

කයාල් සර් | Kayal Sir
- Book Language : Sinhala
- Page Count : 875
- Book Author : Nehansa Sooriyabandara
“සර්, මාව මතකද දන්නේ නෑ. සර් මං එදා සෙමිනර් එකට ආපු ළමයා. වයිරල් වුණු ෆොටෝ එකේ උන්නු කෙල්ල. සර් ඒ ෆොටෝ එක ලස්සනයි නේද. ඒ ෆොටෝ එකේ ලියපු නිසදැස් කවි දැක්කම මාව හිරි වැටිලා, පපුවට මොකක්දෝ වෙලා ගියා. සර් ඇත්තමයි පපුවට මොකක්දෝ වුණා වගෙයි මට. ඒ හැඟීම වචන කරන්න දන්නේ නෑ මම.
ඒ මං පුංචි කෙල්ලෙක් නිසා වෙන්න ඇති. මේ දැනුත් ඒ තත්පර මතක් වෙද්දී මගේ පපුව හරි වේගයෙන් ගැහෙනවා. මූණට හිනා එනවා. ඒක මොකක්දෝ ලස්සන මිහිරක්. සර් ඒ තමයි මගේ පළවෙනි ෆොටෝ එක. කොල්ලෙක් එක්ක ගත්ත පළවෙනි ෆොටෝ එක. කොල්ලෙක් මාව අල්ලපු පළවෙනි වතාවත් ඒක. සර් මට වගේම නැත්නම් ඊටත් වඩා ඒ ෆොටෝ එක දැක්කම හිත පිරෙනවද.
මූණට හිනා එනවද. මං වගේම සර්රුත් ඉඳලා හිටලා ඒ ෆොටෝ එක බලනවද. සර් මගේ යාළුවා ෆොටෝ එක ප්‍රින්ට් කරලා ගෙනත් දුන්නා. නැත්නම් මට බලන්න විදියක් නෑ. මොකද මං ළඟ ලොකු ෆෝන් එකක් නෑනේ. සර් මායි, මගේ යාළුවයි යූත් එකේ කම්පියුටර් කෝස් එකට යද්දී සර්ව බලලා යන්න ජය බිමට ආවා. එදා ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් මගේ යාළුවා ෆොටෝ එකක් අරන් ඒකත් මට ප්‍රින්ට් කරලා ගෙනත් දුන්නා. මට ඔයාව බලන්න හිතුණම මං ඒ ෆොටෝ දෙක බලනවා. ඒත් අපේ ආච්චිත් එක්ක බෑ. තිස්සෙම බලන්න බෑ මට. ඒත් ඉඩක් ලැබුණු ගමන් මං ඔයාව නොබලා ඉන්නෙත් නෑ”
Description
Related Books
චිත්‍රාල් | Chithral

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

ශ්වේත | Shwetha

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.