Showing 25–48 of 79 results

Educational

Reframing Democracy

රු720.00
or 3 X රු240.00 with

Sathwa Saha Shaka Wisheshayange Sambhawaya – සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය

රු807.50
or 3 X රු269.17 with

මෙය ”සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය” යන ප්‍රකට ග්‍රන්ථය මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි කෙබදු අති විශාල බලපෑමක් ඇති කලේද යන්න මෙම පොත පරිශීලනය කිරීම මගින් ලබා ගත හැකිය

Siyalu da Sandaha Nyayak | සියලු දෑ සඳහා න්‍යායක්

රු252.00
or 3 X රු84.00 with

STEPHEN HAWKING
The THEORY of EVERYTHING

විශ්වයේ ආරම්භය, අවසානය සහ

සියලු දෑ සඳහා න්‍යායක්

පරිවර්තනය ලක්ෂ්මන් ටී. බී. ඉලංගකෝන්

මෙම කෙටි පොතෙහි සුප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටෙපන් හෝව්කින්ගේ සම්මානනීය දේශනා පෙළක් අන්තර් ගත වේ. ඔහු මෙම දේශනා වලින් සංකීර්ණ සහ අතිශය ගණිතාත්මක අදහස් කිහිපයක් සරල එමෙන්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් එතරම් විද්‍යා අධ්‍යාපනයක් නොමැති පාඨකයනට ද තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීමට උත්සහ කරයි. ඔහු කෙටියෙන් එහෙත් මනස්කාන්ත අන්දමින් ඇරිස්ටෝටල්, ඕගස්ටයින්, නිව්ටන්, අයින්ස්ටයින්, හබල් සහ ෆ්රීඩ්මෑන් ගේ විශ්වය පිළිබද අදහස් අපට පැහැදිලි කරයි. ඉන්පසු ඔහු බිග් බෑන්ග්, අඳුරු ආගාධ සහ අවකාශය / කාලය අපට පැහැදිලි කර මෙම අදහස් විශ්වය සදහා එක්සත් න්‍යායක් ගොඩ නැගීමට යොදා ගත හැක්කේ කෙසේ දැයි පරීක්ෂා කරයි.

Sri Lankawe Aparadha Nithiya | ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව

රු855.00
or 3 X රු285.00 with
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මූලධර්ම අළලා මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ තැත් කිරීම, අනුබල දීම, පොදු චේතනාව හා අවසානය යන අවසාන පරිච්ඡේද හතරේ සිංහල පරිවර්තනයයි මේ.

Writing Research Proposals

රු720.00
or 3 X රු240.00 with

Yali Mawena Aparadayak – Hard cover | යලි මැවෙන අපරාධයක් – ඝන කවරය

රු5,850.00
or 3 X රු1,950.00 with

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)

Yali Mawena Aparadayak / Normal Cover | යලි මැවෙන අපරාධයක්/සාමාන්‍ය කවරය

රු4,050.00
or 3 X රු1,350.00 with

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)

කම්මැලි මොළේ | Kammali Mole

රු855.00
or 3 X රු285.00 with

මතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation

රු1,350.00
or 3 X රු450.00 with

 

https://www.youtube.com/watch?v=PguCUdB5gqU

කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිටි අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රණ්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

අග‍්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හොකින් විසින් රචිත  නම් මාහැගි ග‍්‍රන්ථයෙන් සිංහල පරිවර්තනය කාලයේ  සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට  පත්ව ඇත. ප‍්‍රථමයෙන් මහා පිපුරමෙන් ආරම්භ වී සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. ඉන් ඉක්බිති නිව්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්ම න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආර්ම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත‍්‍ර වූ කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිට අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රන්ථය  ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

මෙම ග‍්‍රන්ථය දැරුවෙකුගේ විශ්මිත ලෝකය, ධීමතකුගේ ගේ නැණස සමග බැඳ තබයි.

ස්ටීවන් හොකින් ගේ මනස පිළිබඳව විස්මයට පත් වෙමින් ඔහුගේ විශ්වය තුළ සැරිසරමු. – සන්ඩේ ටයිම්ස් 

ප්‍රාදේශීය සභා සහ නාගරික සංවර්ධනට අදාළ නීති සහ රෙගුලාසි 2025 / Pradeshiya saba saha nagarika sanwardanayata adala nithi saha regulasi 2025

රු3,240.00
or 3 X රු1,080.00 with

ප්‍රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව්‍යයන් සිදුකරනු ලැබේ.බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව්‍යුහය (1987) අංක (15) දරන ප්‍රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ.

දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප්‍රයෝජනයට ගැනීම, මහජන සෞඛ්‍යයට අදාළ අත්‍යවශ්‍ය කර්තව්‍යයන්, ජලප්‍රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා අවශ්‍ය වන්නා වූ අරමුදල් උත්පාදනය කිරීමටද සුවිශේෂී බලතල රැසක් ප්‍රාදේශීය සභා සතුව ඇත.

මහජනතාව විසින් බොහෝ දුරට මෙම ආයතන දකින්නේ දේශපාලන බලය ක්‍රියාත්මක කරන ආයතන වශයෙනි. මෙය වැරදි සම්මතයක් වන අතර, අවාසනාවට මෙන්ම ප්‍රාදේශීය සභාවන් නියෝජනය කරන්නාවූ ජනතා නියෝජිතයන් රැසකටද ප්‍රාදේශීය සභා පනත් හා රෙගුලාසි සම්බන්ධයෙන් පූර්ණ දැනීමක් නොමැති අතර, ඒ අනුව ප්‍රාදේශීය සභාවකට ඉටුකළ හැකි කර්තව්‍යයන් එකී තත්ත්වයන් යටතේ මනා ලෙස පරිපූර්ණ කිරීමට හැකි නොවන බව පෙනෙන්නට ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් සම්පාදනය කොට ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ නීති සහ රෙගුලාසි ඇතුළත් මෙම සම්පාදනය මා ඉතා අගය කොට සලකමි. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල නෛතික බලය, බල ශ්‍රේෂ්ත්‍රය හා එම ආයතන ආයතන වල තීරයන් හි නෛතික වලංගුතාවය අධ්‍යායනය කරන ඕනෑම තැනැත්තෙකුට සහ විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම නීතිඥවරුන්ටද මෙම සම්පාදනය අත්වැලක් වනු ඇත.

ප්‍රාදේශීය සභා බලතල ක්‍රියාත්මක කිරීමේදී ඒහා සමගාමීව අදාළ වන නාගරික සංවර්ධන අධිකාරි පනත් යටතේ ඇති ප්‍රතිපාදන වලට ද නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් අවධානය යොමු කර ඇති අතර, එයද අධ්‍යයන කටයුතු උදෙසා අතිහයින් වැදගත් වනු ඇත.

ප්‍රාදේශීය සභා සභිකයකු ලෙස මා ඔහු හඳුනාගන්නේ දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාගේ කාර්යාලයේ පැවැති මහපොළ උපාධිධාරී පදනමේ ක්‍රියාකාරිකයෙකුව සිටි අවධියේය. ඔහු එවකට නීති ශිෂ්‍යයෙකි.

නීතිඥ සුගත් හඳුන්ගේ මහතා නීතිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති නීතිඥවරයෙකු වන අතර තමන් සතු දැනුම නොපැකිළිව බෙදා දීමට ඉදිරිපත් වන අයෙකු වශයෙන් හැඳින්විය හැක.

මෙම සම්පාදනය එළිදැක්වීම සම්බන්ධයෙන් මාගේ සුබ පැතුම් ප්‍රකාශ කරන අතර අනාගතයේදීද මෙවන් ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.

යක්ෂි | Yakshi

රු5,000.00
or 3 X රු1,666.67 with
යක්ෂි – ඉතිහාසයේ ක්ෂිතිජ යා කිරීම
කුවේනියගේ සිට ලංකා ඉතිහාසය පුරාවිද්යා ඇසින්…
මෙම රචනය කුවේණියගේ සිට වළවාමුඛී, පශ්චිමරාජිණී, විහාරමහාදේවී, අනුලා, සීවලී, සුගලා, ලීලාවතී සහ කල්යාණවතී හරහා මහියංගණයේ වැඩ වෙසෙන මහලොකු අම්මා ඇතුලුව භූමිය සහ උරුමය ආරක්ෂා කර ගැනීමට දරුවන් තැනූ ඈත පිටිසර පැල්පත් වල වෙසෙන මව්වරුන් දක්වා වූ මෙරට ඉතිහාසයට ප්රාණය දුන් සියලු ස්ත්රීන්ගේ මාතෘ මූලික මෙහෙවර සිහිගන්වනු පිණිස යක්ෂී යන උද්ධෘතයෙන් නම් කර ඇත.
පිටු 536ක වර්ණ සිතියම් 22ක්, වර්ණ ජායාරූප 105 ක් ඇතුලත්