Showing 169–192 of 1322 results

Shop

Kada Walalu | කදා වළලු

රු170.00
or 3 X රු56.67 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව

Kadadahi Gedara | කඩදහි ගෙදර

රු247.50
or 3 X රු82.50 with
කේම්බ්‍රිජ් සරසවියේ ලතින් ඇමෙරිකානු සාහිත්‍යය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරිය ක වන බ්ලුමා ලෙනන්, එමිලි කින්සන්ගේ පද්‍ය සංග්‍රහයක් කියවමින් පාර මාරුවෙමින් සිටියදී, මෝටර් රථයක හැපී මිය යයි. ඇගේ අකල් වියෝවෙන් මාස කිහිපයකට පසු ඇගේ නමට උරුගුවේ රටින් පාර්සලයක් පැමිණෙයි. එය සිමෙන්ති බැඳී දුර්වර්ණ වූ, යමෙකුට පුදන ලද ජෝශප් කොන්රඩ්ගේ නවකතාවකි. බ්ලුමාගේ පෙම්වෘතකු වී සිටී. ඇදගේ වියෝවෙන් හිස්වන ආචාර්ය තනතුරට පත්වන කතානායකයා පොත එවන ලද පුද්ගලයා සොයා බුවෙනෝස් අයර්ස් නුවරට යයි. පොත ඒවා ඇත්තේ කාලෝස් බ්‍රවුවර් නමැත්තෙකි. එහෙත් ඔහු අතුරුදහන් වී ඇත.
ඔහු උරුගුවේ රටේ පාළු වෙරළක, තමන් සතු පොත් වලින් නිවසක් තනාගෙන ජීවත් වන බව දැනගන්නට ලැබෙයි. ඔහු එහි ගියේ ඇයි…. සමාජ ප්‍රහසනයක් මෙන්ම ගුප්ත රසයෙන් පිරි ප්‍රබන්ධයක්ද වන මෙම කෘතිය පොත්වලට අසීමිත ලෙස ඇලුම් කරන්නන්ගේ නෙක ගති සොබා විවරණය කරයි.

kalu Pulli Redda | කළු පුල්ලි රෙද්ද

රු170.00
or 3 X රු56.67 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Kalu Ranjith Sudu Miniseki – කළු රංජිත් සුදු මිනිසෙකි

රු765.00
or 3 X රු255.00 with

” මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ මෙය කියවීාමන් ඉක්බිති එයට ඹබගේ ජීවිතයට කුමන හෝ සාධනීය යමක් උකහා ගැනීමය යන්නය”
– රංජිත් දිසානායක

Kalu Usa Manussayek | කළු උස මනුස්සයෙක්

රු405.00
or 3 X රු135.00 with

කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සු‍ව්ශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.

මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ පංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග්‍රහණය කර ගනිමිනි.

නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප්‍රින්ස් සේනාධීර කළු උස මනුස්සයෙක් කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රකට කරන ප්‍රතිභාව ප්‍රශස්තය.

Kandak Sema | කන්දක් සේමා

රු1,350.00
or 3 X රු450.00 with

නූපා ජපානයේ නීගතාවට අරුමය බලන්න නෙවෙයි. යන්නේ සකුරා මල් පිපුණු

තමුන්ගෙ රටේ සමාජ ආර්ථික යයි, සංස්කෘති යයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.

සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

Kande weediya – කන්දෙ වීදිය

රු382.50
or 3 X රු127.50 with

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත් ‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි. ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.

Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ

රු540.00
or 3 X රු180.00 with

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.

Kantharaye Kandulu – කාන්තාරයේ කඳුළු

රු595.00
or 3 X රු198.33 with

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.

Kantharaye Kusuma – කාන්තාරයේ කුසුම

රු1,020.00
or 3 X රු340.00 with

එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව

Kara Bugaz – කාරා බුගාස්

රු382.50
or 3 X රු127.50 with

මුහුදු ගමන් මාර්ග විස්තර වාර්තා මෙන්ම , විවිධ යුගවල ලේඛකයින් විසින් කරන ලද සොබාදහම ගැන වර්ණනයන් දීර්ඝකාලීන ව හැදෑරූමට, සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන හැගීම් විවිධ යුගවල දී කොහෙත්ම ඒකාකාරී නොවන බව ඒත්තු ගත හැකි විය.

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,975.00
or 3 X රු991.67 with

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

 

කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…

“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”

– සුවහස් මනරු හැඩපත්විල –

*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

Romance, LGBTQIA+, New Adult

Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

රු360.00
or 3 X රු120.00 with

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.

ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.

Kids and Cubs

රු540.00
or 3 X රු180.00 with

Kids Promotional Book Pack

රු3,280.00
or 3 X රු1,093.33 with
මේ දිනවල නිවසේ ඉන්න දරුවන් වෙනුවෙන් වටිනාම වූ පොත් 4ක් 20%ක වට්ටමක් සමගින් ලබා ගන්න. සියලුම පොත් Hard Cover ප්රමිතියෙන් වර්ණ පිටු සහිතව මුද්රණය කර තිබේ.
සාමාන්ය මිල –
1. ලස්සන වසිලිස්සා රුසියන් සුරගන කතා එකතුව – රු. 800/=
2. කතන්දර හා පින්තුර – රු. 1500/=
3. ගණිත විනෝදය – රු. 800/=
4. ළමයිනට ඉර හද තාරකා ගැන කතා – රු. 1000/=
වෙබ් අඩවියෙන් ඇනවුම් කිරීම සදහා www.rasakatha.lk
පොත් 04 සාමාන්ය මිල – Rs. 4100/= විශේෂ 20% වට්ටම සමග පොත් 04 මිල Rs. 3280/= වේ.

Koggala Nilame 1 | කොග්ගල නිලමේ 1

රු351.00
or 3 X රු117.00 with
1956 වසරේදි පළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණු රට උපත ලැබ බදුලූ දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.
මේ ඒ සම්බන්දව කෙරුනු පරීක්ශනයේ කතාවයි.
වසරකට වැඩි කළක් ‘සිතුමිනි’ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ එකතුවයි.