


මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්රහ කරයි. ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි. මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.
Read this book? Sign in to share a review with other readers.