිසල ගං දිය දිගේ ගල ගලා දිදුලනා ආලෝක කදම්බය, හද ඉවුර දෝර ගලා හැලෙන මැකී නොයනා මතක, අතැර නොම ගොස් රැඳෙනු, මා සමඟ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය!"
Read this book? Sign in to share a review with other readers.