


අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. "මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
Read this book? Sign in to share a review with other readers.