Showing all 24 results

සම්මානලාභී කෘති - Award Winning Books

Adisi Nadiya – අදිසි නදිය

රු935.00
or 3 X රු311.67 with

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

Bhana Kusum – බාණ කුසුම්

රු900.00
or 3 X රු300.00 with

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.

රාමුගත ජීවිතය⁣ට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්‍රත්වයයි.

Garhawa | ගරහාව

රු425.00
or 3 X රු141.67 with
ජේ. එම්. කොඑට්ලි සිය රටේ පැවැති වර්ණභේදවාදී ප්‍රතිපත්තිය සේ ම එහි පශ්චාද් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිබිඹු කිරීමට නිරන්තරයෙන් යොදාගන්නා ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි.
පශ්චාද් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාර ධාර්මික අභියෝගයන් නොබියව වේදිකාවට කැඳවමින්, කොඑටිසි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්තාව පිළිබඳ ගැඹුරු හා නිර්දය ගවේශනයකය.
සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නො වන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන් ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් ඇති ආතතිගත සබඳතාව පිළිබඳ කරදරකාරි  තැතිගන්වනසුලු ප්‍රශ්න කිරීමක නියැලේ.

Hot Chocolate | හොට් චොකලට්

රු405.00
or 3 X රු135.00 with

ගෑනි ගියේ බල්ලා පස්සෙ. මං ගියේ ගෑනි පස්සෙ. මං හිතන්නෙ අපි එකා පස්සෙ එකා රවුං තුනක් විතර ඇවිද්දා. හතරවැනි රවුම පටන්ගන්න හදනකොට තමයි ‘බල්ලා’ පිස්සු නැටුවෙ. ඌ එක පාරටම යාබද ට්‍රැක් එකේ තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සෙ වැටුණා. ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගෙ කන්ට්‍රෝල් එකෙන් ම්දුණා. ගෑනිගෙ ඉංග්‍රීසි කමාන්ඩ්ස් එක්කටවත් බල්ලා නෙවෙයි නැවතුණේ. ඒ වෙලාවෙ දී මට අහන්න සිද්දවුණා, ‘මේ අයි හෙල්ප් යූ මෑම්’ කියල.

MUKTHI – මුක්ති

රු360.00
or 3 X රු120.00 with

NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව

රු382.50
or 3 X රු127.50 with

එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල මතු කෙරෙන කෙටිකතා එකතුව.

Sansakkari | සංසක්කාරී

රු1,080.00
or 3 X රු360.00 with
2022 ගොඩ⁣ගේ සාහිත්ය සම්මාන උළෙලේ විශිෂ්ටතම පළමු ප්රබන්ධ කෘතිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනාගත්
2022 ස්වර්ණ පුස්තක දීර්ඝ වටයටද තේරී පත්වූ නවකතාව

__________________________________________
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
__________________________________________

Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Wismitha Sihina Dhakinna

රු900.00
or 3 X රු300.00 with