


පාසල් යන වයසෙහි පසුවන ළමයින්ට කියවීමට ඉතා සුදුසු ම අතිරේක කියවීම් පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්ර වී ඇති මැලොරි ටවර්ස් කතා මාලාවේ දෙවැනි පියවරේ දෙවැනි පොත වන Summer Term at Malory Towers නමැති රසවත් නව ප්රබන්ධයෙහි සම්පූර්ණ පරිවර්තනය මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 2 යනුවෙන් අප මෙසේ සිංහල පාඨකයන් හමුවේ තබන්නේ, මෙහි මුල් පොතට දරුවන්ගෙන් පමණක් නොව, ගුරු දෙගුරුන්ගෙන් ද ලැබුණු යහපත් ප්රතිචාර පිළිබඳ සැලකීමෙනි. පළමු පොත් පෙළෙහි කතා නායිකාව වූ ඩැරල් රිවස්ගේ නැඟණිය වන ෆෙලිසිටි රිවර්ස් මැලොරි ටවර්ස් බාලිකාවේ දී ඇයට හමුවන අලුත් මිතුරියන් ඇසුරේ ලබන විවිධාකාර අත්දැකීම් මේ රසාලිප්ත නවකතාවට පාදක වී තිබේ.
Read this book? Sign in to share a review with other readers.