Showing 217–240 of 1322 results
Price
Shop
Magam Sooliya – මාගම් සෝලිය

‘මාගම් සෝලිය’ නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය. නමුත් එය සම්ප‍්‍රදායික පන්සලක් නොවේ. නුවර යුගයේ බෙහෙවින් පරිහානියට ගිය මේ පන්සල්වල බොහෝ විට සිටියේ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාසේලා යි. ඔවුහු පවුල් රක්‍ෂා කළහ. බිරින්දෑවරු, දරුවන් රැකබලා ගත්හ. ඉස්සර මෙවැනි පන්සල් නම් කළේ ‘ගනේ වලව්ව’ නැත්නම් ‘ගනේ ගෙදර’ වැනි නම් වලිනි. නවකතාව මැද භාගයේ පන්සලට එන ඇබිත්ත උන්නාන්සේ එවැනි චරිතයක් වුනත් මුල් භාගයේ පන්සලේ සිටින ලොකු හාමුදුරුවෝ එවැනි චරිතයක් නොවේ. උන්නාන්සේ විදර්ශනා වඩන ධ්‍යානලාභී උත්තමයෙකි. ඇතැම් විට මෙතුමන් සෝවාන් ඵලයට ලඟා වූ අයෙක් වන්නට පුළුවන. මෙසේ සෝවාන් නැතිනම් සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුවත් පව් (වැරදි) සිදු වීමට ඉඩකඩ ඇතිවිය හැකියි. සංයුක්ත නිකායේ සරකාණි වග්ගයේ සරකාණි සූත‍්‍රයේ සඳහන් පරිදි සරකාණි නම් බමුණා මධ්‍යසාරයට ඇබ්බැහි වූවෙකි. සෝවාන් වූ පසුවත් ඔහුට මේ මත්ලෝලී බව අත්හැර ගත හැකි වන්නේ නැත. ඒ අනුව සෝතාපණ්න පුද්ගලයා පෘථග්ජන ජීවිතයත් සමඟ කිට්ටු සබඳතාවයක් ඇති බව අපට පැහැදිලි වේ. ධ්‍යානලාභියෙක් වුණත් මේ ලොකු හාමුදුරුවෝ ඉවකින් වගේ අනාගතය හඳුනා ගනී. උන්නාන්සේ තම ශිෂ්‍ය නමක් වූ පල්ලේගම හාමුදුරුවන්ට ගමේ පන්සල අතහැර ජනඅරගලයට නායකත්වය දෙන ඉහගම හාමුදුරුවන් මුණ ගැසීමට මල්වතු විහාරයට යන්නට අණ කරන්නේ එබැවිනි. විදර්ශනා වඩන සෝතාපණ්න පුද්ගලයෙක් වුණත් සමාජය හා ජනතාව වෙනුවෙන් වූ තම වගකීම ඉටු කරන්නේ ඒ අයුරිනි.
Mage Adaraniya Yakshani | මගේ ආදරණිය යක්ෂණී

ජීවිතයේ එක ම මොහොතක ඉතිහාස තුනක අතරමංවීමට සිදුවීම මොන තරම් අබග්ගයක්ද? මා අත්දුටු ඉතිහාසය එකකි. මා ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නේ එයය. ඒත් එය දැන දැනත් කට වසාගෙන ඉන්න යැයි පැවසූ චිත්තභානු වෙනත් ඉතිහාසයක් වෙත රුවල් ඔරු පදවයි. අයිෆල් කුළුණේ කඹ ඇද ඔංචිලි පදිමින් සිටින මගේ මාරාන්තික ප්‍රේමවන්තයා අප දෙදෙනාගේම බෙල්ලෙන් අල්ලා සොලවයි. ඒත් මා අසල උම්මග්ග සංසාරෙ හිටියේ ද ඔහු මය. වේගාය.
Magic Lantharuma | මැජික් ලන්තෑරුම | Magic Lantern
රු450.00
කැලිඩස්කෝපයක බහුරූප වැනි මතකයන් සමුහයක් චිත්‍රපටයකදී මෙන් අතුරු ඡේදනය කරමින්, තියුණු හා සංක්ෂිප්ත ආකාරයකින් රචනා කළ ග්‍රන්ථයකි.
සිය ළමාවියේ තොරතුරු, අතිශය සියුම් ආකාරයකින් විවර කරමින් ඒවා වැඩිහිටි වියේ මතකයන් සමඟ අතුරුඡේදනය කෙරෙන්නේ විශ්මයජනක ආකාරයකිනි.
සිය විවාහයන්, පුද්ගල සබඳතාත් මෙන්ම වෘත්තීය ජයග්‍රහණ, අසමත්කම් හෙතෙම හෙළි පෙහෙළි කරන්නේ විවෘතවයි. විශිෂ්ට ගණයේ මිනිසකුගේ අසාමාන්‍යය හා සංකීර්ණ මනෝභාවයනමනබඳිනාකාරයෙන් රචනා කළ කෘතියකි.
මයිකල් මේයර් – සන්ඩේ ටයිම්ස්
මෙම ස්වයං චරිතාපදානය හරියටම චිත්‍රපටයක් මෙනි. බග්මාන් සිය කථාපුවත රසවත් අතීතාවර්ජන මාලාවක් සේ ඉදිරිපත් කරයි. ඒ සියල්ල ඔහු ඉදිරිපත් කරන්නේ සිත් කළඹවන රූප මාලාවක් විලසිනි.
ගේබ්රියල් අන්නන් – ස්වෙස්කා ඩැග්බි ලාඩෙට් – ස්වීඩනය
Maha Gira | මහා ගිරා

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Mahalla Saha Iringu Palaya – මහල්ලා සහ ඉරිඟු පැළය

දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉරිඟු ඇටයක් පැල කර එය ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන ආත්ම පරිත්‍යාගී මහල්ලෙක් සහ සැමියා දිවි නසාගත් පසුව නිදන්ගත රෝගයකින් පීඩාවට පත් සිය දියණිවරුන් රැකගැනීමට දරුණු දිවි අරගලයක නිරතවන මවක් ගැන කියවෙන මහල්ලා සහ ඉරිඟු ඇටය සහ ඇටමිදුළු යනු වර්තමාන චීනයෙහි වාරණයට ලක්ව සිටිනා යාන් ලියාන්කිගේ මනරම් කතා ද්විත්වයකි. මහල්ලා සහ මුහුද සිහිපත් කරවන යාන් ලියාන්කිගේ මහල්ලා මෙන්ම දියණිවරුන් වෙනුවෙන් අසීරු සටනක නිරත මව යන මේ චරිතද්වයම ආත්ම පරිත්‍යාගී මිනිසුන් වෙනුවට පරිභෝජනවාදී මිනිස් රූකඩ ඉස්මතු කරනා නූතන ධනවාදී මෙන්ම සමාජවාදී යයි කියනා කවර දේශයක වුව මනුෂ්‍යත්වය අපේක්ෂා කරන්නන්ට ආමන්ත්‍රණය කරයි.
Makara Rajadahana | මකර රජදහන

හරි ලස්සන පාට පාට මකරු පිළිබඳ කියවෙන මකර රජදහණ කතා පොත AR App එකක් සමගින් ඔබේ සිඟිත්තා වෙනුවෙන් ලංකාවේ පළමු වරට එළිදැක්වෙන ළමා කතා පොතයි. ඔබේ සිඟිත්තාගේ දැනුම සහ බුද්ධි වර්ධනය සඳහා අදම ඔබේ සිඟිත්තාට මකර රජදහන කතා පොත ලබා දෙන්න.
Manuthapaya | මනුතාපය

Maranaya Madin Mulathivu Sita | මරණය මැදින් මුලතිවු සිට

උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැව් තුවාල ලැබූ දිසානායකටද ඉවෙක්වෙන් දැහුණේය. තමන් හිසා සෙසු සියලුදෙනාගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්‍ෂා කෙළේය, එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්හට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වූයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඬ කරවන ලෙසය. ඒ වන විට ත්‍රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ. ඔවුන්ගේ ගිනි අවි හඳ එළියට දිලිසෙමින් තිබිණ. සුලු චලනයකදී වුව ඒවා හිසැකවම ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හෘදස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඬියාවක් තුළ දිසානායක එක් වර්ක කහින හඬට 11 දෙනෙකුගේ ජීව්තවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසඳාගත නොහැකි ගැටළුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක හෝ ප්‍රමාදයකට කිසිදු ඉඩක් නොවීය. එහිදී ඉතිරිව තිබූ එකම් විකල්පය ක්‍රියාත්මක කරන ලෙස දිසානායක වල කළේය.
පෘථි තිබූ වසන්තගේ අතෙහි වූ තුවාලයෙන් තවමත් ලේ බිඳු වෑස්සෙමින් තිබිණ. එහි වේදනාව අපහසුතාවය පර්යා ඔහු පෙදුණේ සංකාවයි. එතෙක් පිටදිහත් වතුර ටැංකියේ බිත්තියෙන් මදක් ඈත්ව ආපසු හැරුණ ඔහු සිය අතින් ගලායන ලේ බිඳු ඇඟිලි තුඩට ගෙන එහි බිත්තියේ කිසියම් දෙයක් ලියන්නට විය. වෙව්ලන සුරතින් එහි අපිළිවෙලට ඇඳෙන අකුරු දෙස බලාපොරොත්තු සහගත ඔහුගේ ස් තොපියව් දැල්ව තිබිණ. ”සමුගනිම්, ශිරානි + වසන්ත, 1996/07/22” ලෙස එහි රක්ත වර්ණයෙන් සටහන් විය.
https://youtu.be/SlAGfgExk2c
Mata Kiyanu Mana | මට කියනු මැන

කුතුහලයෙන් යුතු ළමා මනස නිර්මාණ ශීලී මිනිසෙකු බිහිකිරීමට සමත් වේ. එහෙත් ළමා මනස නිර්මාණශීලී ලෙස වැඩීමට නම් කුතුහලයෙන් යුතු ළමයා අසන ප්‍රශ්න වලට සත්‍ය පිළිතුරු සැපයිය යුතුයි. බොහෝ දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද මෙය ගැටලුවක් වී ඇත. ඒ එකකින් එකකට බැඳී තිබෙන ලෝකයත්, එහි ස්වභාවයන් හඳුනා ගැනීමට ළමයා දක්වන උනන්දුව නිසා ප්‍රශ්න සහ කුතුහලය වැඩිවන බැවිනි. මට කියනු මැන කෘතියේ අරමුණ ද එලෙස ලෝකය කුතුහලයෙන් ප්‍රශ්න කරන දූ දරුවන්ට සත්‍යය වටහා දීමයි. අනෙක් අතට එය දෙමාපියන්ට හා ගුරුවරුන්ට ද අස්වැසිල්ලක් වනු ඇත.
MATA MATHAKA MAMA – මට මතක මම

මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු.
Mathaka miya adena sada | මතක මිය ඇදෙන සද

WHEN MEMORY DIES
අම්බලවානර්සිවානන්දන්
මම සිවානන්දන්ගෙ ‘මතක මිය ඇදෙන සඳ’ සියලු දෙනාට නිර්දේශ කරයි. – ආතර් සී. ක්ලාක්
කම්පනයෙන් හා සසැලීමෙන් තොරව මේ පොත කියවීමට නොහැකිය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රචකයන්ගේ ත්‍යාගය සඳහා හේතු පාඨය
සිවානන්දන්ගේ තේමාව, යටත් විජිතවාදයේ අනර්ථකාරී බලපෑම, අතිශයින් දේශපාලනිකය. නමුත් ඔහු එය ලියන මානුෂික ආකාරය, වියළි තොරතුරු හා දෘෂ්ටිවාදය ඇඳ බැඳ තබාගන්නා ප්‍රබන්ධයක් බවට විපරිනාමණය කරයි. – කෙටි විහෝල් – සන්ඩේ ගොෆ් ටෙලිග්‍රාෆ්
සැම හැරිමකදීම හද බිඳියි, උණුසුම් කරවයි; එය ජීවිතය ක්‍රෑර කිරීමට එදිරිව
ආත්මයේ තිරසර බව ඌර වළක කොටවයි. – නිව් ඉන්ටනැෂනලිස්ට්
‘ මතක මිය ඇදෙන සඳ’ මෙරට විමුක්තිකාමී දේශපාලනයේ හෘදය සාක්ෂිය තියුණු ලෙස ප්‍රශ්න කරන කෘතියකි. ලාංකික පාඨකයාට සිවානන්දන් සුනම්‍ය බසකින් හඳුන්වා දීම පැසසුම් කටයුතුය. – මෙන්දක අබේසේකර
සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සිංහල යෙදුම් ඉතා උචිත ලෙස යොදාගත් ඉහළම ගණයේ ප්‍රතිරචනයකි. – අසංක පෙරේරා
Mathrukawak soyana Wachana Anuthundahak | මාතෘකාවක් හොයන වචන අනුතුන්දාහක්

Me jeewanaye bhashawayi Osho | මේ ජීවනයේ භාෂාවයි

හුස්ම ගන්නේ ඔබ නොවේ.
සමස්ථය ඔබ වෙනුවෙන් සැම විටම ක්රියාත්මකයි. කිසිවක් නොකර සිටින විට සියල්ල ඉටු කර දෙනු ලබයි.
පළමු වැන්නා වීමට තැත් නොකර සිටින විට ඔබ අසම සමයි. තෝරා ගැනීම නොකරන විට ඔබ සියල්ල ආදරයෙන් වැළඳ ගනී. මෘදු බව සියල්ල අභිබවා ජය ගනී.
Me,Diviya Methanin Nawathimi. Sarath Wijesuriya|මේ,දිවිය මෙතනින් නවතමි. සරත් විජේසුරිය

MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳගේ කතාව නොවේ. ඇය නිතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.
ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලනය කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳ කදිම ආදර්ශක් ලබා ගත හැක.
Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.
Journey to the Moon
– මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Mona Magulakda Manda – මොන මගුලක්ද මන්දා

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි