


පොත් කියවන සෑම පාඨකයෙකුම පාහේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව දැන සිටීම වැදගත්ය. එතුමන් ලොව පහළ වූ විශිෂ්ටතම නායකයෙකි; එමෙන්ම දකුණු අප්‍රිකාවේ සුදු හමට තිබූ ආධිපත්‍යය අබිබවා පත් වූ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයායි. එපමණක් නොව අප්‍රිකානු කලාපයේ වඩාත්ම ප්‍රකට අප්‍රිකානු ජාතිකයායි. ඒ විතරක්ද? එතුමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. සමන් පුෂ්පා ගුණසේකර සිංහල බසින් ලියූ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව වත්මන් යෞවන හා තරුණ ශිෂ්‍ය ප්‍රජාව එල්ල කර ලියුවකි. නෙල්සල් මැන්ඩෙලා පුවත්පත් - සඟරා ලිපි ආදියෙහි පමණක නොවේ ලොව පුරා ග්‍රන්ථකරණයටද විවිධාකාරයෙන් තේමා වූ අති සුවිශේෂී චර්තයකි. මා ගැලවුම්කරුවකු නොව, සාමාන්‍ය මිනිසෙක් විලස අති සුවිශේෂ තත්වයන් යටතේ නායකයකු වූවෙමි. සමහර දේශපාලනඥයන් මෙන් නොව, මම වරද භාර ගැනීමට සූදානම් වූවෙක්මි. කිසිදු දේශයක් යථා පරිදි සංවර්ධනය වීමට නම්, එහි වාසය කරන පුරවැසියන් අධ්‍යාපනයක් ලද්දවුන් වීම සිදු විය යුතුය. ඔබ ඉදිරියේ මා පෙනී සිටින්නේ අනාගතවක්තෘවරකු නැත්නම්, අනාගතය හෙළි කරන්නකු විලස නොව, ඔබගේ මෙන්ම, ජනතාවගේද නිහතමානි සේවකයකු විලසය. අධ්‍යාපනය වූ කලී ඉතාම ප්‍රබල අවියක් විලස ගෙන, ලෝකයේ පවත්නා ස්වභාවය වෙනස් කිරීමේ ශක්‍යතාව ඇත්තකි.
Read this book? Sign in to share a review with other readers.