Showing 121–144 of 304 results
Price
පරිවර්තන
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ආලවන්ත ජේත්තුකාරයා / Alawantha jeththukaraya

අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිං හැමි සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින් හා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත් වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කර නොඇඹු වටිනා අශ්වයා, ‘මර්කරි’ වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමු වීම සූරින්ගා යොමු කළේ දහ අට වැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදු වූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ නිව්ගේට් සිරගෙදර භීෂණය වෙතය. අවසානයේ තමා පටලැවී සිටි ද්‍රෝහිකම් හා පවාදීම් ජයගන්නා ඈ සැබෑ ආදරය සොයාගත්තාය.
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසී ආක්රමණිකයන්ගේ දින සටහන් හා වාර්තා

ඉකිගායි / Ikigai

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times
ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times
ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE
එලෝන් මස්ක් – අනාගතය වෙනස් කල මිනිසා | Elon Musk – Anagathaya Wenas Kala Minisa

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.
කෆ්කා මුහුදු වෙරළේ | Kafka Muhudu werale

සුවිශේෂ චරිත දෙකක දෛවය ‘කෆ්කා මුහුදු වෙරලේ’දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා, ඔහුගේ පියාගේ අනිටු අනාවැකියත් අහිරි හැඟීමත් පෙරදැරිව ගෙදරින් පලා යයි. ලමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා, එතෙක් කල් ගත කළ සරල දිවි පෙවේත උඩුයටිකුරු කරගනී, මේ දෙන්නාගේ සමාන්තර ගමන ත්රාසෝන්මාදයෙන් අනූනය.
බලලුන් මිනිසුන් සමඟ කතාබහ කරති. අහසෙන් මාළු කඩා හැලේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙන්නෙක් කැලේක සතුටින් වෙසත්, ඒ සියල්ල අතරේ, කුරීරු මිනිමැරුමක්, එහෙත් මිනිමරුවා සේම ඔහුගේ බිල්ලත්, නොවිසඳුණු ප්රහේලිකාවකි. ආශා ගවේෂණයේ සම්භාව්ය ආඛ්යානයක් වන ‘කෆ්කා මුහුදු වෙරළේ” මිත්යාමය වූත් සමකාලීන වූත් තහංචි ප්රශ් කරන අතරේ, පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පික්සයි.