


1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ චිලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම්බෙනි. ඇගේ මාමණ්ඩිය වූත්, පාර්ලිමේන්තු ක්රමයෙන් බලයට පත් ලෝකයේ ප්රථම මාක්ස්වාදියා වූත් සැල්වදෝර් අයියන්දේ, විලියානු හමුදා ජුන්ටාවක් මඟින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඇය රට හැර පලා ගියාය. එතැන් සිට වෙනිසුවෙලාව ඇතුළු ලතින් ඇමරිකානු රටවල් කිහිපයක කලින් කලට ජීවත් වූ ඈ, කුඩා කල තමාට සුන්දර කතා කියා දුන් ආච්චි අම්මා මළ පුවත අසා මහත් සේ කම්පාවට පත්ව, ඉන් අස්වැසීමක් ලබන්නට ඈ වෙනුවෙන් කෙළවරක් නැති ලියුම් ලියන්නට වූවාය. ඇය නවකතාකාරියක වීමේ බීජ වැඩුණේ එතැනිනි. එතෙක් වෘත්තීය පුවත්පත් කලාවේදිනියක වූ ඈ එතැන් සිට සිය මුළු කාලය නිර්මාණකරණය වෙනුවෙන් යෙදෙව්වාය. 1985 දී ඇය ලියූ, The House of The Spirits නම් වූ දේශපාලන නවකතාව ඇය වෙත ලෝක කීර්තිය ගෙනාවේය. එතැන් සිට ඇය ලියූ සියලු නවකතා (of Love and Shadows, Eva Luna, Stories of Eva Luna, The Infinite Plan) මේ වන විට ලෝකයේ සියලු ප්රධාන භාෂාවලට පරිවර්තනය වී ඇත. ඉන් සමහරක් චිත්රපටයට ද නඟා තිබේ.
Read this book? Sign in to share a review with other readers.