


මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි. අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න. අන් අය ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නො ව, ඔබට ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි දේ පිළිබඳ පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ව නිර්මාණය කරමින් හිඳින්නේ ඔබ මැ මිසක, ඒ අන් කිසිදු අයෙකු නො විය යුතූ ය. එවිට ඔබගේ ජීවිතය ඉතා වේගයෙන් යහපත් ලෙස වෙනස් වන්නට පටන් ගන්නා බැව් ඔබට මැ වැටැහී යනු ඇත. ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසි මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජීවිතයට මහා වැසි ඇද හැලෙනා කාලය විය හැකි ය. ඉදින්, මහා වැසි වලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න ; ජයග්රහණයේ මල් පිපෙනු ඇත.
Read this book? Sign in to share a review with other readers.