


තන්ත්ර යනු පැතිරී යාමයි. ඔබ උපරිම තත්වයට පැතිරී ගිය විට ඇති ස්වභාවය එයයි. ඔබගේ සීමාවන් හා පැවැත්මේ සීමාවන් තව දුරටත් වෙනස් නොවේ – එකම ය. එයට අඩු තත්වයකින් සෑහීමට පත් විය නොහැක. ඔබ විශ්වීය වන විට ඔබ ගෙදර ආවා වන්නේ ය. ඔබ සියල්ලම වන විට – ඔබ සියල්ල සමග එකක් වන විට, ඔබ විශ්වය තරම් දැවැන්ත බවට පත්වන විට, ඔබ තුළට සියල්ලම ඇතුළත් වන විට – ඔබ තුළ තරු ගමන් කරන විට, පෘථිවීන් ඔබ තුළ ඉපදී අහෝසී වී යන විට – ඔබ මෙම විශ්වීය ව්‍යාප්තිය අත්දකින විට කාර්යය අවසන් වේ. ඔබ (ආපසු) ගෙදර ආවෙහි ය. තන්ත්රයේ ඉලක්කය එය ය. තන්ත්රය කියන්නේ, ඔබ සිටින්නේ කවර ආකාරයකින් වුවද, එය පිළිගන්න කියා ය. “ඔබ” යනු නානා මානයන්ගෙන් යුතු ශක්තීන්ගේ මහා ගූඪ බවකි. එය භාරගන්න, එම හෑම ශක්තියක්ම සමග ම ගැඹුරු සංවේදීතාවකින්, අවදිබවකින්, ආදරයකින්, අවබෝධයකින් යුතුව සැරිසරන්න. එවිට සෑම ආශාවක් ම එය ඉක්මවා යාම – උත්කර්ශනය කිරීම සඳහා යානයක් වනු ඇත. එවිට සෑම ශක්තියක්ම උදව්වක් වේ, මෙම ලෝකය නිවන බවට – නිපුණ තැනක් බවට පත්වේ, මෙම සිරුර පන්සලක් – ආශ්රමයක්, ශුද්ධ ස්ථානයක් බවට පත් වේ.
Read this book? Sign in to share a review with other readers.