


ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත. සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි 'නිදොස්මි! නිදහස්මි!’ මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.
Read this book? Sign in to share a review with other readers.