


යෝගීවරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන Autobiography of a Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්තයක් වශයෙන් මෙය භාවිතා වෙයි. යෝගීවරුන් පිළිබඳ ව යෝගීවරයෙකු විසින් ම ලියන ලද මෙම ග්‍රන්ථය වර්තමාන හින්දු යෝගීවරුන්ගේ ජීවිත හා අතීන්ද්රීය බල ශක්තීන් සියැසින් දැක අත්දැකීම් ඇතිව ලියා තිබීම නිසා මෙය කාලීන මෙන් ම කාලය ඉක්මවා ගිය අකාලික වටිනාකමකින් ද යුක්ත වෙයි. මෙම ග්‍රන්ථයේ “පූජනීය” බවට ප්‍රධාන හේතුවක් විය හැක්කේ, වර්තමාන ලෝකයේ ජීවමාන ව වෙසෙන මහාවතාර ක්‍රියා බාබාජී යෝගී උතුමාණන්ගේ රූපය සහ එතුමා පිළිබඳ විස්තර වාර්තාව එහි ඇතුළත් වීම ය.
Read this book? Sign in to share a review with other readers.