


මං උඹට හැමදාම කියනවානේ මගේ රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ පේන මානෙනුත් වහන් වෙලා ඉඳපන් කියලා..” "කවුද අපුච්ච කුලවත්තු කියන්නේ..?” "කුලවත්තු කියන්නේ මයෙ රත්තරතේ, උසට මහතට ඉන්න හම රතු පාට ඇත්තන්ට..'' "හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තුද අපුච්ඡෙ..?” "ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තු නම් අපේ වයිරත් කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..'''
Read this book? Sign in to share a review with other readers.