


වසර හය හතකට පෙර ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පැවති දර්ශනයකදී 'බොක්ස්' කෙටි නාට්‍යය බැලීමෙන් මා ලැබූ ප්‍රවර්ගය සහ ආනන්දය මගේ මතකයේ අදත් විචිත්රව තියෙනවා, මට මතකයි නාට්‍යය අවසන් වුණු මොහොතේ මා ලගට දිව ආ කෘතහස්ත නාට්‍ය වේදිනියක්, දැක්කද සුනිල් අර අන්ඩර්ශඩ්ල්වෙයාර් එකේ ගිල් ? කියලා වැඩක් නැහැ. මාරයි.. මේ කොල්ලගේ ස්ත්රිප්ත එකයි අතයි දෙකම, උද්වේගයෙන් එකවර පැවැසුවා. මට ඇය සමග හොඳටම එකඟ වුණා. අපේ තරුණ නාට්‍ය කරුවන් අතර බුහුටි හා අපූර්ව නිර්මාණ කරුවෙකුගේ ආගමනය සිදුවෙනවා කියා මගේ මනසේ ලකුණු වුණා. වැදගත් කාරණය නම් මේ නාට්‍යකරුවා උසි සහකම්පනයෙන් යුතුව ලොට් දෙස බලන අතර, ඒ බැල්ම උඩ සිට පහළටම විශිෂ්ට මානවවාදී ගුණයෙන් පිරුණු එකක් බව පෙනීමයි. නොබෝ කලකින් 'ඩයිනෝසර් ප්‍රේමය' විසින් නැවත වරක් මට අර උත්ප්‍රාසී සහනුකම්පන් බැල්ම මතක් කළා; ඔව්, බලනකොට එහි රචකයාත්, අර චාලක මයි! ඔහුගේ නාට්‍ය කෘතීන් පහක් මුද්‍රණයෙන් පිටවෙන මේ මොහොතේ මෙන් සතුටු වන්නන් හා සුබපතන්නන් අතරු යම් නාට්‍ය සාහිත්‍ය කෘතිය නිසා බොහෝ අලුත් සහෘදයින් ඔහුට මුණගැසේවායි ප්‍රාර්ථනා කරන්නට කැමතියි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Read this book? Sign in to share a review with other readers.