


ඉස්තාන්බුල් නගරය යි. වර්ෂයෙන් 1591 වැන්නයි. සීතලෙන් මිදුණු සිසිරයේ දින නවයකි. විවිධාකාර කථකයන් ගේ ආත්ම භාෂණ වැලකි. කතාවට ඇරඹුමක් දෙන්නේ ඝාතනය කර ළිඳක් පල්ලේ ” හෙළා තිබෙත මළමිනියකි. 'මගේ වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැයි කතාව කිමට එක්වන ඝාතකයා, පාඨකයාට අභියෝග කරයි. ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරෙක්ද, එක් අසිපත් පහරකින් කඳින් සිඳී බිම පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතා කරති. ඊර්ෂ්‍යාව, වෛරය, සහෝදරත්වය හා පාවාදිම ද ආලය, රාගය, විරහව හා අංගවිකල ව යළි හමුවන අහිමි වූ ප්‍රේමය ද, පමුක් මායාවී ලෙස සලකා එක කලාලයකට වියයි. සිත්තරකරණය ඒ පශ්චාත් නූතන කලාලය මත විසුල විස්මිත වර්ණ රටා විසිතුරකි. ඔහු ගේ අග්‍ර කෘති මැද මහඟු රත්මිණක් සේ දිලෙන "මගේ නම රතු" ඔස්සේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාහී ඔර්හාන් පමුක් මෙලෙසින් සිංහලයෙන් කියවන පාඨකයා හමුවට එන්නේ පළමු වතාවට ය.
Read this book? Sign in to share a review with other readers.